ශපලත් නිවහන

 මේක මගෙ යාලුවෙක් ට උනු ඇත්ත සිද්දියක්..එයාගෙ අතීත සිද්දිය කතාවකට හරවන්න කියලා ටික දවසක්.වැඩත් එක්ක ඒක අතපසු උනු නිසා අද තමා කතාව ලියන්න හම්බ උනේ.

ලියන්න පහසු වෙන්න යාලුවා මං කියලා හිතාගෙන ලියන්නම්.

මේක උනේ  2014 අවුරුද්දෙ.ඒ වෙද්දි මං හිටියෙ රට.මට ලංකාවට එන්න තව මාස කීපයයි තිබුනෙ.දවසක් රෑ තාත්තා මට කතා කරා..

"චූටි පුතා,අපිට අඩු ගානට ගෙයක් හම්බ උනා.දළුපතින්.ටිකක් පරණ තාලෙ වගේ උනාට තීන්ත ටිකක් එහෙම ගාලා ගත්තම හොදයි.."

"ඔයාල කැමති නම් ඒ ගේ ගන්න තාත්තෙ.මගේ අකමැත්තක් නෑ..හොද විදියක් කරන්න..කෝ අම්මා ඉන්නවද ටිකක් දෙන්නකො කතා කරන්න.."

"චූටි පුතා, කොහොමද? "

"හොදින් ඉන්නවා අම්මෙ.. අම්මට කොහොමද? "

" හොදින්..පුතා ඔයා තාත්තට කියනවද ඒ ගේ ගන්න එපා කියලා.මං කිව්වට අහන්නෙ නෑ පුතේ.."

"ඒ ඇයි අම්මෙ...තාත්තා කිව්වානෙ ඒ ගේ හොදයි කියලා.."

" අනේ මන්දා පුතා...අපි ඒ ගේ බලන්න ගිය වෙලේ මට ඒ ළග ගෙදරක ගෑණු කෙනෙක් කිව්වා ඒ ගෙදර මොකක් හරි අමනුස්ස දෝසයක් තියෙනවා කියලා.කාටවත් ඒ ගෙදර ඉන්න බෑලු.ඒ ගෙදර මුල් අයිතිකාරයොත් ඒ ගෙදරමලු බෙල්ල වැල දාගෙන මැරිලා තියෙන්නෙ.ඒක අහපු වෙලේ ඉදන් මගෙ හිතට හරි නෑ පුතා..තාත්තා තමා ඒ ගෙදර ගන්න ඕනෙ කියන්නෙ."

"තාත්තා මට ඔය විස්තරයක් කිව්වෙ නෑ අම්මෙ.මං නම් ඔය දේවල් විශ්වාස කරන්නෙ නෑ.අම්මා කියන නිසා මං තාත්තා එක්ක කතා කරන්නම්.."

මං තාත්තා එක්ක ඒ ගැන කතා කරත් එයා කිව්වෙ අම්මගෙ විකාර කියලා.අතෙ තියෙන ගානට ඒ ගේ ඉහටත් උඩින් හම්බ වෙන නිසා ඒ ගේ ගන්නවා කියලා තමා තාත්තා කිව්වෙ.තාත්තාත් මං වගේම හොල්මන් අවතාර විශ්වාස කරපු කෙනෙක් නෙමෙ.

කොහොම හරි ඊට සතියකට පස්සෙ අම්මලා අලුත් ගෙදරට පදිංචියට ගිහින් තිබුනා.තාත්තානම් හිටියෙ ගොඩක් සතුටින්.ඔහොම මං ලංකාවට එන දවසත් ළං උනා.මාව එක්කන් යන්න තාත්තා එයාගෙ යාලුවෙක් එක්ක ඇවිත් හිටියා..ආපහු ලංකාවට ආව එක ගැන මං සතුටු උනේ තාත්තාගෙ ඇස් වල තිබුනු සතුට නිසා.මාව එයාර්පෝට් එකේදිම බදා ගත්තු තාත්තා හිටියෙ ගොඩක් සතුටින්..

"දැන් හැමදේම හරි යයි.."

"මොනාද තාත්තෙ හරි යන්නෙ.."

"මොකුත් නෑ චූටි පුතා..යමු ගෙදර.."අන්තිමට දකින කොට වඩා තාත්තා ගොඩක් වෙනස් වෙලා තිබුනා..මූණෙන් පෙනුනෙ නිදිබර ගතියක්..

ටික වෙලාවකින් අපි අලුතින් ගත්තු ගෙදරට ආවා.මට ඒ ගෙදරට ඇතුලු වෙනකොටම මහ මූසල ගතියක්,වගේම බයක්  දැනුනත්.හුරුපුරුදු නැති නිසා වෙන්න ඇති කියලා හිත හිත ඉන්න මං දැක්කෙ ගේ ඇතුලෙ ඉදන් එන අම්මාව.මාව දැකපු අම්මා මාව බදාගත්තෙ සතුටින්.

"මගෙ පුතා ආවා එහෙනම්..යමු මං ඔයා ආසම කෑම හදලා තියෙන්නෙ.."

"පුතා ටිකක් මහන්සි ඇරලා එහෙම කන්න එන්නකො පුතා.ඔය ඉස්සරලාම තියෙන කාමරේ අම්මා අස්පස් කරේ පුතාට.."

 ගේ එලියෙන් ටිකක් පරණ වගේ පෙනුනට ඇතුලෙ පෙනුම නම් නරක නෑ.කාමර දෙකක්,සාලෙකින් වගේම පොඩි මුලුතැන්ගෙයක් ඒ ගෙදර තිබුනා.කාමර දෙකයි මුලුතැන්ගෙයයි එක පේලියට හදලා තිබුනෙ.හරියට කැපිටල් L අකුරක් හැඩයක් ඒ ගෙදරට තිබුනෙ.මුලු ගෙදරම කියා ගන්න බැරි නිහැඩියාවකින් පිරිලා තිබුනා..

ගේ පිටිපස්සෙ කුරුදු වත්තක් තියෙනවා කියලා මං දැක්කෙ පහුවදා උදේ වත්තෙ ටිකක් ඇවිදින කොට.ඒ කුරුදු වත්තෙ අපේ ගෙදරට ටිකක් ලගින් මහ විසාල කොහොඹ ගහක් තිබුනා.දෙපැත්තට විහිදුනු අතු දෙක නිසා ඒ ගහට ගෙන ආවෙ බය හිතෙන පෙනුමක්.දවාලට උනත් ඒ හරියට අදුරු පෙනුමක් ගෙන ආවා.

අම්මා කියපු දේවල් බොරු නෙමේ කියලා මට වැඩි දවසක් යන්න කලින් තේරුනා.දවල් කාලෙත් ඒ ගෙදර තිබුනෙ මහ මූසල පෙනුමක්.ගමේ කිසිම කෙනෙක් ඒ වත්තට වත් ආවෙ නෑ.රෑට උනත් ගේ ඇතුලෙන් සද්ද බද්ද ඇහෙන්න ගත්තා හැමදාම.කවුරු හරි ඇවිදින අඩි සද්ද මිදුලෙන් ඇහෙන්න ගත්තා.මං එලියට ගිහින් බැලුවත් කිසිම කෙනෙක් දැක්කෙ නම් නෑ.හැබැයි හැමදාම ඇහෙන සද්ද බද්ද වල නම් අඩුවක් තිබුනෙ නෑ..තාත්තාගෙ හැසිරීමෙ වෙනසක් දැක්කත් වැඩිය ඒ ගැන හිතන්න ගියෙ නැත්තෙ කාලෙකින් ලංකාවට ආපු නිසා ඒ නිදහස මට විදගන්න ඕනෙ උනු නිසා..

ඔය විදියට සතියකට විතර පස්සෙ දවසක්  පාන්දර අපේ  අම්මා කුස්සියයෙ උය උය ඉන්නකොට ජනේලෙන් දැකලා තියෙනවා අර කොහොඹ ගහේ බෙදිලා තියෙන අතු දෙක මැද්දෙ සුදු ඇදුමක් ඇද ගත්තු ගෑණු කෙනෙක් වාඩි වෙලා ඉන්නවා.මූණ පෙනුනෙ නැති වෙන්න කොන්ඩෙ දිගට මූණ වැහෙන්න දාගෙන අපේ ගේ දිහාට අත දිග් කරලා කාටද කතා කරනවාලු.අම්මා බය වෙලා ගිහින් තාත්තව එක්කන් ඇවිත් ආපහු බලද්දි කිසිම කෙනෙක් ඉදලා නෑ.
පස්සෙ කාලෙකදි තමා අම්මා මට ඔය සිද්දිය කිව්වෙ.හැබැයි ඒ වෙද්දි මගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනෙ.

ඔය සිද්දියෙන් දවස් දෙකකට පස්සෙ තාත්තා හදිස්සියෙන්ම අසනීප උනා.අපි හොස්පිටල් අරන් ගියාමයි දැන ගත්තෙ එයාගෙ  වකුගඩු දෙකම නරක් වෙලා කියලා.ජීවත් කරන්න බෑ කියලා තමා ඩොක්ටර්ලා කිව්වෙ.තාත්තාව මීගමුවේ හොස්පිටෙල් එකේ තියාගෙන බෙහෙත් කරත් මාස කීපයකින් තාත්තා හොස්පිටෙල් එකේදිම අම්මාවයි මාවයි දාලා ගියා.තාත්තාට එක පාරම උනු දේ අම්මටවත් මටවත් දරා ගන්න පුලුවන් උනෙ නෑ.මල ගෙදරට ආපු හැමෝම කිව්වෙ මේ ගේ දාලා යන්න කියලා.මොකද මල ගෙදර ආපු අහලපහල අය හැමෝම කිව්වෙ තාත්තාගෙ මරණෙත් එක්ක මේ ගෙදර තියෙන අමනුෂ්‍ය බලපෑම සම්බන්දයි කියලා..ඒත් එච්චර ඉක්කමනට ආපහු ගෙවල් හොයන්න බැරි නිසා ගෙයක් හොයා ගන්නකම් අම්මයි මායි ඒ ගෙදර ඉන්න හිතා ගත්තා.

මං හින්දු ආගමේ.අපේ ආගමේ හැටියට කවුරු හරි මැරුනම කරන චාරිත්‍ර වෙනස්.අපේ එක චාරිත්‍රයක් තිබුනා,ඒකෙදි කරන්නෙ අමු කඩල ,මුං ඇට,කව්පි වගේ ධාන්‍ය වර්ග මුට්ටියක දාලා ඒකට ගොමත් දාලා පැත්තකින් තියනවා පැල වෙන්න.එහෙම පැල උනාම මැරුණු කෙනාගෙ ආත්මයට සැනසීමක් හම්බ වෙනවා  කියලා විශ්වාසයක් අපේ ආගමේ තිබුනා.ඒත් අපේ තාත්තා වෙනුවෙන් අපි එහෙම තියපු මුට්ටියෙ තිබුනු ඔක්කොම නරක් වෙලා ගද ගහන්න අරන් පණුවො හැදුනා.ඒවා පැල උනේ නෑ..

තාත්තාගෙ මරණය මටත් වඩා ගොඩක්ම බලපෑවෙ අපෙ අම්මට.මොකද ඒ දෙන්නා ගොඩක් ආදරෙන් හිටියෙ.පොඩි කාලෙ ඉදලාම මටයි අයියලා දෙන්නටයි තාත්තා ගොඩක් ආදරේ කරා.කවදාවත් අම්මයි තාත්තයි රන්ඩු වෙලා තිබුනෙ නෑ.

අපේ ආගමේ දාන දෙන්නෙ දවස් හතෙන් වගේම දවස් තිස් එකෙන්.තාත්තාගෙ දවස් තිස් එකේ දානෙ නිසා අයියාලාත් සතියකට කලින් අපේ ගෙදර ආව.තාත්තාගෙ දානෙ ලං වෙන්න වෙන්න අපේ අම්මගෙ හැසිරීම වෙනස් උනා.හරියට කාටහරි බය වෙලා වගේ තමා හිටියෙ.හැමවෙලේම තාත්තා ගෙ ෆොටෝ එකක් දිහා බලාගෙන කියවන්න ගත්තා.පිටි පස්සෙ තිබුනු කොහොඹ ගහ දිහා බලාගෙන ගොඩක් දවස් වලට කාටද හිනා වෙනවා මං දැකලා තියෙනවා.සමහර දවස් වලට ඒ ගහ දිහා බලාගෙන,

"මං එන්නෙ නෑ..මං එන්නෙ නෑ..."කිය කිය කාටද  බනිනවා.මං කොච්චර ඇහුවත් හේතුවක් කිව්වෙ නෑ.තාත්තාගෙ මරණෙ නිසා මෙහෙම වෙනවා ඇති කියලා අපි හිතුවා..

තාත්තාගෙ දානෙ ඉවර වෙලා රෑ අපි හැමෝම ගෙයි සාලෙට වෙලා ටීවි බල බල හිටියෙ.අම්මත් හොදට කතා කර කර බිම ඉදගෙන ටීවි බල බල හිටියා.එක පාරම අම්මගෙ මූණ වෙනස් වෙනවා මං දැක්කෙ අහම්බෙන්.ඇත්තම කිව්වොත් මං දැක්කෙ අම්මගෙ මූණ නෙමේ.ඒක වෙන කාගෙහරි අමනුෂ්‍යයෙක් ගෙ මූණ ක්.අපි හැමෝම දිහා බය හිතෙන විදියට බලපු අම්මාගෙ කට පැත්තට ගිහින් දිව එලියට ආවෙ හරියට යකෙක් ගෙ වගේ..එලියට ආපු දිවෙන් කටවටේ ලෙව කාගත්තු අම්මා එක පාරම අපි දිහා බලද්දියි අපි දැක්කෙ ඒ හිටියෙ අම්මා නෙමේ කියලා.අනිත් අය බය වෙලා කෑගැහුවත් මට කතා කර ගන්නවත් බැරි තරමට බය වෙලා හිටියෙ.මං දිහා ටිකක් වෙලා බලන් හිටපු අම්මට සිහිය නැති වෙලා එහෙමම බිමට වැටුනා.
අපි අම්මාව ඉක්මනට හොස්පිටල් අරන් ගියත් මීගමුව හොස්පිටල් එකෙන් අම්මාව කොළඹ ට මාරු කරේ  අම්මට අමාරු උන නිසා.එයාට සිහියක් තිබුනෙ නෑ.පහුවදා අම්මට සිහිය ආවත් එයා හැසිරුනේ හරි අමුතු විදියට.හොස්පිටල් එකෙන් එයාගෙ ඔලුවෙ සීටී ස්කෑන් එකක් කරන්න එක්කන් ගිහින් වාට්ටුවට දාපු වෙලේ ඉදන් එයා අමුතු විදියට හැසිරෙන්න ගත්තා.මේ හැමදේම නිසා මට ඇති උනේ කියා ගන්න බැරි තරම් දුකක්.
මං අම්මා ළගින්ම හිටියා එදා දවසම.හවස අම්මා මට කතා කරා.හැබැයි කියපු දේවල් මට තේරුනේ නෑ.මොකද අම්මා කතා කරේ ගොත ගගහා.එයා එයාගෙ අත් දෙකෙන් අපේ ආගමේ මැරුණු කෙනෙක්ට චාරිත්‍ර කරන  විදියට කරන්න ගත්තාම මං ගොඩක් බය උනා.එයාගෙ අත් දෙක ආපහු තිබුනු විදියට තියන්න හැදුවත් මගෙ අත ගසා දාලා අම්මා ආපහු තමන්ට තනියම චාරිත්‍ර කර ගන්නවා වගෙ කරනවා..

එදාම රෑ ගෙදර ඇවිත් කන්න දෙයක් හදා ගන්න ගමන් කුස්සියෙ හිටපු මට හොස්පිටල් එකෙන් කතා කරලා කිව්වෙ අම්මා ටික වෙලාවකට කලින් මැරුණා කියලා..මං ජනේලෙන් එලිය බලද්දියි මං දැක්කෙ අපේ ගේ දිහා බලන් හිටපු සුදු ඇද ගත්තු අම්මායි තාත්තායි අර කොහොඹ ගහ ළගට ගිහින් ආපහු හැරිලා බලලා නැති වෙලා යනවා..තාත්තා ඇවිත් අම්මාවත් එක්කන් ගියා කියලා මට තේරුනා.
අම්මගෙ මරණින් පස්සෙ මට ඒ ගෙදර ඉන්න බැරි උනා.හැමදාම වෙනදා වගේම රෑට සද්ද බද්ද ඇහෙන්න ගත්තා.මං ගෙදර හිටියෙ තනියම නිසා අයියලාගෙ මැදිහත් වීමෙන් මාස තුනකට පස්සෙ අදුරන මාමා කෙනෙක්ට ඒ ගෙදර විකුනපු අපි වෙන පැත්තකින් ආපහු ගෙයක් ගත්තා.අපි හැමවිස්තරයක්ම කියලාමයි ඒ ගෙදර ඒ අයට විකුණුවෙ.විකුණන්න කලින් අයියලා එක්ක ගිහින් අපි ඒ ගේ ගැන බලද්දි කිව්වෙ කිසිම කෙනෙක්ට ඒ ගේ ගැන හොයන්න බැරි වෙන්න මුලු වත්ත වටේම කලු පාට මීදුමකින් වැහිලා කියලා.

අදටත් අපේ තාත්තටයි අම්මටයි උනු දේවල් අබිරහසක්.අම්මා එදා දැකපු කෙනා කවුද කියවත්,අම්මා මැරෙන්න කලින් අර විදියට හැසිරුනේ ඇයි කියන එකත්,කිසිම ලෙඩක් තිබුනෙ නැති මගෙ අම්මා එක පාරම පැරලයිස් උනු හේතුවත් ඒ ගෙදරත් එක්කම කාලයක් යද්දි වැලලිලා ගියා..

                නිමි...

*******************************************************


Comments

Popular posts from this blog