කෞතුකාගාරයේ අභිරහස 2
අපිට පුළුවන් වුණා ඉක්මනින්ම කෞතුකාගාරය වෙත ළගාවෙන්නට.ඉස්සෙල්ලාම රථයෙන් බිමට බැස්සෙ හොප්කින්ස් මහත්මය ,ඊළඟට මමත් හෝම්ස් සමඟ බැස්සා .සිරිල් මහත්මය අන්තිමට තමා රථයෙන් බැස්සෙ. ඊළඟට අපි ගියේ කෞතුකාගාරධිපති කොලෝනියල් සාමිවරයා හමුවෙන්න . එතුමා ඉතාමත් උණුසුම් ලෙස අපිව පිළිගත්තා .
" ඔක්කොමත් ඉස්සෙල්ලා අසුන් ගන්න මහත්වරුණි ,සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා , හෝම්ස් මහත්මයාගේ පැමිණීම මට ලොකු සහනයක් ,මොකද මේක මගේ ගෞරවයට වගෙම කාර්ය මණ්ඩලයෙ ගෞරවයටත් බොහොම තදින් බලපෑමක් වෙනවා .මෙච්චර කාලයකට මෙහෙම සිදුවීමක් සිද්ද වෙලා නැහැ , කිසිම හොරකමක් මේ ආයතනයේ සිදුවෙලා නැහැ . සිරිල් මහත්මය කිව්වා ඔබට මේ පරීක්ෂණය භාර දෙන්න යනවා කියලා .එහෙම නොවුනා නම් අනිවාර්යයෙන්ම මම ඔබතුමා හමුවෙන්න පුද්ගලිකව එන්නයි හිටියෙ " සාමිවරයා කිව්වා .
" බොහොම ස්තුතියි ,සාමිතුමණි, මට පළමුවෙන්ම දැනගන්නට වුවමනා වෙනවා ඔබේ ආයතනයේ ආරක්ෂාව පිළිබඳව අරගෙන තියෙන්නෙ මොනවගේ ක්රියාමාර්ගයක් ද ? කියලා ", හෝම්ස් කිව්වා .
" සියල්ලක්ම ඉතාමත් තදින් ආරක්ෂක ක්රමවේද අනුගමනය කරන්න කටයුතු කරලා තියෙනවා ,විශේෂයෙන්ම පෞරාණික භාණ්ඩ තියෙන නිසා ඒවා අඩංගු අල්මාරි අගුලු දාන්නේ අපේ ආයතනයේ ඉහළ නිලධාරීන් දෙන්නෙක් එකතු වෙලා විතරයි .ඒ ඒ අංශයේ ප්රධානියා සහ සහායක නිලධාරියා එකිනෙක අල්මාරි අගුලු දාන්නේ. කිසිම අවස්ථාවක එක්කෙනෙක් විතරක් අගුලු දාන්නේ හෝ විවුර්ත කරන්නේ නැහැ . කෞතුකාගාරය උදේ 8.00 ට විවුර්ත කරන්නේ .සවස 5.00 ට වහනවා .නමුත් සමහර විට නරඹන්නන් ප්රමාද වීම නිසා සවස 5.30 දක්වා අපිට ප්රධාන දොර විවුර්තව තියාගන්න වෙන අවස්ථාවන් තියෙනවා .ඊයේ එහෙම දවසක් .අවසන් නරඹන්නන් තුන් දෙනෙක් විනාඩි 20 ක් විතර ප්රමාද වුණා .සවස 5.22 ට ප්රධාන දොර වහන්න පුළුවන් වුණා .සිරිල් සමඟ ඔහුගේ සහායක ජෝශප් ඒ අංශයේ සියලුම අල්මාරි වැසූ බවට මම දැනුවත් කළේ ඊයේ 5.20 ට පමණ . කෞතුකාගාරය වැහුවාට පස්සෙ පැය දෙකෙන් දෙකට සංචාරක පොලිස් නිලධාරීන් කෞතුකාගාරයේ ඉදිරිපස සහ පසුපස දොරවල් අසල එල්ලා තිබෙන පොලිස් සටහන් පොත් වල අත්සන් තබනවා . ඊට අමතරව කෞතුකාගාරයේ ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් ඉදිරිපස සහ පිටුපස කුඩා කුටි දෙකක ස්ථානගත කරලා තියෙනවා . ඒවා තමා ආරක්ෂක විධිවිධාන "
සාමිවරයා පැහැදිලි කළා .
"මට දැන් බලන්න ඕනෑ ඔබතුමා ලග තියෙන දොර යතුරු ඔක්කොම "
හෝම්ස් කිව්වා .
"මෙන්න තියෙනවා ඔක්කොම යතුරු , මේ තියෙන්නෙ ප්රධාන ඉදිරිපිට දොරේ යතුර. මේවා රාජකීය කෞතුක භාණ්ඩ අංශයේ යතුරු , මේ කුඩා යතුරු කැරැල්ල තමා ඒ අංශයේ අල්මාරි වල යතුරු " . කොලෝනියල් සාමිවරයා පැහැදිලි කළා .
"මට බලන්න ඕනෑ පිටුපස දොරවල් වල යතුරුත්"
හෝම්ස් කිව්වා .
යතුරු සියල්ල හෝම්ස් ඉතාමත් පරීක්ෂා කාරී දෙනෙතින් සියුම් ලෙස අත් කාචයේ උපකාරයෙන් පරීක්ෂා කළා. අවසන් කිරීමෙන් අනතුරුවයි ඔහු කිව්වේ දොර ජනෙල් ටිකත් පරීක්ෂා කරන්න ඕනෑ කියලා . අපි සියලුම දෙනා කෞතුකාගාරයේ දොර ජනෙල් පරීක්ෂා කරන හෝම්ස් දිහාව බලාගෙන හිටියා .ඔහු ක්රමානුකූලව එකිනෙක අගලෙන් අගලට ඔහුගේ අත් කාචයේ උපකාරයෙන් පරීක්ෂා කළා. අන්තිමේ ඔහු පිටුපස දොර ලග නතර වුණා .
" මේ අගුල කිසිවෙක් අරින්න උත්සාහ කරලා තියෙනවා , බොහෝවිට හොර යතුරකින්. මට පෙනෙන්න තියෙනවා යතුරු සිදුර අසළ සීරීම් හතරක් ,ඒවා ඉතාමත් සුළු උනත් සැළකිය යුතු තරම් වටිනවා. "
හෝම්ස් කිව්වා.
ඊට පස්සෙ ඔහු බිම දිගේ දනගාගෙන යමින් අත් කාචයෙන් පොළොව පරීක්ෂා කළා. හදිසියේම හෝම්ස් අල්මාරි දෙකක් අතර තිබුණ යම්කිසි දෙයක් වෙත අවදානය යොමු කරන බව පෙනෙන්න තිබුණා. ඔහු එතැනින් ඉවතට ගත්තේ කුඩා ගුලියක් වගේ අතින් පොඩිකර තිබුණ හෝටලයක බිල්පතක් . ඒක ඔහු ඉතාමත් අවදානයෙන් යුතුව පරීක්ෂා කළා .ඊට පසුව එය ඔහුගේ සටහන් පොතෙහි පිටු අතර දැම්මේ ,
" මේක එච්චරම වැදගත් එකක් නොවෙන්න පුළුවන් , නමුත් නොසළකා හරින්නට හොඳ නැහැ " කියලා .
නැවත ඔහු පිටුපස දොර අසළ තිබුණ පාපිස්ස හොදින් පරීක්ෂා කළා. එහි රැදී තිබුණ රතු පැහැති මැටි ස්වල්පයක් ඔහුට දකින්නට ලැබුණා .ඉතාමත් පරිස්සමෙන් ඔහු ඒවා සාක්කුවේ තිබුණ කඩදාසියකට එකතු කළා .ඊළඟට ඔහුගේ අවදානය යොමු කරන්න ඔහු තෝරා ගත්තේ ඔටුන්න තැන්පත් කරලා තිබුණ කුඩා කබඩි එක .එහි අගුල පිළිබඳව ලොකු උනන්දුවක් දැක්වූ හෝම්ස් එයාගෙ අත් කාචයෙන් පවා ඒක පරීක්ෂා කළා . අන්තිමට ඔහු තීරණය කළේ අලුතින් නිර්මාණය කරලා තියෙන යතුරකින් අගුල විවුර්ත කරලා තියෙන බවයි .
" වොට්සන් ,අපිට තියෙනවා මුර කරුවන් ගෙන් ප්රශ්න කරන්න. අපිට ඒ සදහා ඔවුන් කැදවාගෙන එන්න කියන්න "
හෝම්ස් මට කිව්වා .මම ඒ බව සිරිල් මහත්මයාට දැනුම්දුන්නා. ඉතාමත් ඉක්මනින් ඔවුන් ඔහුගේ කාර්යාලය වෙත කැදවාගෙන එන්න සිරිල් මහත්මය පොරොන්දු වුණා .මම ඒ බව හෝම්ස්ට කියන්නට එද්දී ඔහු පිටුපස දොර අසළ හොදින් පරීක්ෂා කරමින් හිටියා .කෞතුකාගාරයෙන් පිටත ඇති තණකොළ වැවුණු පෙදෙස ඔහුගේ අවදානය යොමු කරමින් සිටි හෝම්ස් මා සමඟ ආපසු සිරිල් මහත්මයගේ කාර්යාලය වෙත ගමන් කළා .අපිට එහිදී සාමාන්යය ඇදුම් ඇදගෙන සිටින දෙදෙනෙක් හමුවුණා .සිරිල් මහත්මයා ඔවුන් අපට හදුන්වා දුන්නා .
" මේ ඉන්නෙ රාත්රීයට ආරක්ෂාව සපයන කෞතුකාගාරයේ ආරක්ෂක නිලධාරීන් තමා . මේ බැසිල් ඉන්නෙ ඉදිරියේ තියෙන කුටියේ. පෙපිනෝ මුර කරන්නේ පිටුපස පැත්ත.කුඩා කුටියක් තියෙනවා ඔහුටත් ඒ පැත්තේ ."
සිරිල් මහත්මය ඔවුන් හදුන්වා දුන්නා
Auther - සොලමන් පෙරේරා
Comments
Post a Comment