හෝම්ස් සමඟ මම ආහාර ගැනීමෙන් පසුව නැවතත් අශ්ව කරත්තයකින් බේකර් වීදියට පැමිණෙමින් සිටියදී හෝම්ස් ,
" වොට්සන් , මේ සිදුවීම් දෙයක් වුනත් අනිවාර්යයෙන් එකිනෙක සම්බන්ධයක් තියෙනවා . අද පාන්දර මියගිය පුද්ගලයා කථානායක තුමාගේ පැරණි සේවකයෙක් වීම අහම්බයක් වෙන්න බැහැ . ඔහුගේ වර්තමාන මානසික තත්ත්වය කෙසේවුවත් යම්කිසි හේතුවක් තියෙනවා ඔහුගේ මරණය සිදුකරීමෙන් වසා දමන්න පුළුවන් විදිහේ .
අවතාරයක් හෝ යක්ෂයා හෝ ගල් ගෙඩියක් ආයුදයක් විදියට පාවිච්චි කරන්නේ නැහැ . අනිවාර්යයෙන් මේක මිනිසෙක් හෝ කීප දෙනෙක් කරපු අපරාධයක් ."
යනුවෙන් ප්‍රකාශ කළා .
!
හෝම්ස් ,ඔබට හිතෙන්නේ මොහු යක්ෂයා දැකලා බයවී දිව්වා කියලා ද ?"
" ඔවු, අනිවාර්යයෙන් එහෙම තමා සිද්ද වෙලා තියෙන්නෙ . හැබැයි ඔහු බයවීමෙන් මිය ගොස් නැහැ . ඒ නිසා ගලකින් පහර දීලා තියෙනවා . සොහොන් පිටිය අසළ ජීවිතය ගෙවාපු කෙනෙක් හොල්මන් වලින් බය කරන්න අමාරුයි . නමුත් ඔහු බියවී දුවලා තියෙනවා . ඒකට හේතුව භයානක දර්ශනයක් විය යුතුයි ."
" හෝම්ස් , මේවා තේරුම් ගන්න අමාරුයි මට නම් . දොරවල් වහලා තිබුණ කාමරයක් ඇතුලට කොහොමද මනුස්සයෙක් ඇතුල් වුනේ ? කථානායක තුමා හිටියෙ අගුලු දැමූ කාමරය ඇතුළේ . ඊළඟට සොහොන් පිටිය අසළ හොල්මන් කරලා මිනිහෙක් මරලා . මේක පැහැදිලි කරන්න පුළුවන් කොහොමද ?"
" සිදු නොවිය හැකි සියල්ල ඉවත් කළාම සිදුවීමට නොහැකි විදියට පෙනෙන දේ සිද්ද වෙලා තියෙන්න ඕනෑ . වොට්සන් , කවදාවත් යක්කු භූතයෝ මිනිස්සු මරන්නෙ නැහැ . ඒවා ඔක්කොම මිත්‍යා කතා . ලෝකයේ සිද්ද වෙන්නෙ දෙපා මත ඇවිදිමින් අපරාධ කරන මිනිස්සු විසින්ම කරන හොරකම් සහ මිනීමැරුම් විතරයි . එහෙම නොවුනා නම් මටත් ඔබටත් වෙනත් රැකියාවක් හොයාගන්න වෙනවා . වින්ඩ්සර් හෝල් මන්දිරයේ කථානායක තුමාගේ කාමරය තුළට ඇතුලුවීමට රහස් දොරක් හෝ කවුලුවක් තිබිය යුතුයි . ඒක සොයාගැනීමට අපිට නොහැකි වුනොත් ඒක අපේ අදක්ෂ භාවය මිසක් එහෙම එකක් නොතිබීම නොවෙයි ."
බේකර් වීදියට පැමිනීමෙන් අනතුරුව මම මගේ වයිද්‍යය කටයුතු සදහා ඩිස්පෙන්සරියට ගියේ අනිවාර්යයෙන් සොයා බැලිය යුතු රෝගීන් කිහිප දෙනෙක් සිටින නිසා . ආපසු බේකර් වීදියට පැමිණෙනවිට මදක් රෑ බෝවී තිබුණත් හෝම්ස් පිටත ගොස් තිබුණා . මා පුවත්පත් කියවමින් සිටියදී කාමරයට පැමිණියේ කම්කරුවෙක් ලෙසින් හැද පැළද ගත් හෝම්ස් බව මට වුණත් හදුනාගන්නට මොහොතක් ගතවුනා .
හෝම්ස් , ඔබ කොහෙද ගියේ ? මම ඇවිල්ලා පැයක් විතර වෙනවා ."
" මම ටිකක් ඇවිදින්නට ගියා . හැබැයි සාර්ථක ගමණක් . ඔබ හිතන්නේ මම ගියේ කොහෙට කියලද ?"
" බොහෝවිට ඔබේ ගමණ අරමුණු වෙන්න ඇත්තේ චාරිංක්රොස් පිටරවුම් පාරේ වෙන්න ඕනෑ ."
" වොට්සන් , ඔවු, මම ගියේ ඒ පැත්තට තමා . අපේ වැදගත් ඇදුම් ඇදගෙන ගිහින් තොරතුරු හොයාගන්න බොහොම අපහසුයි . මිනිස්සු දන්නා දේවල් වුණත් කියන්න පසුබට වෙනවා . නීතියෙන් කරදර වෙන්න පුළුවන් බවයි ඔවුන් හිතන්නේ .ඉතිං මම එහෙම අවස්ථාවක් වුනොත් යන්නේ කම්කරුවෙක් හෝ රස්තියාදු කාරයෙක් වගෙයි .ඕනෑ දෙයක් මිනිස්සු සැකයක් නැතිව කියනවා . මියගිය පුද්ගලයා ගැන තොරතුරු ගොඩක් මම සොයාගත්තේ සාමාන්‍යය මිනිස්සු එක්ක ගැවසීමෙන් . ඔහුගේ රාත්‍රී ලැගුම් ගන්න තැන පවා මම දැන් දන්නවා . ඒක වැදගත් හෝඩුවාවක් . පැරණි දිය අගලක් වගේ පෙන්නන්න තියෙන ගල්ගුහාවක් තුළ ඔහු ලැගුම් ගෙන තියෙනවා . එතැන පැරණි ඇදුම් , කෑම ගත් ඇලුමිනියම් පිගානක් අපිරිසිදු කෝප්පයක් පවා තිබුණා . නිදාගත්ත පැදුරු කඩමාල්ලකුත් තිබුණා .ඒවා ඔක්කොටමත් වඩා වටිනා සොයාගැනීමක් කරන්න මට පුළුවන් වුණා ."
" ඒ මොකක්ද හෝම්ස් ?
" ඒ ගල්ගුහාව කෙළවරට වෙන්න අදුරු මුල්ලක තියෙනවා සුවිශේෂී දෙයක් ."
කතාව ඉදිරියට මේ කතා අසපුවෙන් ගේන්න ඔයාලගේ කමෙන්ට් ඕනේ අලුත්ම කොටසකින් ලගදිම හම්බුවෙමු.
-සොලමන් පෙරේරා
Comments
Post a Comment