කෞතුකාගාරයේ අභිරහස 3
හෝම්ස් පළමුවෙන් සාකච්ඡාව කරන්නට කැමති වූයේ පෙපිනෝ නමැති ආරක්ෂක නිලධාරියා සමඟයි.
" පෙපිනෝ මහත්මය ,මට කියන්න ඔබ ඊයේ රෑ වැඩ මුරය අතරතුර නොකඩවා මුර සේවයේ යෙදුනාද කියලා "හෝම්ස් ඔහුගෙන් ප්රශ්න කළා .
"ඇත්තටම හෝම්ස් මහත්මය මම සවස 6.00 ට තමා වැඩ මුරය ආරම්භ කළේ . ඊට පස්සෙ රාත්රී කෑම ගැනීම සදහා මගේ මිතුරු විල්සන් සමඟ සුපුරුදු විදියට අපේ කෑම ගැනීමට වෙන්කර තියෙන කෞතුකාගාරයේ පසු කොටසෙහි තිබෙන කාමරයට ගියා .දෙන්නාම සාමාන්යයෙන් කතා බහ කරමින් කෑම ගත්තේ කිසිම වෙනසක් නැතිව . අපිට කිසිම සද්දයක් ඇහුනෙත් නැහැ .විනාඩි 45 ක් විතර යද්දී නැවත පුරුදු තැන්වලට ආවේ .ඊට පස්සෙ නොකඩවාම මට නියමිත කුටියේ සහ ඒ අසළ පාන්දර 3.00 පමණ වෙනතුරු හිටියා. ඒ වෙලාවට මම කෝපි එකක් බොන්න කේතලයකින් වතුර රත් කරලා මගේ මිතුරාටත් කෝපි බොන්න කතා කළා. නමුත් ඔහු පෙන්නන්න හිටියෙ නැහැ .මම ඔහු ගැන හොයන්න ඒ පැත්තට ගිහින් බැලුවා. ටිකක් සොයද්දී ඔහු කෞතුකාගාරය අසළ වැටිලා ඉන්නවා දකින්නට ලැබුණා. මම ළඟට ගිහින් ඔහුව ඔසවලා වාඩිකළා. ඊට පස්සෙ ඔහු මට කිව්වේ එක්වරම ක්ලාන්ත වුණා කියලා . මම කෝපි එකක් ගෙනැවිත් ඔහුට බොන්න දුන්නා ."
" බාදා කරනවට සමාවෙන්න මහත්මය ,මට කියන්න විල්සන් වැටිලා හිටියෙ හරියටම කොතැනද ?"
හෝම්ස් ඇහුවා.
" හෝම්ස් මහත්මය ,ඔහු වැටිලා හිටියෙ ඔහුගේ කුටියට පිටුපස තණකොළ වැවුණු පෙදෙසේ . මට පුළුවන් හරියට තැන පෙන්නන්න "
"හොඳයි , අපිට පුළුවන් ඒක පස්සෙ බලන්න .දැන් ඉතුරු විස්තර කියන්න "
හෝම්ස් කිව්වා .
"ඊට පස්සෙ මම ඔහුගේ කුටියේ ඔහුව හාන්සි කරලා ළඟට වෙලා පැයක් විතර හිටියා . ඔහුගේ ක්ලාන්ත ගතිය නැති වුණාම මම ආපසු මගේ තැනටම ආවා. එතකොට වෙලාව උදේ පාන්දර 4.30 විතර ඇති . ඊට පස්සෙ මම උදේ 6.00 වෙද්දී සේවා මුරය අවසන් කරලා ගෙදර ගියා ."
පෙපිනෝ ඔහුගේ අත්දැකීම විස්තර කිරීම අවසන් කළා
බැසිල් මහත්මය , මට කියන්න ඊයේ රාත්රී ඔබේ වැඩ මුරය ආරම්භයේ පටන් කොහොමද අවසන් වෙනතුරු ගතකළේ කියලා ".
" හෝම්ස් මහත්මය ,මම ඊයේ සවස 6.00 ට වැඩ මුරය ආරම්භ කරලා මගේ පුරුදු කුටියේ රාත්රී 8.00 වනතුරු හිටියා .ඊට පස්සෙ පෙපිනෝ එක්ක රෑ කෑම ගන්න ගියා .අපි හැමදාම එහෙම තමා කෑම ගන්නේ. කතා කරමින් අපි කෑම කෑවා. විනාඩි 45 ක් විතර එහෙම ගතවෙන්නට ඇති . ඊට පස්සෙ මම ආපසු ඉදිරිපස මගේ කුටියට ආවා. ටිකක් වෙලා යද්දී මට ටිකක් කම්මැලිකම යන්න එක්ක පාර පැත්තට ඇවිදගෙන ගියා .හැබැයි කෞතුකාගාරයේ දොරවල් පෙනෙන මානයෙන් ඈතට ගියේ නැහැ .මට මගේ පැරණි යාලුවෙක් මුනගැසීමෙන් මම ටිකක් පුදුම වුණා. ඔහුත් සමඟ මම අවුරුදු 12 කට විතර ඉස්සර එකම ආයතනයක සේවය කරලා තියෙනවා .ඉතිං ටිකක් විස්තර කතා කරමින් හිටියේ කෞතුකාගාරයේ ඉදිරිපිට . ඊට පස්සෙ ඔහු මට සුරුට්ටුවක් දුන්නා . හැබැයි ඒ වෙලාවෙ මගේ ළඟ හෝ ඔහුගේ ළඟ ගින්දර තිබුණේ නැහැ . මම ඒක පස්සෙ බොන්න තියාගත්තා .ඔහු මට සුබ රාත්රීයක් වේවා කියලා යන්න ගියා . මම කුටියේ තිබුණ ගිනිපෙට්ටිය අරගෙන සුරුට්ටුව පත්තු කරලා එළියට ගිහින් ඒක බිව්වා. ටිකක් සැර ගතියක් තිබුණත් ඒක හොඳයි .හැබැයි පොඩි වෙලාවක් යද්දී මට හිස කැරකෙනව වගේ දැනුනා . ක්ලාන්ත වෙලා මම වැටිලා තියෙනවා .මම ඒක දන්නේ පෙපිනෝ මාව සනීප කළාමයි. ඊට පස්සෙ අපි ටිකක් වෙලා කතා කරමින් ඉදලා පෙපිනෝ ඔහුගේ කුටියට ගියේ උවමනා වුනොත් කතා කරන්න ඕනෑ කියලා . නමුත් ඊට පස්සෙ උදේ 6.00 වෙනතුරු සුපුරුදු විදියට රාජකාරි කළා .මම උදේ ආපසු ගෙදර ගියා . කෞතුකාගාරයෙන් කැදවීමක් නිසා ආපසු ආවාම තමා දන්නේ මෙහෙම සිදුවීමක් වුණා කියලා "
හෝම්ස් කිසිම බාදා කිරීමකින් තොරව ඔහුගේ විස්තර අහගෙන හිටියා .ඔහුගේ පයීප්පය දල්වාගෙන ඔහු නැවත බැසිල් මහත්මය ගෙන් මෙහෙම ඇහුවා.
" ඔබේ මිතුරා කොහෙද ඉන්නේ ? ඔහු දැනට වැඩ කරන්නේ කොහෙද ?
"හෝම්ස් මහත්මය , ඔහුගේ ගෙදර නම් තියෙන්නෙ සසෙක්ස් කිට්ටුව .නමුත් දැන් ඔහු වැඩ කරන්නේ හර්ලි වීදියේ දොස්තර මහත්මයෙක් ගේ බෙහෙත් සාප්පුවක කියලා කිව්වා. හොඳ වැටුපක් ලැබෙන බවත් සදහන් කළා. හැබැයි මම දොස්තර මහත්මය ගැන හෝ ඔහුගේ නවාතැන ගැන විස්තර ඇහුවෙ නැහැ ."
" ඔබට දැන් හිසේ අමාරුවක් එහෙම දැනෙන්නේ නැද්ද " හෝම්ස් ඇහුව .
"නැහැ හෝම්ස් මහත්මය .කිසිම අපහසුවක් නැහැ " ඔහු කිව්වා .
" හොප්කින්ස් , එහෙම නම් දැනට මේ අයව ගෙදර යවන්න . මට පසුව පුළුවන් වැඩිදුරටත් කරුණු විමසා බලන්න. ඔබේ රාජකාරි කරන්න ට ඔබටත් පුළුවන් ඔබේම ක්රම වේද යොදාගන්න ."
" එහෙම කියන්න එපා හෝම්ස් මහත්මය , මම ඔබට ආරාධනා කළේම මට යායුතු කුමන හෝඩුවාවක් ඔස්සේද කියලා දැනගන්නට නෙ."
"කොහොමද හොප්කින්ස් , මෙච්චර ඉක්මනින් ඔබට හෝඩුවාවක් දෙන්නේ ? නමුත් මම කියන්නේ ඉක්මන් තීරණයන් ඔස්සේ කිසිවෙක් අත්අඩංගුවට ගන්න එපා. හවසට බේකර් වීදියේ අපේ කාමරය තුළ මාවත් වොට්සන් වත් හමුවෙන්න ඔබට මම ආරාධනා කරන්නම්."
හෝම්ස් කිව්වා .
Auther- solamam perera
Comments
Post a Comment