වේලාව හැන්දෑවේ 6යි.වෙනදට වඩා ඇඟට මාර මහන්සියි.හැමදාමත් වගේ හිතේ වේදනාවෙන්.ඒක දැන් පුරුද්දකට ගිහිල්ලා.

කොලඹ ජොබ් එකට ඇවිල්ලා දැනට මස 9 ක් විතර වෙනවා.මේ මාස නවයට එකම දවසක්වත් එයා එක්ක තත්පරයක්වත් කතා කරන්නවත්,මොහොතක් බලන්නවත් මට පුලුවන් කමක් තිබුනේ නැහැ.

එත් මොහොතක්වත් නැතිව ඉන්න බැරි තරමට මම එයාට ඇබ්බැහි වෙලා.අදින් හරියටම අවුරුදු දෙකකට කලින් දිල්හාරාව මට හම්බුවෙන්නේ අහම්බෙන්.හරිම දුප්පත් පවුලක කෙනෙක් විදියට ඉපදිලා කරුමක්කාර මම ලඟට ආවේ ගිය ආත්මේ එයා කරපු කරුමයක් නිසා වෙන්න ඇති.

======================

මුල්ම හමුවීමේදී වචන දෙක තුනකින් පටන් ගත්ත අපේ සම්බන්ධය දුර දිග ගියේ අපි හිතුවට වඩා ගොඩක් වෙනස් විදියට.මාස දෙකෙන් තුනෙන් එයාට මාවත් මට එයාවත් නැතිව ඉන්න බැරි තරම් අපි ලන් වුනා.

ගෙදරට හොරෙන් හම්බවුන වාර අනන්තයි.දිල්හාරා දුප්පත් වුනත් එයාලගේ දෙමවිපියෝ ගමේ නමක් තියාගෙන හිටපු පිරිසක්.ඉතින් මම වගේ රස්තියාදු කාරයෙක්ට එයාල කැමැත්ත දේවිද?

නැහැ.

ඔයාල හිතුවා හරි.එයාල කවදාවත් මට කැමැත්ත දුන්නේ නැහැ.එ් නිසාමයි අපි දෙන්නා තීරණය කලේ ගෙදරට හොරෙන් අපේ සම්බන්ධය තියාගන්න.

දින සති ගෙවිලා ගියා.අපි දෙන්නා ලන් වුනා.ඒකේ උච්චතම අවශ්ථාව.කවදාවත් හිතුවෙවත් නැති විදියට,කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයකට මුහුන දෙන්න අපි දෙන්නට සිද්ධ වුනා.

දිල්හාරගේ බඩට දරුවෙක් ආවේ අපේ ප්‍රශ්න දෙගුන තෙගුන කරමින්.ආශාව ඉහවහා ගිහින් හිටියේ.ජීවිතයේ තිබුන ප්‍රශ්න වලට පිලිතුරු හොයනවා වෙනුවට අපි දෙන්නාම කලේ ආශාවට වහල් වෙන එක.කාමයට වහල් වෙන එක.

දෙයියනේ.තාම හරි හමන් රස්සාවක් නැති මම දැන් මොනවා කරන්නද? මේඅහිංසක කෙල්ලව අතෑරලා දාන්නද? මම මේ වේලාවේ කරන්න ඕන ඒකද?

==================

මේ කිසිම දෙයක් ගෙදරට නොකියා ඉන්න අපි දෙන්නම තිරනය කලා.අන්තිමට මගේ තීරණය වුනේ හොද රස්සාවක් හොයන් කොලඹ යන එක.දිල්හාරාට පොඩි ෆෝන් එකක් අරන් දීලා මම කොහොම හරි හිත හදාගෙන කොළඹ ගියේ ඉක්මනින්ම සල්ලි ටිකක් හොයාගෙන දිල්හාරාගෙ ගෙදරට ඇවිත් දිල්හාරාව මගේ ලඟට ගන්නවා කියන පොරොන්දුව පිට.

ඒත් හිතපු තරම් අපේ ජීවිතය සුන්දර වුනේ නැහැ.
දවසින් දවස කුසේ ඉන්න දරුවා ලොකු වෙනවා.අපි හංගපු රහස දිල්හාරාගේ ගෙදර අයට දැනගන්න වැඩි දවසක් ගියේ නැහැ.

ගෙදරින් කරන්න පුලුවන් හැම තාඩන පීඩනයක්ම දිල්හාරාට කරලා තිබුනා.ඒ හැම දෙයක්ම හැන්දැවට මට කියන්නේ එයාගේ හිත සම්පුර්ණයෙන්ම නිදහස් කර ගන්න.

ජිවිතය හිතන තරම් සුන්දර නැහැ.පලවෙනි මාසේ නිවාඩුව ලැබුන ගමන් මම දිල්හාරාගේ ගෙදරට ගියේ මගේ කරපිටින් සියල්ලම තියාගෙන දිල්හාරාව මගේ ලඟට ගන්න බලාපොරොත්තුවෙන්.ඒත් හිතපු තරම් හොඳ ප්‍රතිචාරයක් මට ලැබුනේ නැහැ.

එයාට ගෙයින් එලියටවත් බහින්න එයාගෙ දෙමව්පියෝ ඉඩ දුන්නේ නැහැ.මොනවා කරන්නද මම.අඩුම ගානේ එයාගේ මූනවත් බලන්න මට ගෙදර අය ඉඩ දුන්නේ නැහැ.

එදායින් පස්සේ ෆෝන් එකෙන් අපි දෙන්නා කතා කරන එකත් ගෙදරින් තහනම් වුනා.
==============

දින සති මාස ගෙවිලා ගියේ පිස්සුවෙන් වගේ.ජීවිතය මේ තරම් අසුන්දරද.ජීවත් වෙන එකත් එක්ක කලකිරිලා තිබුනේ මටත්.එ්ත් මට ජීවත් වෙන්න තියන එකම බලාපොරොත්තුව දිල්හාරයි,මගේ දරුපැටියයි.ඒ නිසා මම ජීවත් වුනා.

පහුගිය මාස හයක් තිස්සේ මොනවා වුනාද,දිල්හාර මොනවා කරනවා ඇත්ද.

දැන් හොඳටම ඇති මම ඉවසුවා.හොදින් හරි නරකින් හරි මෙදා සැරේ මම දිල්වයි,මගේ බබාවයි එක්ක කොලඹ එනවා.කොලඹ ඇවිත් එයාල දෙන්නත් එක්ක ජීවත් වෙනවා.

==============

වේලාව හවස හතයි.දිල්වයි බබාවයි හැමදාම හීනෙන් දකිනවා.

නිදාගන්න වෙලාව හරි.හෙට උදෙන්ම ගමට යනවා.

==============
උදෙන්ම නැගිටලා දත කට මැදන් ටවුන් එකට ගියා උදේම තියන බස් එකේ ගමට යන්න.එකේ නැග්ගොත් මට දවල් වෙන්න කලින් ගෙදර යන්න පුලුවන්.

බස් එකට නැග්ගේ  දාහක් දේ හිතේ තියාගෙන.පැය දෙකකින් විතර මට බහින්න පුලුවන් වුනා.වෙනදටත් වඩා ඉක්මනින් බස් එක ආවා.දිල්හාරටයි බබාටයි අරන් යන්න පලතුරු ටිකකුත් අරන් මම ගමට යන බස් එකට ගොඩ වුනේ මාරම සතුටකින්.මොකද තව ටිකකින් මට මගේ ජීවිතේ බලාගන්න පුලුවන්.

බස් එකට නැග්ගා විතරයි මම දැක්කේ ඇස් අදහා ගන්නවත් බැරි දෙයක්.බස් එකේ ඉඳගෙන හිටියේ දිල්හාරා.මාස ගානකින් දකින්වත් නොලැබුන එයා එක පාරම මේ විදියට දැක්කම මටත් නොදැනී මගේ ඇස් වලට කඳුලක් ආවා.

"දිල්හාරා..............."

මම කතා කරපු ගමන් එයා මම දිහා බැලුවේ මටත් වඩා පුදුම වෙමින්.
කට කොනකින් හිනා වුනත් ලොකු සතුටක් එයාගේ මුහුනේ තිබුනේ නැහැ.

==============

"කොහෙද මැණික ගියේ........" සුදු ඇඳුමින් සැරසිලා හිටපු දිල්හාරගෙන් අහන ගමන් මම එයාගේ නලල සිපගත්තා.

ඒත් ඒකට උත්තරයක් දිල්හාරගෙන් මට ලැබුනේ නැහැ.එයා මගේ අත අල්ලලා එයාගෙ බඩින් තියාගත්තා.

"ඔව්,එයා අපිව දාලා ගියා...........ගිය මාසේ.........මම බලන් හිටියා ඔයා ඒවි කියලා එයාව බලන්න.........ඒත් ඔයා ආවේ නැහැ"

කියලා දිල්හාරා එයාගේ ඔලුව මගේ උරහිසේ තියන් අඬන්න පටන් ගත්තා.මුලු ලෝකෙම නිහඬවෙලා වගේ මට දැනෙන්න ගත්තා.කිසිම වචනයක් කියන්නවත්, දිල්හාරගේ හිත සනසන්නවත් මානසිකත්වයක් මට තිබුනේ නැහැ.දිල්හාර කියපු දෙයින් මට මම ඉන්න තැනත් අමතක වුනා.ඔයාලට කියන්න ඕන නැහැ මම එවේලේ හිටපු තත්වය.ඒක ඔයාලට කියන්න තරම් විදියක් මම දන්නෙත් නැහැ.ඒකට මට සමාවෙන්න.

බස් එක පිටත් වුනා.
ටිකින් ටික ගමට ලන් වුනා.

"එයා ඔයා එනකන් බලන් හිටියා.අපේ ගෙදර ගිහින්, අපි එයාව බලන්න යමු." දිල්හාර මට එහෙම කිව්වේ සෝ සුසුම් හෙලමින්.

============

බස් එකෙන් බැහැලා අපි දෙන්නම ගියේ  දිල්හාරගේ ගෙදරට.

"අතන අම්මා ඉන්නවා.ඔයා එයා එක්ක කතා කරන්න.මම ඔයා ලඟින්ම ඉන්නවා." දිල්හාරා කිව්වා.ඒකට පිලිතුරක් දෙන්න තරම් මානසික මට්ටමක මම එවෙලේ හිටියේ නැහැ.

===========

ගෙදර කඩුල්ල ඇරගෙන මම දිල්හාරාගේ අම්මා ලඟට ගියේ දිල්හාරා එක්කමයි.

"අම්මේ............." මම කතා කලා.

එයා මම දිහා බැලුවා.ඔව් එයා මාව අඳුන ගත්තා.ඒත් වචනයක්වත් අපි දෙන්නත් එක්ක කතා කලේ නැහැ.

කිසිම දෙයක් නොකියා එයාගේ ඇතුලට ගියා.

============

"අම්මේ, මට අම්මත් එක්ක ටිකක් කතා කරන්න ඕන" මම කිව්වේ ගෙදර දොර ලඟට යන ගමන්.

දිල්හාරාගේ අම්මා ගෙයින් එලියට ආවේ මම දිහා තරහින් බලාගෙන.කිසිම දෙයක් නොකියා අතේ තිබුන හතරට නවපු කොල කෑල්ලක් මගේ අතට දුන්නා.

කිසිම අවබෝධයක් මට තිබුනේ නැහැ ඒ ගැන.හිමින් සැරේ නවලා තිබුන කොලය මම දිග හැරියා.ඒක දිහා බලලා මම හැරිලා බැලුවේ දිල්හාර දිහා.

"මම ඔයාට ආදරෙයි මහත්තයා.හැමදාමත්."

හුලඟත් එක්ක මුසු වූ දිල්හාරගේ හඬත් එක්කම දිල්හාරගේ රෑපයත් හුලගට මුසු වෙලා ගියා.

විපත - 2018.10.29

අම්මා ගෙනත් දුන්න දිල්හාරගේ මරණ දැන්වීමේ තිබුනා.

"එයාල ගියා පුතා.ආයි එන්නේ නැහැ.දරුවා ලැබෙන්න තරම් එයා ශක්තිමත් වුනේ නැහැ.අපි හැමෝටම හොරෙන් එයාල දෙන්නම අපිව දාලා ගියා." දිල්හාරගේ අම්මා කිව්වා.

                              #සමාප්තයි.

                                          Auther- අම්ත් මධුමාල්

Comments

Popular posts from this blog