5
"එහෙම හැමෝටම මගේ ළඟ තියෙන තොරතුරු කියන්න මම ලැහැස්ති නැහැ ,පොලිස් නිලධාරී තුමා , මම ඒවා කියන්නේ ශර්ලොක් හෝම්ස් මහත්මයට විතරයි ,එහෙම නැත්නම් මම යනවා යන්න "
ඔහු කිව්වා ." මහා රාජිනියගේ නාමයෙන් මට පුළුවන් ඔබ අත් අඩංගුවට ගන්න , ඊට පස්සෙ ඔබට සිද්ද වෙන්නෙ ඔක්කොම රහස් එළියට දාන්න .ඊට වඩා හොඳ නැද්ද කැමැත්තෙන් කිව්වොත් ?"
හොප්කින්ස් ඔහුගේ බලය ප්රකාශ කළා .
" මම ආවේ වැදගත් මහත්මයෙක් ලෙස නම් දරාපු ශර්ලොක් හෝම්ස් මහත්මයට තොරතුරු ටිකක් කියන්න මිසක් පොලිසියට ගතු කියන්න නොවෙයි . මම යනවා යන්න "
ඔහු නැගිටලා යන්න සූදානම් වුණා .හොප්කින්ස් දොර වහලා ඔහුව අවහිර කරන්න උත්සාහ කළා. මම හොප්කින්ස්ට කිව්වා ටිකක් ඉවසීමෙන් හෝම්ස් එනතුරු ඉන්න ඕනෑ කියලා .
" එහෙම නම් ඔය මහත්තුරුන්ට තියෙන්නෙ පොඩ්ඩක් පුද්ගලිකවම සාකච්ඡාකරලා තීරණයක් ගන්න. මම මෙතැන ඉන්නම්" ඔහු කිව්වා .
මම හොප්කින්ස්ට කිව්වා
"මේ තැනැත්තා හෝම්ස් හදුනන කෙනෙක් වෙන්න ඕනෑ , අපි ඔහුට කරදර කළොත් හෝම්ස් කැමති නොවෙන්න පුළුවන් . ඉතිං කොහොම හරි අපිට තියෙන්නෙ පුළුවන් තරම් ප්රමාද කරන්න විතරයි ".
අපි කතා කළේ කාමරයෙ කෙළවරට ගිහින් බොහොම හෙමින් .
" වොට්සන් ,හොප්කින්ස් ඔබ දෙදෙනටම සුබ සැන්දෑවක්. කොහොමද අලුත්ම තොරතුරු ?"
හෝම්ස් ගේ ගැඹුරු කටහඩින් අපි තිගැස්සුනේ එක වරටම .දෙන්නාම බැලුවේ ඒ හඩ ආව පැත්ත. සෝපාවේ හිනැහෙමින් හිටියෙ හෝම්ස් .
" කෝ දැන් මෙතැන හිටපු මිනිහා ?"
හොප්කින්ස් ඇහුවා .
" කළබල වෙන්න වුවමනා නැහැ , එයා මෙන්න මේ බෑග් එකේ ඉන්නවා .හෝම්ස් උත්තර දුන්නා .
හෝම්ස් ඉතාමත් රහසින් ඔහුගේ පිට කබාය අරගෙන ඇදගෙන තිබුණේ රස්තියාදුකාරයෙකු ගේ ඇදුමට උඩින් .ඇත්තටම ඇවිල්ලා තිබුණේ හෝම්ස් බව දුටු අපිට ලැජ්ජාවෙන් පරාජය බාරගන්න සිද්ද වුණා .
මීට පෙර අවස්ථාවන් කීපයක් මා මෙවැනි අත්දැකීම් ලබා තිබුණා වුණත් හැමදාම හෝම්ස් දිණුම ලැබුවේ ඔහුගේ තාත්වික රගපෑම් නිසා .
" අපිට නම් කියන්න තරම් අලුත් තොරතුරු නැහැ ,හැබැයි ඔබට නම් අනිවාර්යයෙන් කියන්න පුළුවන් වෙයි "
හොප්කින්ස් ඇහුවා .
" මම උදේ ඉක්මනින්ම ලැහැස්ති වෙලා ගියා කෞතුකාගාරය කිට්ටුව අතුරු පාරවල්වල කොහෙද රතුපාට මැටි තියෙන්නෙ කියලා බලන්න. මෙන්න තියෙනවා මම පාපිස්සෙන් ගත්ත මැටි ස්වල්පයක් එක්ක හරියටම ගැලපෙන මැටි ටිකක් .හොප්කින්ස් බලන්න ඒවා හොදින් ගැලපෙනවාද නැද්ද කියලා "
හෝම්ස් මැටි ටිකක් අපිට පෙන්නුවා .
" මේවා නම් ඒ මැටිම තමා. ඔබට කොහෙන්ද මේවා ලැබුණේ "
ලැබුණේ නැහැ ,හොප්කින්ස් ,මම හොයාගත්තේ බොහොම මහන්සි වෙලා .ඊට පස්සෙ මම ඒ පාරෙන් ගියා තවත් ඉදිරියට. රැකියාවක් හොයාගන්න උත්සාහ කරන කෙනෙක් වගේ ගොඩක් මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන් වුණා. යම් යම් ක්රම වේද යොදාගන්න මට පළපුරුද්දක් තියෙනවා .ඒවා අනුව මම ඇහුවා කෞතුකාගාරයේ වැඩ කරන විලියම් ඉන්නෙ මේ කිට්ටුව නේද ? කියලා කටකාර ගැහැණියකගෙන්.
" විලියම් කියලා කෙනෙක් නම් මම දන්නේ නැහැ ,හැබැයි කෞතුකාගාරයේ මුර කරන්න ඉන්න පෙපිනෝ නම් ඉස්සර හිටියෙ අන්න අර ගෙදර , මාස තුනක් විතර වෙනවා කොහේහරි ගෙයක් අරගෙන ගිහින් .දැන් නම් මම දන්නා කවුරුත් කෞතුකාගාරයේ වැඩ කරන අය මේ කිට්ටුව නැහැ ."
" එයාගෙන් මට වැඩක් නැහැ ,මම හොයාගන්න උත්සාහ කළේ විලියම්ව. එහෙම නම් මම යනවා ,"
කියලා මම එතැනින් මාරු වුණා . ඉතිං මම ගියේ පෙපිනෝ ඉස්සර හිටියා කිව්ව ගෙදරට .එතැනදී මම ඇහුවෙ මොකක් හරි වැඩක් හොයාගන්න පුළුවන් තැනක් තියෙනවාද කියලා . ඒ ගෙදර ඉන්නෙ වයස අවුරුදු 55 ක් විතර වෙන මනුස්සයෙක්. මිනිහා මම යද්දී හිටියෙ කපාපු මැණික් ගලක් ඔප දමමින් . ඔහුගේ රැකියාව තමා ඒක . මට ඔහු කිව්වේ මේ දවස්වල රස්සාවක් හොයන්න අමාරුයි තමා , නමුත් මැණික් ගරන්න පුළුවන් නම් රැකියාවක් හොයාගන්න උපකාර කරන්න පුළුවන් වෙයි කියලා. මම ඒ ඔස්සේ ටිකක් වෙලා කතා කරලා ඇහුවා පෙපිනෝ ගැන දන්නවද ? වගේ විස්තර . කිසිම වෙනසක් නැතිව පෙපිනෝ ඔහුගේ දුර නෑදෑයෙක් බවත් නෑකම තියෙන්නෙ පෙපිනෝගේ බිරිඳ නිසා බවත් ,පෙපිනෝ කුඩා අවදියේ ඉතාලියෙන් පැමිණි කෙනෙක් සහ ඔහුගේ මවුපියන් ඉන්න තැන් පවා ඔහුගෙන් මට දැනගන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ . අන්තිමේ මම මැණික් ගරන්න පළපුරුද්දක් නැති නිසා ඒක ගැන උනන්දුවක් නැති බව පෙන්නලා ආවා .හැබැයි එකිනෙක නොගැලපෙන පුරුක් කීපයක් මගේ අතට ලැබුණා. ගහක් මුල වාඩිවෙලා පයීප්පය දල්වාගෙන මම කල්පනා කළා කොහොමද මේවා පුරුද්දන්නෙ ? කියන කාරණය .
ටිකක් වෙලා ගිහින් මම තීරණය කළේ මේවා එකිනෙක ගැලපෙන්නේ නැති බවයි . මේවා පසුපසින් තව දුරටත් යාමෙන් කිසිදු ප්රගතියක් ලබන්නට නොහැකි බව තීරණය කරන්න මට සිදුවුණා . මගේ සාර්ථක වීම් වගෙම අසාර්ථක වීම් ඔබට දැන්වීම මගේ යුතුකමක් .ඊළඟට තිබුණේ මට සොයාගැනීමට හැකිවූ පෑන පිළිබඳව තොරතුරු ටිකක් අනාවරණය කරගන්න උත්සාහ කිරීම විතරයි . නමුත් ඒකත් ඉතාමත් සීමිත කරුණු කීපයක් මත කරන්න සිදුවීම ලොකු අභියෝගයක් වුණා .නැවත නැවතත් කල්පනා කිරීමෙන් මට මතක්වුණෙත් ඒක වැදගත් උගත් කෙනෙක් භාවිතා කරන්න ඇති එකක් වගෙම ඔහුගේ වයස අවුරුදු 50-60 ක් විය හැකි අතර ධනවත් කෙනෙක් බවයි .මම ඊට පස්සෙ ගියේ කොලෝනියල් සාමිවරයාගේ නිවසට .නමුත් මා හදුනාගන්නට නොහැකි බව මට හොදින්විශ්වාසයක් තිබුණා. වත්තේ වැඩ කරන සේවකයකුගෙන් මම ඇහුවා මොනවා හරි කම්කරු වැඩක් හොයාගන්න පුළුවන්ද කියලා. ඔහු එක්වරම කිව්වේ පුළුවන් වෙයි නමුත් කරන්න තියෙන්නෙ ගස් කප්පාදු කරන්න කියලා . වත්ත වටේටම තියෙනවා යූ ගස් පේලියක් .ඒවා එකම මට්ටමින් කපන්නට පුළුවන් නම් කුළියට පැන්ස 60 ක් ගෙවන්නට නිවසේ සාමිවරයාගේ බිරිඳ කැමති බවත් ඔහු කිව්වා .පෙරදා කෙනෙක් සොයාගෙන එන්නට ඔහුට කී බවත් ඔහු කිව්වා . මම කැමති වුණා .ඕනෑ වැඩක් කරන්න සූදානම් කෙනෙක් මම . පළමුවෙන් මම ඉල්ලුවේ හොඳ කැපෙන පිහියක් . ඔහු ඉක්මනින්ම ගෙනාවේ ලොකු මන්නා පිහියක් සමඟ තේ කෝප්පයක් සහ සැන්ඩ්විච් කීපයක් .
" සාමිවරයාගේ බිරිඳ ඉතාමත් කරුණාවන්ත කෙනෙක් ,එතුමිය කෙනෙක් වැඩක යොදවන්නේ කන්න බොන්න යමක් දීලා විතරයි .එහෙම නෝනා කෙනෙක් කලාතුරකින් තමා දකින්නට ලැබෙන්නේ "
ඔහු කිව්වා .මම සැන්ඩ්විච් එකක් කාලා තේ බොද්දී බොහොම තරබාරු කරුණාවන්ත නෝනා කෙනෙක් එතැනට ආවා .
" ඔහෙගෙ මුහුණ මම දැකලා නැහැ ,මෙහෙ කෙනෙක් නොවෙයි නේද ?"
ඇය ඇහුවා .
" නැහැ ,නෝනා ,මම රස්සාවක් හොයන්න ඇවිල්ලා දවස් දෙකක් වෙනවා .මොකුත්ම හම්බවුනේ නැහැ .මම කූම්බ් ටෙරෙස් පැත්තේ කෙනෙක් "
මම කිව්වේ විස්තර ඇහුවොත් කියන්න පුළුවන් නිසා .
" මේ වැඩේ හරියට කළොත් ඉතිං හැමදාම වුණත් රස්සාවක් දෙන්න පුළුවන් වෙයි , එහෙනම් කරන්න බලන්න ,හැබැයි ගස් ටික නාස්ති කළොත් නම් ඉතිං සාමිතුමාගෙන් බේරෙන්න අමාරු වෙයි "
ඇය පැරණි සේවකයටත් කිව්වා මම වැඩ කරද්දී බලන්න ඕනෑ කියලා ඊට පස්සෙ ඇය යන්න ගියා .
මම ඉතාමත් හොඳින් ගස් කප්පාදු කළා පැය දෙකක් විතර .කැපූ අතු ඉවත් කරන්න ආරම්භ කරලා මම ඊළඟට පැරණි සේවකයට කිව්වා නෝනා ඉන්නව නම් පොඩ්ඩක් කතා කරන්න ඕනෑ කියලා .
ඔහු ඇහුවෙ
"මොකක්ද වුවමනාව ? "
මම ඔහුට කිව්වේ වටිනා යමක් මම ඇහිදලා තියෙනවා ,ඒක බාර දෙන්න ඕනෑ කියලා .
ඔහු තකහනියක් දිව්වා පස්ස පැත්තට . විනාඩි පහක් යද්දී ආවේ නෝනා එක්ක
".ඊයේ මගේ ඇස් කණ්නාඩියත් නැතිවුණා ඔය හරියේ , කෝ ? මොනවාද හම්බවුනේ ,"
ඇය ඇහුවා .
මම ඇයට පෙන්නුවේ මගේ ළඟ තිබුණ පෑන .
" ඊයේ ඉදලා සාමිතුමාගෙන් බේරිල්ලක් නැහැ ඕක මම නැති කරලා කියලා.කොහෙද ඕක තිබුණේ ?"
"හොඳටම විශ්වාසද මේ එතුමාගේ පෑන කියලා "
එහෙම ඇහුවෙ මම .
"ඇයි මට විශ්වාස නැත්තෙ , මේක එතුමාට තෑගි දුන්නේ මම , අපේ විවාහයට අවුරුද්දක් පිරෙන දවසේ ,මේ තියෙන්නෙ අපේ නම් වල මුල් අකුරු "
ඇය මට පෙන්නුවේ පෑන් කොපුවෙ කොටලා තිබුණ K* S අකුරු .
"බොහොම ස්තුතියි ,ඔබට , කුළියට අමතරව පවුම් තුනක් දෙනවා , ඔබේ අවංක භාවයට "
ඇය වහාම ගෙට ගිහින් ආවේ පවුම් හතරක් අරගෙන ,
" ඔක්කොම තියාගන්න. ගස් ටික කපලා තියෙනවා ලස්සනට .කපලා ඉවරයි නම් යන්න පුළුවන් . හෙට ඉඳලා උදේ ඔබේ ඇදුම් එහෙම අරගෙන එන්න ඕනෑ . ඉතුරු අතු ඉති මම ජෝන්ට කියලා අස්කරගන්නම්"
එහෙම කියාපු ඇය සතුටින් නික්මගියා.
"පවුම් හතරක් උපයාගෙන ඉතාමත් වටින හෝඩුවාවක් සිතේ තියාගෙන මම එන්න
ආවා "
හෝම්ස් ඔහුගේ දවසක වැඩ ගැන අපිට විස්තර කළා.
Auther - Solaman perera
Comments
Post a Comment