වලව්වක ඉරනම

 


1986 වසරේ ගම්පහ වවුල් කැලේ නම් ප්‍රදේශයේ සිදු වූ සිදුවීමකි. ප්‍රදේශයේ ජනතාව අතර නම් ඉහත කී ප්‍රදේශය නිතර කතා බහට ලක් වන ප්‍රදේශයකි. නම ගිය පාතාල සමජිකයන්ගේ ක්‍රියාකාරකම්, මහා පරිමාන මත්පැන් ජාවාරම් කරුවන්ගේ ක්‍රියාකාරකම් නිසාත් මේ සුවිශේශි පෙදෙසෙහි නම එකල ඉහලින්ම සටහන් විය. නමුත් මේ කතාව ඔවුන් ගැන නොවේ. මෙම ප්‍රදේශයේ සිට තරමක් ඇතුලට වන්නට පිහිටනුයේ මාගේ මේ කතාවට පාදක වෙන නිවසයි. 

මෙම නිවස දෙමහල් වලව්වකි. මෙහි ජීවත් වනුයේ ගම්පහ ප්‍රදේශයේම ප්‍රසිද්ද දික්කද වලව්වට නෑකම් කියන වලව් පැලැන්තියේම පව්ලකි. මෙහි ප්‍රදානියා ගමේ එවකට හැදින්වූයේ "ලෝරා හාමු" ලෙසය. මෙම පවුලෙහි සමජිකයන් අතර ලොරා හාමු, මුදලි මැනිකේ (ලොරා හාමුගේ බිරිද) සහා ඔහුගේ එකම පුතා පමනි. මීට අමතරව නිවසේ වැඩ කටයුතු සිදු කිරිම සදහා එතනා නම් කාන්තාවකුත් වතු පිටි වල වැඩ සහා වාහනය එලවීම සදහා පොඩි බන්ඩා පුද්ගලයෙකුත් ය. 

(මෙම නම් මොවුන් එකල හැදින්වූ නම් වලට සමාන වන අතර මෙම පවුලේ පුතාගේ නම මම මෙතැන් සිට සදුන් ලෙස හදුන්වමි. මෙය මනක්කල්පිත නමකි.)

 තරුන කාලයේ ඉතා සෙල්ලකාර තරුනයෙකු වු ලෝරා හාමු දැන් තරමක් වියපත් පුද්ගලයෙකි. 

"ලෝරා හමුගේ කොල්ලා ඊයේ රෑ මැරිලලු බන්" එක් දිනක් උදෑසනම ගමේ පැතිරි ගියේ මේ කතාවයි. "කාමරයක් මැද්දේ මැරිලා වැටිලා ඉදලා, එතනා තමයි දැකලා තියෙන්නේ" පෙර ගැමියාගෙන් පිලිතුරැය. 

  " මොකද්ද ගුරැකමක්ද පුජාවක්ද කොරන්ඩ ගිහින් වැරදිලාලු." "මම අහගෙන කියනවා." තවත් ගැමියෙකු කියයි. "ඔය හාමු කාරයත් ඉස්සර කරේ ඔය වගේම වැඩනේ බන්." මේ එක් දිනක් උදෑසනම ගම්මනයේ පැතිර ගිය කතාබහයි.

ගම්මනයේ මෙලෙස කතා පැතිරෙද්දි සිද්දිය වූ වලව්වට ගිය පොලිස් නිලදාරින් පිරිසට දැක ගත හැකි වූයේ අත්බූත දර්ශනයකි. 

තරමක් පැරනි දෙමහල් නිවසක් වන මෙය තරමක් විශාල වත්තක් මද්‍යයේ පිහිටා ඇත. නිවසට ඇතුලු වන විටම හමු වන්නේ විශාල විසිත්ත කාමරයකුත් ඉහල මාලයට යෑම සදහා ඇති කලුවර තරප්පු පෙලකුත් ය. 
පහල මහල පව්ලෙ සැමගේ පාවිච්චිය සදහා බාවිතා කරයි. ඉහල මාලයේ සිටින්නේ සදුන් පමනකි. ඉහල මාලයේ කාමර තුනෙන් එකක් ඔහු බාවිතා කරයි. තව එක කාමරයක් පරන බාවිතා නොකරන බඩු දමා ඇත අනෙක වසා දමාය. 

මරනය සිදු වී ඇත්තේ මෙම කාමරයේය. මරනය සිදු වු කාමරයට ගිය පොලිස් නිලදාරින් දුටුවේ තරමක් වෙනස් ආකාරයේ දර්ශනයකි. මෙම කාමරය සම්පුර්නයෙන්ම වාතය පැමිනීමට හෝ පිටව යා නොහැකි ලෙස ගම් ටේප් යොදා වසා දමා ඇත. සියලුම වාතය පැමිනෙන කවුලු මෙමගින් අසුරා ඇත. 

කාමරයේ මද්‍යයේ එක වෘර්තාකාර කොටසක් හැර ඉතිරි සියල්ලෙහිම තරමක් මහත ඉටිපන්දම් රදවා ඇත. මේ සියල්ල දල්වා තිබි ඇති අතර අඩක් දැවී නිවි ගොස් ඇත. ඉහත කී වෘර්තය මද්‍යයේ ඇත්තේ අපගේ කතානායක සදුන් ගේ මල සිරැරයි. මල සිරැර තරමක් ඇබරි ගොස් ඇති ආකාරයෙන් වැතිර ඇත. මෙම වෘර්තය මද්‍යයේ අමුතු ආකරයක ලෙයින් ලියු අකුරැ සමුහයකි. නමුත් එය කියවිය හැකි භාශාවකට අයත් නොවේ. සදුන්ගේ එක් අතකක් මගින් පපුවට තද කරගෙන සිටින්නේ පැරනි පැහැ ගත් පොතකි. ඔහු අසලම තියුනු පිහියක් සහා ඔහුගේ වම් අත්ලේ කැපුමක්ද ඇත. බැලු බැල්මට මෙහි සිදු වූ දෙය පොලිස් නිලදාරිනට සිතා ගත නොහැකි නිසා ඔවුන් වහාම ප්‍රදාන පරීක්ශක වරයා කැදවීය.
පැමිනි පරීක්ශකවරැන් ඉකමනින්ම සාක්ශී සටහන් කර ගන්නට විය. මේ එම තොරතුරැයි.

"මම උදේ තේක අරන් එද්දි පුන්චි මහත්තයා හිටියේ නෑ කාමරේ. පස්සේ බන්ඩයි මායි මුලු ගේම බැලුවා පුන්චි මහත්තයා හිටියේ නෑ." අන්තිමට තමයි අපි කාමර වල බැලුවේ." එතනා එකදිගටම කියා ගෙන යන්න විය. 

"මම උදේ වැඩකට එලියට ගියා, එද්දි මේ දෙන්නා පුතාව හොයනවා". ලොරා හාමු එතනා හා බන්ඩා පෙන්නා කීය. " සාමාන්‍යයෙන් ඔය කාමරෙ ලොක් කරලා නෑ, එත් අද ලොක් කරලා තිබුන හින්දා තමයි, පොඩ්ඩක් සැක හිතුනේ." "ඇරලා බලනකොට මම දැක්කේ මගේ පුතා." ලෝරා හාමු ඇඩු කදුලෙන් පවසන්නට විය.

"මේ පොත මොකක් කියලාද හිතෙන්නේ ? " ප්‍රදාන පරීක්ශකවරයා ප්‍රශ්නය යොමු කලේ සියල්ලටමය. එක් අයෙකු හෝ කිසිවක් පැවසුවේ නැත. නමුත් ලෝරා හමු අහක බලා ගනීමත්, එතනා බිය වී පොත දෙස බලා සිටීමත් පරීක්ශකවරයා නීරික්ශනය කලේය. 

සියල්ල අවසානයේ සියලු පරීක්ශන සටහන් ඇතැතිව සිටි පරීක්ශක වරැන් පිටව යන්නට විය. පසු දින මරන පරීක්ශන වාර්තාවේ සටහන් වුවේ සදුන් හුස්ම හිරවීමකින් මිය ගොස් ඇති බවකි.

පරීක්ශක වරැන් ඉදිරියේ ප්‍රශ්න රැසකි. පොලිසිය හා සම්බන්ද විවිද අංශ වල දැනමුතු පුද්ගලයන් කිසිවෙකුට මෙම අබිරහස් පොත හදුනා ගැනීමට හො කියවීමට නොහැකි විය.  මෙම පොත කිසියම් ඉපැරනී පුස්කොල පොතක පිටපතකි. මෙම පිටපතද සැහෙන කාලයක් පැරනි බව නම් විශ්වාසය. 

මෙය කිසියම් ගුරැකම් සම්බන්ද දෙයක් බව පොලිසිය සැක කීරිමට විය. 
"මම දන්න ගුරැන්නාන්සේ කෙනෙක් ඉන්නවා  නදා ගුරැන්නාන්සේ කියලා මිනිහා වැඩ කාරයා අපි පොඩ්ඩක් ගිහින් මේ පොත පෙන්නලා බලමුද?" උප පොලිස් පරීක්ශකගේ ප්‍රකාශයත් සමග ප්‍රදාන පරීකශක වරයා එකග උනේ වෙන මගක් නොමැති නිසාවෙනි.
ප්‍රදාන නගරයෙන් තරමක් දුරින් ගමක වෙසෙන මොහු මුලු නගරයේම එකල නම ගිය පුද්ගයයෙකි. සාමාන්‍යය පුද්ගලයාගේ සිට දේශපාලකයන් දක්වා මොහුගෙන් වැඩ කර ගනීමට පැමිනේ. 
එදිනම හවස ප්‍රදාන පොලිස් පරීක්ශකතුමා පිටත් වුයේ මේ ගුරැන්නාන්සේ හමු වීමටය. ඔහු හමු වී මෙම පොත ඔහුට පෙන්වීය.

මෙම පොත දැකීමත් සමග නදා ගුරැන්නන්සේගේ දෑස් දිලිසෙන්නට විය. ඔහු මේ පොත හදුනයි.  

"මේක, පරනම පොතක පිටපතක කොටසක්." මේකෙ මම දන්න තරමට තව කොටසක් දෙකක් තියෙනවා." කාතාව ආරම්බ කල නදා ගුරැන්නාන්සේ, මෙසේ පවසා ඇතුලට ගොස් රැගෙන ආවේ මේ ආකාරයේම පොතකි. 
"මේ තියෙන්නෙ අනික, මේකේ අන්තිම කොටස කොහේ තියෙනවාද කියන්ඩ දන්නේ නෑ." යන්න නදා තමාගේ පොත පෙන්නා කීය. 

"ඔය මහත්තයා කියන විදිහට, ඔය කියන ලමය කරන්න හදලා තියෙන්නේ මැරැන කෙනෙක්ගේ ආත්මයක් ගෙන්නන්ඩ". "ලේ බන්දනයක් කරලා හිර කරපු ආත්මයක් ඒ ලේ උරැමේ තියෙන කෙනෙක්ට විතරයි නිදහස් කරන්ඩ පුලුවන් ". නදා ගුරැන්නාන්සේ කියාගෙන ගියේය. 

"මේකෙ මුල් පොත අවුරුදු දාහක් වගේ පරනයි."  අපේ සීයා මට සාත්තරේ උගන්නලා ඉවර වෙලා මේ එකක් දුන්නේ." මේක මම හිතන්නේ නැති වෙලා තිබුන එක. මමත් හොය හොය හිටියේ." "මේක මේ මැරැන ලමයා ලගට ආව හැටි තමා ප්‍රශ්නේ." නදා කියා හමාර කොට පොලිස් පරීක්ශකවරයා දෙස බැලීය. 

"දැන් මේ ලමයා මැරිලා තියෙන්නේ කොහොමද?". 
ප්‍රදාන පරීක්ශකවරයා තමාට ඇති විශාල ගැටලුව ඉදිරි පත් කලේය. 

"මෙහෙමයි මේ ලමයා මේක කොහොම හරි පරිවර්තනය කරගෙන තියෙනවා." "හැබැයි මේ ලමයට කාරනා කිහිපයක් මග ඇරිලා තියෙනවා." "ඒ තමයි මේ වැඩේ කරන්ඩ දෙන්නෙක් ඔනේ. අපි පුජාව කරලා මේ කියන විදිහට මන්තර මතුරලා,  අපේ ලේ පුජා කලහම මේ ආත්මය අවදි වෙනවා." "එත් මේ ආත්මය අපේ යටතට ගන්න නම් අපි හරි වෙලාවේ බිල්ලක් දෙන්න ඔනේ. මේකට මොන සතාත් ගැලපෙනවා එත් ගොඩක් ගන්නේ කුකුලාව." " නැත්තම් වෙන්නේ මේ අවදි වෙච්ච් ආත්මේ මේ නිදහස් කරන කෙනාව මරන එක."
"දැන් වෙලා තියෙන්නෙත් එක, මේ ලමයා මේක බාගෙට කියවලා තියෙන්නෙ." නදා ගුරැන්නාන්සේගේ මේ ප්‍රකශයත් සමග ප්‍රදාන පරීක්ශකවරයාගේ මුනෙහිද සටහන් වූයේ බියකි. 

"දැන් නරකම දේ ඕක නෙවේ, මේ ගෙන්නපු ආත්මේ දැන් ඇවිත් ඉවරයි." " බොහො වෙලාවට මේ ආත්මේ දැන් ඔය කියන ගෙදරම ඇති". "අනාගතේ මොනවා වෙයිද දන්නේ නෑ මහත්තයෝ." අපේ නදා ගුරැන්නාන්සේ තව දුරටත් කීය.

සියල්ල අවසානෙ ප්‍රදාන පරීක්ශකවරයා ආපසු ඒමට හැරුනෙ කුමක් කල යුතු දැයි සිතා ගත නොහැකිවය. 

මේ සියල්ල ප්‍රදාන පරීක්ශක දැන්වුයේ තමාගේ දෙපාර්තමේන්තුවේ ප්‍රදානියාටය.
"දැන් මෙහෙමනේ අපිට මේවා ඔය විකාර ගුරැකන් විදිහට කියලා පරීක්ශන කරන්ඩ බෑ. ඔන්න ඕක සිය දිවි නසා ගැනීමක් කියලා ලියනවා." "වෙන කරන්න දෙයක් නෑ" යන්න ප්‍රදානියගේ නියෝගය විය. 

නියෝගයේ ආකාරයටම කටයුතු සිදු විය. නමුත් ප්‍රදාන පොලිස් පරීක්ශකවරයා මේ නිවස පිලිබද තව දුරටත් අවදානයෙන් පසුවිය. මරනය සිය දිවි නසා ගැනීමක් ලෙස සටහන් විය. 1987 ආරම්බ වු සමාජීය හා දෙශපාලන පෙරලියත් සමග සියල්ලන්ටම මෙය අමතක විය නමුත් ලෝරා හාමු ඇතුලු බන්ගලාවේ අයට නම් එය එසේ නොවීය. 

"ඒ උබලා දන්නවද  අර බන්ගලාව පැත්තෙන් රෑට රෑට කෑගහන සද්ද ඇහෙනවලු." "වයසක ලෝරා ලොක්කා රෑට මර ලතොනී තියෙනවා කියලා එතනා බඩු ගන්ඩ අපු වෙලාවේ කිව්වේ." "කව්ද ගැනියෙක් ඉකිබිදින සද්දෙත් රෑට රෑට ඇහෙනවා කියලා කිව්වේ". 
 ගමේ කඩ මන්ඩියේ සිල්ලර කඩේ මුදලාලිගේ මේ ප්‍රකාශය ගම්මෙම පැතිර ගියේ විදුලි වේගයෙනි.  
මේ සියල්ල පිලිබද තොරතුරැ රැස් කරන්නේ අපගේ ප්‍රදාන පරීක්ශක මහතාය.

2 කොටස.

දිනක් ප්‍රදාන පොලිස් පරීක්ශකතුමා එතනා එනතෙක් මග බලා සිටියේද එම නිසාය. 
එතනා දුටු වහාම පොලිස් පරීක්ශක වරයා ප්‍රශ්න අසන්නට විය. 

"දැන් එතනා මොකද ලෝරා හමුගේ තත්වය ? "අපි උත්සහ කරන්නේ උදව් කරන්න අපිට විස්තර කිව්වොත් අපිට එක ලෙසි, දැන් මොකද එහෙ තත්වේ " පරීක්ශකතුමා ඇසුවේ තරමක තද බල විලසිනි. මදක් බියට පත් එතනා සියල්ල පවසන්නට විය. 

"සර්, ලොරා හාමු බය වෙලා වගේ බලන් ඉන්නවා, රෑට නිදියන්නෙත් නෑ. නිදිය ගත්තත් මහා රෑ ඇහැරිලා බෙරිහන් දෙනවා." "වත්තෙත් සිද්දවෙන්නේ මහා මූසල දේවල් සර්". ගැනීයෙක් අඩන සද්දේ හැම තැනම, මගේ මේ කනට කිහිප පාරක්ම ඇහුනා" "අනේ මන්දා ලොකු නෝනාත් බලාගත්තු අතේ බලා ගෙන ඉන්නවා". "පොඩි මහත්තයා මැරුනට පස්සෙ සේරම අව්ල් වෙලා ගිහින් ගෙදර". එතනා එක දිගටම කියවගෙන යන්නට විය.

"පුන්චි මහත්තයට අර පොත කොහෙන්ද ?" ඒ පරීක්ශකතුමා ගේ මීලග පැනයයි. " සෑහෙන කාලෙක ඉදන් ඔය පොත වලව්වේ තියෙනවා. ඕක ලොකු හාමුගේ තාත්තාගේ එකක්" එතනා කීය.
එතනාව පිටත් කර හැරි පොලිස් පරීක්ශක තුමා කල්පනාවට වැටුනේ අවශ්‍ය සියල්ල දැනගත් නිසාය. 

"සර් ඇයි මේ බුත කෙස් එකක් අල්ලන් දගලනේ?" ප්‍රදාන පරීක්ශකතුමාට එම පැනය ඔහුගේ විශ්වාසවන්තම උප පොලිස් පරීක්ශකවරයාගෙනී.

"මම වැඩිය ඕවා විශ්වාස කරපු කෙනෙක් නෙවේ IP, එත් මේක මොකක් හරි ලොකු කේස් එකකට සම්බන්දයි." "මට පස්සෙ තමයි ඔය ලෝරා කියන හාදයාව මතක් උනේ, " " මිනිහා මීට අවුරුදු තිහකට වගේ කලින් මම පොලිසියේ ඉන්න දවස් වල කේස් එකක ප්‍රදාන සැක කාරයා." එත් වැඩක් උනේ නෑ සක්ශි මදි උනා." "ඔය ලොරා හමූ ගේ කොල්ලා ආත්මයක් ගෙන්නඩ හැදුවා කියන එකයි ඔය කේස් එකයි අතරේ සම්බන්දයක් තියෙනවා කියලා මට හිතෙනවා" ප්‍රදාන පරීක්ශකවරයා කියගෙන ගියේ තමා කිමිදි සිටි කල්පනාවේ නැවත යෙදෙමිනි.

3 වන කොටස

සදුන් මිය ගොස් මාස හතරක් පමන ගෙවී ගොස්‍ ය. සදුන් ගේ මව වන මුදලි මැනිකා බලාගත් අත බලගෙන සිටි. කෑම කන්නෙද එතනාගේ පෙරැත්ත කිරීමටය. ලෝරා හාමු සිටින්නේ මර බිය දැනුනු සතෙකු විලසිනි. ඔහු සිටින කාමරයේ ජනෙල් දොරවල් සියල්ල වසා දමා ඇතුලතින් අගුලු දමා ඇත. පොඩි බන්ඩා පමනක් කෑම බීම ඇතුලට ගෙනැවිත් දෙයි. ඇතුලට වී තනිව මුමුනමින් හා විටෙක සාප කරමින් කාමරය තුලටම වී සිටි.

"මට ඇත්ත කියහන් මොකද්ද ඒ රෑට අඩන ගෑනිගෙ සද්දේ" දිනක් එතනා බන්ඩාගෙන් ඇසුවේ සැකය මුසු බියෙනි. "උබට ඇහුනා විතරනේ අක්කේ මම වරක් දෙවරක් දැක්කා බන් ඒ ගෑනි." " රෑ වත්ත පහල". 
බියෙන් පවසා ගෙන යන්නේ පොඩි බන්ඩාය.
"මම දැක්ක ගමන්ම ඔය ගෑනීව මතක් උනා." "ඔය ගෑනි අපේ ලෝරා හමූගේ තාත්තාගේ කාලේ වත්ත බලාගත්තු මනුස්සයගේ දුව." "අපි එතකොට පොඩි කොල්ලො බන් අක්කේ". මොකක් හරි දෙයක් වෙලා ඒ ගැනීව ආගිය අතක් නැති උනා." "ගම්මු කිව්වා ඒ ගැනී කව්දෝ එක්ක පැනලා ගියා කියලා." "මම දිවුරනවා අක්කේ ඒදා මම දෑක්කේ ඒ කෙල්ලම තමා." තමා දුටු සියල්ල පොඩිබන්ඩා හෙලි කලේ එතනා සමගය.

එතනාද මේ සම්බන්දයෙන් අප්‍රමාන බියකට පත් විය. එම නිසාම මේ ගැන කඩමන්ඩියේ දී ගමේ පිරිසට පැවසුවේය. "ඔය කෙල්ලනම් අපිට මතකයි බන්, අපි කොල්ලා කලේ," හරි ඇහැට කනට පේන ලමිස්සි." "ඔය කෙල්ල ආගිය අතක් නැති උනා." ගමේ වයස් ගත පුද්ගයන් දෙදෙනෙකුම මේ කතාව කඩ මන්ඩියේ සියල්ලටම පැවසුවේ එතනාගේ කතාවට පිලිතුරැ ලෙසය. 
"ඔය කෙල්ලද වෙන කෙල්ලද දන්නේ නෑ ඔය වත්ත පහලින් දැන් ගමේ කිසි මිනිහෙක් යන්නෙ නෑ, ගොඩක් කොල්ලො ඔය කව්ද කෙල්ලෙකුයි, අඩන සද්දෙකුයි ඇහිලා නොසෑහෙන්න බය වෙලා ඉන්නේ." "එතනෝ උබත් රෑ පානේ ගමන් නොයා ඉදපන්." කඩේ වියපත් මුදලාලිගේ පිලිතුර විය. 

මේ සියලු දේ පිලිබද නිලදාරින් යොදා  සෙමෙන් සෙමෙන් විස්තර රැස් කලේ පොලිස් පරීක්ශකවරැන්ය.

තවත් දින කිහිපයක් ගෙවී ගියේය. "බන්ඩෝ වත්ත පහලට ගිහින් කැන්ද ගහෙන් කොල ටිකක් කඩා ගෙන වරෙන් මේ රොටි ටික පුච්චන්ඩ." දිනක් එතනා බන්ඩා ට කිවේ රාත්‍රී කෑම පිලියෙල කිරීමට සුදානම් වෙමිනි. අකමැත්තෙන් උවත් බන්ඩා වත්ත පහලට යන්නේ වෙනකල යුතු යමක් නැති නිසාය. 

කැන්ද ගහ ඇත්තේ නිවසෙන් මදක් ඈතට වන්නටය. මෙම වලව් වත්ත අවසානයේ පුරන් කුබුරකට මායිම් වන තැනම ඇත්තේ පරන ලිදකි. තරමක් විශාල හා ගැබුරැ ලිදක් වෙන මෙය දැනට දශක ගනනාවක සිට අත හැර දමා ඇත. වතුර නොමැති මෙම ලිදේ අඩියට දිරාපත් නොවන අපද්‍රව්‍ය දමා ගොඩ වී ඇත. එහෙත් මෙය තමවත් ගැබුරැය. 
මේ ලිද අසන්නයේ කැන්ද ගස් කිහිපයක් ඇත. බන්ඩා පැමිනෙන්නේ මෙතනටය. 

ගොම්මන් අදුර දසත පැතිරෙයි. වටින් පිටින් සතුන්ගේ කෑගැසීම් හැරුනු කොට වෙනත් කිසියම් ශබ්දයක් මෙහි නැත, පරීසරයේ ඇත්තේද අදුරු මූසල බවකි. බන්ඩා පමිනෙන්නේ කැන්ද ගහ අසලටය. පැමින කොල කැඩිමට පටන් ගනි. කැන්ද කොල කිහිපයක් කඩා ගත් ඔහුට දැනෙනුයේ දරැනු පුලුටු ගදකි. මස් වැනි යමක් අමුවේ පිලිස්සෙනවාක් වැනි සුවදකි. බන්ඩා මදක් වට පිට බැලුවේ බියෙන් හා සැකෙනි. එක වරම බන්ඩාට ඇසුනේ පෙර කී ඉකි බිදුමයි. එය ඇසෙන්නෙ ඔහුට පසුපසින් ඇති ලිදෙනි. බන්ඩා ලිද දෙස හැරි බලූ විට දිටුවේ, 
ලිදේ බැම්මේ එල්ලී ගොඩට එන කාන්තා රැවකි. ඇගේ රැව වීරෑපි වී ඇත. මස් දියවී ඇති මෙන් එල්ලා වැටෙයි. ඉකි බිදුම ඇසේන්නේ ඇගේ මුවෙනි. 
මේ සියල්ල එකවරම දැක් බන්ඩා මර හඩින් හු තියා දුවන්නට විය. 
මර හඩින් කෑ ගසමින් වෙලට පැන බන්ඩා දිව යන්නේ කඩ මන්ඩිය පිහිටි පෙදෙසටය. 

කඩ මන්ඩියේ එකා දෙන්නා නිවෙස් කරා ගොසිනි. ඉතිරිව ඇත්තේ බඩු ගැනිමට ආ කිහිප දෙනෙකු සහා මුදලාලිත් ඔහුගේ ගෝලයාත් පමනි. එක වරම මේ සියල්ල මැදට මර හඩ දෙමින් දිව අවේ බන්ඩා සිහිසුන් විය. බන්ඩා අල්ලා වාඩී කරවා කඩේ සියල්ලම බන්ඩා වට කර ගත්තේ සිදු වූ දෙය දැන ගනීමටය. 

"මම  දැ  දෑ දැක්කා  අ   අර ගෑනි " බන්ඩාට කිව හැකි උයේ එපමනකි. බන්ඩා එකවරම සිහිසුන් විය. කඩේ මුදලාලී තම ගෝලයා ඉකමනින්ම පිටත් කර හැරියේ ගමේ පන්සලේ ලොකු හාමුදුරැවෝ රැගෙන ඒමටය.

ලොකු හාමුදුරුවෝ පැමින පිරිත් පැන් හා පිරිත් නුලක් බදි පසු මද වේලාවකින් බන්ඩා අවදි විය. තරමක් සන්සුන් වූ බන්ඩා ඒ වේලාවේ සිදු වූ සියල්ල රැස්ව සිටි සැමට පැවසුවේ ය.

"මම දිවුරනවා ලොකුහාමුදුරැවනේ ඒ අර කලින් වත්ත බලාගත්ත මනුස්සයගේ දුවම තමයි." මම ඔය කාලේ පොඩි කොලු ගැටයෙක් උනාට මට තාම මතකයි."  බන්ඩා දිව්රා යලි යලිත් පැවසුවෙ එයයි. " වයස හැට පහක් පමන වූ ලොකු හාමුදුරැවන්ට වසර තිහකට පෙර සිදු වූ මේ සිදු වීම හොදින් මතකය. 

"ඔය කෙල්ල මට මතකයි. මල්කාන්තීද කොහෙද නම, අවුරුදු දහඅටක් වගේ ඇති ඔය කෙල්ලට ඕක වෙනකොට මයේ හිතේ." "ඔය වලවේ ලෝරා හමු කොල්ලා කලේ ඔය දැරිවී එක්ක පැටලැවිල්ලක් තිබිලා එක දුරදිග ගිහින් තිබුනා." ලොකු හාමුදුරැවන් කතාව විස්තර කරන්න වුයේ මේ කතාව දන්නා නොදන්නා සැමට දැන ගැනීම පිනිසය. 
"කොහොම හරි ඔය සම්බන්දේ වලව්වේ ලොකු හමූ ඒ කියන්නේ ලෝරා හාමුගේ තාත්තාට අරන්චී උනා." "මිනිහා ඒකට කැමති උනේ නෑ, ලොකු හාමු මොකද කලේ, වෙන හොද වලවු පැලැන්තියේම ලස්සන කෙනෙක් මේ ලෝරා හාමුට කතා කලා." "ලෝරා හාමුත් කොල්ලා කාලේ සෙල්ලක්කාරයා,  සම්බන්දේ දුර දිග ගියාට ලෝරා හාමු කැමති උනේ අර ගෙදරින් ගෙනාපු යෝජනවට." " ඒ යොජනාව තමා ඔය දැන ඉන්න මුදලි මැනිකා." ලොකු හමුදුරැවන් දිගටම පවසයි. 

"මුදලි මැනිකා වත් එයාගේ පවුලේ අයවත් ඔය මල්කාන්තිගේ සිද්දිය දන්නේ නෑ, ඔය කෙල්ල එක කියනවා කියලා ලෝරා හමුත් එක්ක කිහිප පාරක්ම රන්ඩුසරුවල් වෙලා තිබුනා." "එක ගමනක් ඔය රන්ඩු බේරන්ඩ පන්සලේ අපිටත් මදිහත් වෙන්ඩ උනා." "ඔය අතරේ තමයි ඔය කෙල්ල එක පාරටම අතුරුදන් උනේ." 

"මොනවා උනාද කියලා හොයා ගන්න බැරි උනා ඒ කෙල්ලට, උන්ගේ තාත්තා හොයපු නැති තැනක් නෑ, නොගිය තැනක් නෑ, අන්තිමට තමන්ගේ දැරැවාට මොනවා උනාද නොදන්න දුකෙන්ම පපුවේ අමරැවක් හැදිලා මලා."
 "පොලිසිය විස්තර හෙව්වත් ඔය ලොරා හාමුගේ තාත්තා ඒ කලේ බලපුළුවන්කාරයා, මිනිහා ඒවා යට ගැහුවා". "දැන් මන් හිතන්නේ වලව්වේ උන්ගේ කර්මය පලදෙන්ඩ කාලේ ඇවිල්ලද කොහෙද ?." දිර්ඝ කතාවක් අවසානයේ ලොකු හමුදුරැවෝ නිහඩ විය. 

"බන්ඩා දැන් වලව්ව දිහෑ යන්න ඔනේ නෑ, කෙලින්ම පන්සලට අපිත් එක්ක අවානම්, අද රෑ කෝකටත් පන්සලේ ඉන්න තරමට හොදයි." ලොකු හාමුදුරැවන්ගේ මේ ප්‍රකාශයෙන් පසු සියලු දෙනා පන්සල දෙසට පිය නගන්න විය. 
 
මෙම ඉරනම් සහගත රැයේ බන්ඩාගේ සිදුවීම මේ ආකාරයෙන් සිදු වෙද්දී වලව්වේ මෙයට වඩා දරැනු තත්වයක් ඇතිවී තිබුනී. 

මේ එතනා බන්ඩාව කැන්ද කොල කැඩීමට පිටත් කල තැන සිට වලව්වේ සිදු වූ සිදුවීමයි. 

බන්ඩා එන තෙක් මග බලා සිටින එතනාට එක වරම ඇසුනේ බන්ඩාගේ මර ලතෝනියයි.

"දෙයියෙනේ, බන්ඩා නේද මූට මොනවා උනාද? " යැයි කෑ ගසමින් එතනා දිව ගියේ ලොරා හමුගේ කාමරයටය. "හමු මහත්තයෝ බන්ඩා ලතොනී දෙනවා වත්ත පහල පාලූ ලිද පැත්තෙන්, අනේ කරදරයක්ද දන්නේ නෑ " කියා එතනා ලොරා හමූගේ දොරට තඩි බෑමට විය. 

"පාලු ලිද, පාලු ලිද   ඌ මොකටද ඒ පැත්තට ගියේ" එකවරම කේන්තියෙන් කෑ ගසමින් කාමරයේ දොර ඇර ඉදිරියට පැන්නේ ලෝරා හාමුය. ලෝරා හමූ අත කානු දෙකේ දිගු තුවක්කුවකි. ඔහු සිටින්නේ දියෙන් ගොඩ දැමු මත්ස්‍යයෙකු සේ වෙව්ලමිනි. 

බිය වූ එතනා ඉකමනින් ඔහු ඉදිරියෙන් ඉවත් විය. ඉක්මනිම කුස්සියට දිව ගිය එතනාට හමු වූයේ මුදලි මැනිකේ ය. මාස ගනනක් කාමරයටම වී සිටිමෙන් ඇය සුදු මැලී වී ගොස්‍ ය, ආහාර පානද නිසි ආකාරව නොගත් නිසා ඇග පතද වැහැරි ගොස් ය. 

"මොකද්ද එතනා උනේ ?" ප්‍රශ්නය මුදලි මැනීකාගෙනි. එතනා සියල්ල පැවසුවේය. "ලොකු මහත්තයා ඉන්නේ හොද සිහියෙන් නෙවේ නෝනා" එතනා කියාගෙන යන්නට විය. 

"එයාගේ සිහිය නැති උනේ ගොඩ කාලෙකට කලින්, මගේ කොල්ලා නැති උනේත් එයා හින්දම තමයි, මට අද එයාගෙන් දැන ගන්න ගොඩක් දේවල් තියෙනවා," උබ කඩ මන්ඩිය පැතතට ගිහින් කවුරැ හරි කතා කරගෙන බන්ඩාට මොකද කියලා බලපන්" යැයි පැවසු මුදලි මැනිකා උඩු මහලට යන්නට විය. 

එතනා කර කියා ගත දෙයක් නොමැතිව ලාම්පුවද ගෙන එලි බැස්සේ බන්ඩා සිටි දිහාවට යෑමටය. නමුත් වැඩි දුරක් යෑමට පෙර එතනා ඈතින්ම දුටුවේ කාන්තා රැවකි. කලුවර නමුත් එම රැව දුටු විට එතනාගේ මුව බියෙන් විවර විය.

කොර ගසමින් හා දෙපා අද්දමින් පැමිනෙන රැව තරැන ගැහැනු ලමයෙකුගෙය. ඇගේ සිරෑරේ මස් දිය වී ඇති සෙයකි. තැනින් තැන ලේ වැකුනු ගවුමක් ඇද සිටි ඇය ඉතා බියකරැ ක්‍රෝධයකින් එතනා දෙස බලා සිටි, ඇගේ මුවින් නිකුත් වනුයේ කෙටි ඉකිබිදිමකි. එක වරම ආපසු හැරුනු එතනා බියෙන් ගේ දෙසට දිව ගියේය. එසේ දිව ගොස් තමාගේ කාමරයට ගොස් දොර වසා ගෙන මුල්ලකට වී තමාට කරදරයක් නොවන ලෙස දෙවියන් යදින්න වුයේ වෙන කල හැකි යමක් නොදන්නා නිසාය. 

 එම රැව ඇදේන්නේ උඩු මහල දෙසටය. උඩු මහලේ ලොරා හාමු සහා මුදලි මැනිකා අතර බහින්බස් වීමකි. එතනා බියෙන් සිටියත් උඩු මහලේ සිටින්නේ තමාගේ ස්වාමී දුව බව දනී. එතනා කෙමෙන් දොර හැර උඩු මහලට පිය නගන්නට විය ඒ අනතුරැ ඇගවීමටය. 

උඩු මහලට පිවිසි එතනා දුටුවේ පඩිපෙල අසල ප්‍රදාන කාමරයට පිවිසෙන කොරිඩෝවේ සිටිනා මුදලි මැනිකා හා ලොරා හමුය. දෙදෙනා අතර තරමක් තියුනු බහින්බස්වීමකි. ඇගේ ඇස් සෑම තැනම දිව ගියේ පෙර දුටු බිහිසුනු රැව දැකීමටය. නමුත් එය අතුරැදන් වූ ලෙසකි. 

"උබ හින්දා තමයි මගේ අහින්සක කොල්ලා මැරැනේ" මුදලි මැනිකාගේ මේ ප්‍රකාශයත් සමග එතනාගේ අවදානය යොමු උනේ ගෘහ මූලීකයන්ගේ බහින්බස් වීමටය. 

"මම ඒකාට දීපු පොතක් නෑ, ඌ ඔය මල්කාන්තී ගැන වත් එකීගෙ ආත්මේ ගැනවත් කොහොම දැන ගත්තාද මම දන්නේ නෑ". යන්න ලෝරා හමුගේ පිලිතුර විය. මෙහි සැගවුනු යමක් ඇතැයි එතනාට දැනුනේ එවිටය. මෙසේ කන්දීගෙන සිටින එතනා එක වරම දුටුවේ පෙර දැකි මල්කාන්තිගේ බිහිසුනු රැවයි. එය එක වරම ලෝරා හමූ අසල පෙනි නොපෙනී ගියේය. ඇය දුටුවේ සත්‍යක්ද මායාවක්ද යන්න ඇයටම විශ්වාස නැත. ඇය සැගවී සිටි තැනින් එලියට අවේ එම නිසාය.

 මුදලි මැනිකා සෙමෙන් හැරැනේ එතනා දෙසටය. ඇගේ ස්වාමි දුව තමා දැක කෝප වේ යැයි එතනා සිතුවද ඇගේ මුහුනේ රැදි ඇත්තේ ශෝකයකි. "අපි යමු එතනා " ලෙස මුදලි මැනිකා පැවසුවේ මේ ආරවුල අවසන් කොට ඇයත් සමග පහලට යෑමටය. නමුත් එක වරම බියෙන් විලාප දුන්නේ ලෝරා හාමුය. මුදලි මැනිකා හා එතනා සිටින ස්තානය හා ලෝරා හමූ අතර මැද සිට ගෙන සිටින්නේ මල්කාන්තීය.

"මල්කාන්තී, මට වෙන කරන්න දෙයක් නෑ, උබ මට වෙන මගක් ඉතුරැ කලේ නෑ," ලෙස බියෙන් ලෝරා හාමු කෑ ගසන්නට විය. මුදලි මැනිකා හා එතනා ද බියෙන් බලා සිටින්නේ කල යුත්තේ කුමක්දැයි නොදන්නා නිසාය. 
මල්කාන්තී සෙමෙන් ලෝරා හමූ දෙසට ඈදි යනවාත් සමගම ලෝරා හාමු තම අත ඇති තුවක්කුව අමොරා දෙවරක්ම පත්තු කලේය. එකවරම ඇසුනේ බිහිසුනු විලාපයකි. තුවක්කුවෙන් නික්මුන මූනිස්සම් දෙකම වැදුනේ අනෙක් පස සිටි මුදලී මැනිකාටය. මුදලි මැනිකා සැනින් විසි වී බිම වැටුනේ කපා බිම හෙලු ගසක් මෙනි. 
"අනේ ලොකු නොනා " එකවරම එතනා විලාප නගා දිව ගියේ මුදලි මැනිකාගේ නිසල සිරැර අසලටය. ඇගේ ප්‍රානය නිරැද්ද සිරැර නිසොල්මනේය. ලෝරා හමු ට එක වරම සිදු වූ දේ සිතා ගත නොකැකි විය. පියවි සිහියට පත් ඔහු දුටුවේ සිය බිරිද මැරි වැටි සිටින ආකාරයයි. 

වට පිට බැලු ලෝරා හාමුට ඇසුනේ මල්කන්තිගේ ඉකි බිදුමයි. ආපසු හැරි බැලු හාමු දුටුවේ මල්කාන්තිගේ රැව තමාගේ පිටුපසින් ඇති බවයි. ඔහු කල සියල්ල ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය. ඔහුගේ සියලු දේ දැන් නැති වී ගොසිනි. ලෝරා හාමු ආපසු හැරි පඩි පඩි පෙල දිගේ දිව යන්නට වුයේ බියෙන් හා කම්පනයෙන් කැ ගසමිනි. ඔහු පසු පසින් සෙමෙන් සෙමෙන් බිදුනු පයක් අද්දවමින් යන්නේ මල්කාන්තිගේ රැවයි. 

මුදලි මැනිකා අසල වැතිරි සිටි එතනා මල්කාන්ති ඇය අසලින් යන විටත් මෙවර බිය දැනුනේ නැත. ඇගේ මනසේ මෙවේලෙ ඇත්තේ සිය ස්වාමීදුවට සිදුවූ දෙය පිලිබද දුකයි. තවත් මිනිත්තු කිහිපයක් මුදලි මැනිකාගේ අත අල්ලා අඩමින් සිටි ඈ නැගි සිටියේ මේ සිදු වූ දෙය ගමේ සියල්ලටම පවසා සදාරනයක් ඉටු කිරීමට සිතාය. 

තම ස්වාමීදුවගේ සිරැර තනී කොට නිවසෙන් ඇය පිටත් උයේ පන්සල දෙසට පිය මැනිමටය. 
ඉකමන් ගමනින් පන්සල කරා ගිය එතනා දුටුවේ බන්ඩා ඇතුලු සියල්ල පන්සල් බිමේ රැස්ව සිටි අකාරයයි. ඉකමනින්ම සියල්ල ඇය පැවසුවේ ලොකු හාමුදුරැවෝ ඇතුලු එහි සිටි පිරිසටය. 
ලොකු හාමුදුරැවෝ රැසව සිටි පිරිසෙන් පොඩි හාමුදුරැනමක් හා එක් අයෙකු කැදවා පොලිසිය බලා පිටත් කරවීය. පොලිසිය එන තෙක් හාමුදුරැවෝ පිරිස සමග බලා සිටින්නට විය. 

පැය දෙකකට පමන පසු පැමිනියේ මා පෙර සදහන් කල ප්‍රදාන පරීක්ශකතුමා ඇතුලු පිරිසයි. ඔහු පැමිනි විගස ලොකු හාමුදුරැවන්ට පැවසුවේ ලෝරා හාමුට සිදු වී ඇති දේය. 

"මට මේ පනිවිඩේ එනකොට මම ඉස්පිරිතාලේ හිටියේ, ලෝරා හාමු රෑ ආපු එලවලු ලොරියකට යට වෙලා. මට හිතේනේ ඔය කියන විදිහට බය වෙලා ගෙදරින් දුවලා ගිහින් එලවලු ලොරියේ වැදිලා තියෙන්නේ." ටිකක් අමාරැයි" සෑම දෙනාම බිය ගන්නවමින් පරීක්ශකතුමා පැවසුවේ එවැන්නකි. 
ඉන් පසු නිලදාරීන් කිහිප දෙනෙක් වලව්වට ගොස් තුවක්කුව හා මුදලි මැනිකාගේ නිසල සිරැර එතනින් ඉවත් කොට අදාල කටයුතු සිදු කරන ලදි.

ලෝරා හාමු දිවි ගලවා ගැනිමට සමත් විය. ඔහුට විරැද්දව මිනිමැරීමේ චෝදනා එල්ල විය. මදක් සුවය ලැබු පසු ඔහු පොලිසියට සියලු විස්තරය පාපොච්චාරණය කලේය. 

"මේක මගේ අතින් කොල්ලා කලේ උන වැඩක්. මගෙයි මල්කාන්ති කියන කෙල්ල අතරෙයි සම්බන්දයක් තිබුනා. සම්බන්දේ දුරදිග ගියා ඒත් අපේ අප්පොච්චි මේකට කැමති උනේ නෑ. උන්දෑ මට බලපෑම් කලා මුදලි මැනිකා බදින්න. මම ඒක නොකලනම් මට පරම්පරාවේ බූදලේන් සතයක් වත් ලැබෙන්නේ නෑ. එක හින්දා මම කැමති උනා. එත් මල්කාන්ති සම්බන්දේ නවත්තන්ඩ කැමති උනේ නෑ, ඒකි මේ සේරම හැමොටම කියනවා කිව්වා." 

"එක දවසක් ඔය පාලු ලිද ලග අපි දෙන්න අතර ලොකු රන්ඩුවක් උනා," එතනදි තමයි මල්කාන්ති මට කිව්වේ එයාට ලමයෙක් හම්බෙන්න ඉන්නවා කියලා. " මට දරැවෙකුට නම දෙන්ඩ බෑ ඒ වෙලාවේ, මේ සෙරම නැති කර ගන්නත් බෑ. මම දන්නේ නෑ මට මොකද උනේ කියලා, අපි රන්ඩු උනා, මට මතක මම මල්කාන්තියේ බෙල්ල මිරිකනවා විතරයි. මට ටිකක් කල්පනා වෙනකොට මගේ දෙපා මුල වැටිලා හිටියේ මල්කාන්තී. මම ආදරේ කරපු මල්කාන්තී." මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ මම ඒ ශරීරේ ඒ පාලු ලිදට දැම්මා." 

මම ඕක ගිහින් අපේ අප්පච්චිට කිව්වහම, එයා කලේ ඔය ලිද දැන් වහලා දාපන් කිව්ව එක." මම කාට වත් නොදැනෙන එක කලා." ඇඩු කදුලින් ලෝරා හාමු සියල්ල පවසන්නට විය.

"දැන් එතකොට ඔහේගේ ලමයා මේ හරැපෙට සම්බන්ද වෙන්නේ කොහොමද ? " ප්‍රදාන පරීක්ශකතුමා ඇසුවේ ඔහුට තිබූ බරපතලම ප්‍රශ්නයයි. 

"ඔය මල්කාන්තිගේ සිද්දියෙන් පස්සේ, මට එක මොහොතක් ඔය වලව්වේ ඉන්න බැරි උනා. එකීගේ ආත්මේ ඔය වලව්වේ හොල්මන් කරන්න ගත්‍තා." ඒකි හැම තැනම ඉකි බිද බිද අපිව බය කලා. අපිට සැනසිම මෝහොතකටවත් තිබුනේ නෑ."
" අපිට වෙන කරන්න දෙයක් තිබුනේ නැති තැන. අපි ගෙනවා හොද ගුරැන්නාන්සේ කෙනෙක්. "මිනිහා තමයි මල්කාන්තියේ ආත්මේ ගුරැකන් වැඩකින් බෝතලේක හිර කලේ. " හිර කරලා මේ වල්ව්වේ උඩ තට්ටුවේ පාලු කාමරයේ හැන්ගුවා. මල්කාන්තිගේ ආත්මෙටවත් සැනසිම්මක් ගන්ඩ බැරි වෙන්ඩම අපි මහා අපරාදය ඒකිගේ ජීවිතේට ආත්මේට කලා." අඩමින් ලෝරා හාමු දිගටම කියන්නට විය.

"මම හිතුවේ ඕක ඔතනින් ඉවරයි කියලා. මම පස්සෙ කාලෙක මුදලි මැනිකාව බැන්දා, අපිට පුතෙක් හම්බුනා. අපි ඔය කොල්ලා ලොකු වෙනකම්ම සන්තොසෙන් හිටියා. "එත් කලකම් පලදෙනවා කියනවනේ, මේ කොල්ලාට කොහෙන් හරි ආරන්චි උනා මේ සිද්දිය." 

"අපරදේ කියන්න බෑ මේකා පොඩි කාලේ ඉදන්නම හරි ඉක්මනට හිත උනුවෙන එකා." මෙකා ඔය පොතත් හොයා ගෙන ඒ ආත්මේ නිදහස් කරන්ඩ උත්සහා කලා. ඔය යක්ශ පොත කොහොම හොයා ගත්තාද මන්දා, අන්තිමට උගේ පනත් දෙන්ඩ උනා මල්කාන්ති ගේන්ඩ." ඔය මන්තරෙන් මල්කාන්තිගේ ආත්මේ නිදහස් වෙලා ඒකීගේ ශරීරේ ඉතුරැ ටික හොයාගෙන ගියේ." පස්සේ ටික කලෙකින් එකීගේ සරීරෙන්ම පිල්ලියක් වෙලා ඒකි අයෙ ආව." මට මගේ තිබ්බ හැම දේම නැති උනා." සියල්ල අවසානයේ ඇඩු කදුලින් ලෝරා හාමු නිහඩ වූයේ අප හමුවේ තිබූ ප්‍රශ්න රැසකට පිලිතුරැ දෙමිනි.

පොලිස් නිලදාරින් විසින් ලෝරා හාමුට විරැද්ඩව මල්කාන්තිව හා මුදලි මැනිකාව මැරීමට විරැද්දව  මිනිමරැම් චොදනා ගොනුකලේය. 

මින් පසු පොලීසිය උත්සහා කලේ මල්කාන්තියේ සිරැරේ සුන්බුන් සොයා ගැනීමටය. පලමු වරටම ලිද නිරික්ශනය කල පොලීස් පරීක්ශකයන් දුටුවේ තරමක් විශාල යමක් පස් ඇතුලතින් හාරා ගෙන ඉවතට ගොස් ඇති ආකාරයේ සලකුනුය. 
දින දෙකක් පොලිසිය විසින් සම්පුර්නයෙන්ම ලිදෙහි ඇති ඈ ඉවත්කර පරීක්ශා කරත් මිනිස් ඇට කටු හෝ කිසිවක් සොයා ගත නොහැකි විය. 

ඇත්තටම මල්කාන්තිගේ සිරැර මෙයින් ඉවතට ඇදි ගියාද යන පැනය ලොවට ඉතිරි කරමින් නිලදාරින්ට පරීක්ශන නවත්වන්න විය. 

ලෝරා හාමු අයත් වන්නේ තරමක් බලපුළුවන්කාර පව්ලකටය. තම පරම්පරා නාමය රැක ගනීමට මේ පරම්පරාවේ ප්‍රබලයන් කිහිප දෙනෙක් ඉදිරියට පැමින බලපෑම් කරන්නට විය. 

පොලිසිය මල්කාන්තිගේ සිරැර සොයා ගැනීමට ආසර්තක වීම හමුවේ විත්තියේ ප්‍රබල නිතීවේදින් මෙය ලෝරා හාමුගේ මානසික තත්වය බිදවැටි සිදු කල ප්‍රකාශයක් ලෙස තර්ක කලේය. එය සාර්තක විය. මුදලි මැනිකාගේ මරනයත් මෙම මානසික වියාධි තත්වය මත සිදු වූ සිදුවීමක් ලෙස තර්ක කලේය. ආවසානාවට මොවුන් සාර්තක විය.  ඔහුට අත්හිටවූ සිර දඩුවමක් හා මානසික රෝහලකට ඇතුලත් කිරීමට නියෝග කලේය. 

සියල්ල අවසානයැයි සිතුවත් කර්මය සියල්ලටම වඩා ප්‍රබලය. මානසික රෝහලේදී ඇති වූ හෘදයාබාධයකින් ලෝරා හාමු ජීවිතයෙන් සමු ගත්තේය. ඔහු මිය යන්නට දින කිහිපයකට පෙර සිටම මල්කාන්තිගේ නමත්, සදුන්ගේ නමත්, මුදලි මැනිකාගේ නමත් නිතරම කියා කෑ ගැසු බව නම් දැනගන්නට ලැබුනි. මේ අපරාදකරැගේ ජීවිතය එලෙස නිමා විය. 

පසුව ලියමි - මෙම කතාව මා හට පැවසුවේ මේ පරික්ශනයට මුල සිටම සක්‍රීයව දායකත්වය සැපයු උප පොලිස් පරීක්ශකවරයා යි. මෙතුමා දැන් විශාම ගොස් විවේක සුවයෙන් සිටි. කලකට පෙර දැන හදුනාගත් මොහු මා හා මේ කතාව පැවසුවේ මෙය මා උපන් ගම් පලාත හා බැදි සිදුවීමක් නිසාය. මෙහි සත්‍ය අසත්‍ය බාවය මම සෙවීමට උත්සහා නොකලෙමි. මා එය කියවන ඔබට බාර කරමි.

Comments

Popular posts from this blog