නිර්වාන් තම ඇදෙහි යටට එබී බැලුවේ එය තවමත් ඇදයට ඒ ආකාරයෙන්ම තියෙනවාදයි හරියාකාරව බලා ගැනීමටයි.  ඔහුගේ හිතට එය ඉතාමත් වදයක් විය. නින්දට ගියද මේ ඔහු නින්ද අතරමැද ඇහැරුණු 3වන වතාවයි. 


           ඇද යටට එබී බැලූ නිර්වාන්ගේ දෑස් අදහාගත නොහැකි වූයේ  එය මේ වන විටත් අතුරුදහන් බැවිනි. හදවත තත්පර ගානකට නතරවුනා යැයි ඔහුට හැගෙන්නට විය. 

මිලයන 250ක් ..... මිලියන 250ක්

එය ඔහුට කිසිසේත්ම සුලුපටු ගානක් නොවීය රු.500ක්වත් අතේ නැතුව කුළී වැඩ කරන ඔහුට එය මහත් විශාල මුදලක් විය.

   මුදල් සහිත විශාල ගමන් මල්ල ඇද යටට දැමුවා ඔහුට හොදටම මතකය නමුත් දැන් එයට කුමක්වීද? 

ඇදෙන් බිමට පිනූ නිර්වාන් මුලු කාමරයම අවුස්සන්නට විය. නැත මුදල් හෝ එහි සලකුණක්වත් නැත. 

     කාමරයෙහි දොර අඩවන් වී ඇතිබව යාන්තමින් පෙනෙන්නට විය. ඒ දෙසට හැරුණු නිර්වාන්ගෙ දෙනෙත් විශාල වූයේ පෙර කිසිදු දිනක නොවූ බියක් සිතතුලට ඇතුල්වෙමිනි. තම ශරීරය පුරා යම්කිසි විදුලියක් ඇදී යනවා මෙන් ඔහුට දැනෙන්නට විය. 

   දොරින් එපිටට වී ගිනිගත් දෑසින් තමා දෙස බලා සිටින්නේ කවරෙකුදැයි හදුනාගැනීම ඔහුට අපහසු නොවීය. බෙල්ලෙහි එක් පසක තවමත් ඇණී ඇති වීදුරු බෝතල් බාගය තුලින් හා එපිටින් තවමත් ලේ උතුරමින් පවතී..  

          මීට පැය කිහිපයකට පෙර තමා විසින්ම පරලොව යැවූ ඔහු දැන් තමාගෙ ඉදිරිපිටය.  ඔහුගේ අසල මුදල් මල්ලද පවතී. නිර්වාණ්ගේ සිත මුදල් කෙරෙහී ඇදී ගියෙන් මේ තමා අසල සිටිනා හොල්මන පිළිබදවද ඔහුට එතරම් ගානක් නොවීය. ක්ෂණිකව දිවගිය ඔහු දොර අසලින් මුදල් බෑගයද රැගෙන ජනේලයෙන් පැන දුවන්නට වූයේ..   සමරේගේ මහා වියරු හිනා හඩත් සමගය.

          පය පැටලී ඇද වැටෙමින් දිව ගිය නිර්වාණ් අවසානයෙදී නතරවූයේ රෙනාල් සහ ඔහුගේ පිරිවර ඉදිරිපිටය. ඊට අමතරව රෙනාල් අසලින් වූයේ තවත් නම ගිය අපරාධකාරයන් කිහිප දෙනෙකි.  

         තමාගේ ලොක්කාගෙන්ම උදුරගත් මුදල් සමගම අහුවූ නිර්වාන් බේරීමට කරුණු පැහැදිලි කරන්නට වූයේ හිසට එල්ල කරගෙන සිටි තුවක්කු කිහිපය දෙස බලමිනි.

  බොස් සමරේ මට ඇනලා සල්ලි උස්සන්න හැදුවෙ .. මම ඌට ඇනලා සල්ලි ටික අරන් පැනලා යනගමන් මේ හොදවෙලාවට බොස්ව හම්බවුනේ මෙන්න බොස් සල්ලි ටික අරූ තාම මගේ පස්සෙන් එනවා.

තම ජීවිතය මුදල් වලට වඩා වටිනා බව වටහාගත් නිර්වාණ් කතාවක් නිර්මාණය කරමින් මුදල් බෑගය රෙනාල්ගේ දෙපා මත තබන්නට විය..

  පුදුමයකි..  දෙපා මත නොරැදුනු බෑගය බිමට තැබූ සේ නොසෙල්වී පවතින්නට විය. නිර්වාණ් තම ලොක්කාගේ දෙපා අල්ලන්නට වූයේ නැගිටීමටය. නැත ඔහුට එය දැනුනේවත් නැත. මෙහි සැබැවින්ම රෙනාල් නැතිබව වැටහීමට එතරම් කාලයක් ගත නොවීය. 

      සෙමින් හිස ඔසවා බැලූ නිර්වාණ් දුටුවේ නලල මැද වූ වෙඩි පහරක් සමගම තමා දෙස බලා සිටි රෙනාල්ගේ මුහුණය. වෙඩි උණ්ඩය ඇතුලු වූ තැනින් තවමත් ලේ විදිමින් ඇත. දුටු දර්ෂනයෙන් නිර්වාන්ගේ හිස කැරකෙන්නට විය. අවසාන වශයෙන් ඔහුට ඇසෙන්නට වූයේ වියරු සිනහාවන් වලින් පිරීගිය ශබ්දයකි. තත්පර කිහිපයකින් එම ශබ්දය පරයමින් රිපීටර් වර්ගයේ තුවක්කුවකින් වෙඩි හඩක් නිකුත්වූයේ නිර්වාණ්ගේ ජීවිත කතාවද අවසන් කරමිනි...

.......................................................

මාබෝල වත්තල හරහා කටුනායක දෙසට ඇදෙමින් පවතින් අති නවීන Audi වර්ගයේ ජීප් රථයකි. එහි තුළ වූයේ වැදගත් පෙනුමැති ඉතාමත් ප්‍රියමනාප පෙනුමක් සහිත පුදගලයෙකි . නමින් වෙනුර වූ ඔහු කරන රැකියාව දන්නවනම් දන්නේ කිහිපදෙනෙකු පමණි..

වාහනයෙයි තිබූ ජංගම දුරකතනය නාද වූවෙන් වෙනුර එයට ප්‍රතිචාර දක්වන්නට විය.

හෙලෝ...

හෙලෝ වෙනුර...

ආහ් කියන්න ලොක්කා ..  ඔව් මම මේ ටීනාව ගන්න එයාර්පෝට් යන ගමන් ඉන්නෙ තව පැය බාගෙකින් මම ඔතන . හරි බොස් මම හරියට කරන්නම් බයවෙන්න දෙයක් නෑ අවුලක් වෙන්නෙ නෑ මාත් එක්ක සමනා ඉන්නව..ඔව් ලොක්කා හරි අපේ ගාව බඩු තියනවා සමනා ගාව රිපීටර් එකකුත් තියෙනවා. අපි පරිස්සමින් එන්නම් . හරි ලොක්කා හරි..

   වෙනුර දුරකතනය විසන්දි කොට තම ඉණ අතගා බලන්නට වූයේ තම පිස්තෝලය තියෙනවාදයි සැක හැර දැන ගැනීමටය. 

  සමනා මොකුත්ම අවුලක් වෙන්න දෙන්න බෑ දන්නවනෙ රොෂාන් ලොක්කගෙ වැඩ ගැන . රිපීටර් එක ලෝඩ් කරලා තියාගනින් අවුලක් උනොත් ක්ෂණිකවම තියපන් මේ බඩු ටික ගිහින් දීලා සල්ලි ගන්නකන් මොකුත් වෙන්න විදියක් නෑ මෙතන . 

      ඕකේ වෙනුර අයියා බඩු රෙඩී බයවෙන්න දෙයක් නෑ..   සමන් තම තුවක්කුව පිහිදමමින් කියවන්නට විය. 

මිනිත්තු කිහිපයකින් Audi රථය ගුවන් තොටුපල රථගාලෙහි නවත්වන්නට විය.  වෙනුර එයින් එලියට බැස ටීනා එනතුරු දොරටුව දෙස බලාගෙන කල්පනාවකට වැටුනේ මෙම කටයුත්ත ලැබුණු ආකාරය ගැනය. 

    වෙනුර සදරුවන් වූ ඔහු පෙනුමෙන් ප්‍රියමනාප චරිතයක් විය.නමුත් ඔහු කවුරුන්දැයි හරියාකාරව දැන සිටියේ කිහිප දෙනෙකු පමණි.   වෙනුර යනු මෝදර රොෂාන්ගේ දකුණු අතවිය.  ලංකාව තුළ ඇති සෑම නීතිවිරෝධී වැඩකටම සම්බන්දව සිටින රොෂාන් සතුව කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාද තුනක් විය . ඔහුද වෙනුර මෙන්ම සමාජයට පෙන්වූවේ හොද මුහුණ පමණි.    

           මෙවර ඔවුන් අතගසා සිටියේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වීමටය. ගෙන්වන මත්කුඩු වැල්ලවත්තෙ රෙනාල් හරහා මුදල් කරගැනීමට බලාපොරොත්තු වූයෙන් මෙම සම්පූර්න ප්ලෑනම වෙනුර , රෙනාල් හා රොෂාන් අතර පමණක් විය.     සිංගප්පූරුවේ සිට ටීනා නම් රොෂාන්ගේ යෙහෙලියක් රැගෙන එන එම මත්කුඩුවල වටිනාකම මිළියන 250ට ආසන්න විය.   විශාල ගමන් මල්ලක අතුරා තිබු එම මත්කුඩු නීතියෙන් බේරාගැනීමට රොෂාන්ට තවත් ලක්ෂ 25ක් වියදම් වූවේ රේගුවේ නිළදාරීයකු අල්ලා ගැනීමටය.

            සැලසුමට අනුව මත්කුඩු සමග ටීනාව රැගෙන ඒමට වෙනුර පිටත් වූ අතර එය රැගෙන වැල්ලවත්තේ රෙනාල්ගේ දෙහිවල පිහිටි තෙමහල් නිවසට ගොස් එය මුදල් කර නැවතත් මෝදර රොෂාන්ගේ කිරිබත්ගොඩ තිබූ නිවසට ගෙනයාම ඔහුගේ වැඩකොටස විය. 

             රන්වැන් පැහැ ශරීරයකින් හෙබි නිලියක් වන්වූ ටීනා විශාල ගමන් මල්ලක් සහ කුඩා ගමන් මල්ලක්ද සමග වෙනුරගේ රථය දෙසට ඇදෙන්නට විය.  

හලෝ වෙනුර

හලෝ මිස් ටීනා අවුලක් උනේ නෑනේ ඉක්මනට නගින්න කෝ දෙන්න බෑග් එක මම පටවන්නම් .

Audi රථයේ ඩිකියට ගමන් මල්ල පැටවූ පසු මත්කුඩුද සමග වාහනය කෙලින්ම ඇදී යන්නට වූයේ දෙහිවල දෙසටය. 

  දෙහිවල නිවස අසල රථය නැවැත්වූ වෙනුර සහ ටීනා  සමන් සමගම රෙනාල්ගේ නිවසට ඇතුලු වන්නට විය.

    වෙනුරයා බඩු ගෙනාවද ? එළ එළ වරෙන් උබළගෙ ලොක්කත් දැන් කතා කලා මේ අපේ සෙට් එකත් ඉන්න එකේ ශොට් එකක් එහෙම ගහලා පළයන්..

    බෑ රෙනාල් අයියා ඉක්මනට එන්න කිව්වා අනික ටීනාවත් ගිහින් දාන්න ඕන.. මෙන්න බඩු ටික සල්ලි ටික ලෑස්තිද ? 

  කෝ ගනින් බලන්න බෑග් එක..

වෙනුරගෙ අතින් බෑගය ගත් රෙනාල් එහි වූ මත්කුඩු පරික්ශා කර බලා වෙනුර වෙත ඔහු ගෙනාවාටත් වඩා විශාල බෑග් එකක් ලබා දෙන්නට වූයෙ මිළියන 250ක් සමගය.

   මුදල්ද රැගෙන පිටවූ වෙනුර ඇතුලු තිදෙනාගේ බලාපොරොත්තුව වූයේ හැකි ඉක්මනින් කිරිබත්ගොඩට පැමිනීමය.

   වාහනයට පෑලියගොඩ පසුකර මද දුරක් පමණක් ගමන් කල හැකිවූයේ ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් පිටුපසින් පැම්ණ audi රථයේ ගැටීම හේතුවෙනි. Audi රථය ඉදිරියට ගොස් නැවතුනද තවත් පිටුපසින් පැමිණි ලොරි රථයක් audi රථය ඉදිරිපසින් නවතා තුවක්කු අතැතිව දෙදෙනෙකු ඉදිරියට පැමිනෙන්නට විය.

   සමන් තම ‍රිපීටර් වර්ගයේ තුවක්කුව ඉක්මනින් ලෑස්ති කරගන්නට වූයේ කෙසේ හෝ මෙම ප්‍රශ්නයට මුහුණ දීමේ අටියෙනි. 

      නමුත් සිදුවූයේ ඔහු කිසිසේත් නොසිතූ දෙයකි. වාහනයේ රියදුරු අසුනේ සිටි වෙනුර ක්ෂණිකව පිටුපසට හැරී තම අත වූ පිස්තෝලය සමන්ගේ හිසට එල්ල කොට කොකා ගස්සන්නට විය. ටීනාටද සිදුවන දේ වටහා ගැනීමටවත් කාලයක් නොවූයේ වෙනුරගේ ඊළග උන්ඩයට ඇයද බිලිවූ නිසාය. 

              මේ වන විට ලොරි රථයෙන් ඉවතට පැමිණි පුදගලයින් රථය වෙත ඇදෙන්නට වූයේ වෙනුර වෙතට තුවක්කු දික් කරගත් ගමන්මය. වාහනයෙන් එලියට පැමිණි වෙනුර ඩිකිය හැර මුදල් මල්ල ඔවුන් වෙත දිගු කරන්නට වූයේ පැමිණියවුන්ටද  වටහා ගත නොහැකි වන අයුරිනි. 

             අවශ්‍ය දේ ලබාගත් බැවින් ඔවුන් නැවත වාහනයේ නැගී පළාගිය අතර තම වාහනයට නැගි වෙනුර තම වාහනයේ තැන් කිහිපයකට නිකරුනේ වෙඩි කිහිපයක් එල්ල කොට මියගිය මිතුරන්ද සමගින්ම කිරිබත්ගොඩ වෙත වාහනය ධාවනය කරන්නට විය. 

             කිරිබත්ගොඩ පිහිටි රොශාන්ගෙ නිවසට ඔහු දිවගියේ කළබලයෙනි. වාහනයකින් පැමිණ වෙඩිතවා මුදල් අරන් ගියබවත් ටීනා සහ සමන්ට වෙඩි තැබූ බවත් තමන් බේරි පැනගිය බවත් පවසන්නට වූයේ කදුලු හෙළමිනි

වෙඩි කෑ සතෙකු සේ කිපුනු රොශාන් වෙනුරටද අතුල් පහරක් එල්ල කරමින් නිවසින් පිටවන ලෙස පැවසුවේ කොහෙන් හරි එම මුදල් පැහරගත් වාහනය සොයාගන්නා ලෙස පවසමිනි. 

    නිවසින් පිටව තම රථයේ නැගි වෙනුර මද දුරක් ගොස් ඇමතුමක් ලබාගන්නට විය..

    හෙලෝ වෙනුර...

  අඩෝ සල්ලි ටික උබේ අතට ආවා නේද හරිනෙ වැඩේ ? 

    යකෝ උබට පිස්සුද වෙනුර අපේ කොල්ලො මේ දැන් ආවා උබේ වාහනේ හොයාගන්න බැරිවුනා කියලා .. උබ කොහෙද ගියේ. ? 

    එම වචන සවනට වැටෙත්ම  වෙනුරට තම සවන් අදහාගත නොහැකි විය. 

   එඩ්මන් උබ මටත් ගේම ගහන්න හදනවද යකෝ...

පිස්සුද වෙනුරය උබට මම ඒවා කරනවද. පොඩ්ඩක් හොයලා බලපන් ?   

  වෙනුර තම ජංගම දුරකතනය විසන්දි කර. සිදුවූ දේ නැවතත් කල්පනා කරන්නට විය. 

      ඔහු මුදල් දැමූ වාහනයේ සිටි අයෙකුගේ එක් මුහුණක හුරුවක් ඌයෙන් ඔහු ඒ බව නැවතත් එඩ්මන් හට දුරකතනයෙන් දැනුම් දෙන්නට විය.

     වෙනුර උබ කියන හැටියට ඔය සමරෙ ... ඌ රෙනාල්ගෙ පොරක් . ඒ කියන්නෙ උබටත් හොරෙන් ඌ උබලටම ගේමක් ගහලා..  

      උබ ගිහින් විස්තර කියපන් රෙනාල්ගෙ එවුන් සල්ලි ඉස්සුවෙ කියලා හොයාගත්තා කියලා.අපේ සෙට් එකත් එක්ක බහිමු අපි ගේමට..

     එඩ්මන්ගේ වචනය අනුව වැඩකෙරූ වෙනුර නැවත රොෂාන් හමුවී විස්තර පවසන්නට විය. 

      ඒ අතරතුරදී මුදල් පැහරගත් ලොරි රථයේ රියදරු වූ සමරේ සහ සහයක නිර්වාණ් ලොරි රථය රෙනාල්ගේ ප්‍රදේශයට ඇදී යන්නට විය. 

     සමරෙ අයියා මොකක්ද බන් ඒ වුනේ හිතාගන්නවත් බෑනෙ ..

       ඔව් බන් මටත් හිතාගන්න බෑ මාර ප්‍රශ්නය .

     සමරෙ අයියා අර කඩේ ගාවින් පොඩ්ඩක් නවත්තපන්කො මම බොන්න මොනා හරි අරගෙන එන්නම්. 

  ඒ මොකටද බන් මට එපා බොන්න මොකුත් කෙලින්ම යමන්කෝ..  

  සමරෙ අයියා බීම දෙකක් ගහමු බන් නවත්තපන්කෝ ..

     කඩය අසලින් වාහනය නැවැත්වූ පසු නිර්වාණ් ගොස් වීදුරු බීම බෝතල් දෙකක් ගෙන ආ අතර  ඉදිරියේ ඌ බෝක්කුව අසලට දෙදෙනාම පයින් ගමන් කොර එහිවාඩි වී එය පානය කරන්නට විය.

     වෙලාව සවස 6ටද ලං වූයෙන් මේ වනවිට අදුර පැතිරෙමින් විය. අවට වාහන හෝ ගැවසුනේ ඉදහිටය මෙය අතුරු පාරක් වූයේ මුදල් රැගෙන ප්‍රදාන පාරෙන් පලා යා නොහැකි වීමෙනි.

       බීම පානය කර අවසන් වූ නිර්වාණ් සමරෙගෙ බෝතලයද අතට ගෙන යන්නට හැරුණු අතර ඒ වන විටත් සමරෙ වාහනයට යෑමට හැරී තිබිණ. කිසිවක් සිතා ගත නොහැකි අයුරින් සමරේ ලේ පෙරෙමින් බිම වැතිරෙන්නට විය. 

       නිර්වාණ් තම අතෙහි වූ බීම බෝතලයක් කුඩු කර එය සමරේගෙ බෙල්ල පසාරු කරයන්නය ඇන ක්ෂණිකව පැන ගිස් ලොරියට නැගී පැන යන්නට වූයේ කිසිවෙකු නොදත් තම පාලු නිවහන වෙතටය. එහි දවසම රැදී රාත්‍රියද ගත කිරීම ඔහුගේ අරමුණ වන්නට ඇත. 

          මේ අතරේදී රෙනාල්ද පිස්සු වැටී සිටියේ මුදල්  තවමත් පරක්කු බැවිනි. සිදුවුවක් කිසිවෙකු තවමත් නොදනී . සමරගේ මිනිය හමුවීමෙන් මුදල් පැහැරගත්බව වටහාගන්න ඔහුටද අමාරුවක් නොවීය.  

         රෙනාල් නොදත් දෙයක් මේ වන විටද සිදුවෙමින් පවතින්නට විය. ඔහුග්වෙ නිවස පිටු පසට මේ වන විටත් හය දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් පැමිණ තිබින. නිවස තුළ රෙනාල්ගේ කන්ඩායමේද සිටියේ 6 දෙනෙක් පමණක් විය. 

         පිටුපසින් ඇතුලු වුනු ඔවුන් ක්ෂනිකව රෙනාල් වෙත ප්‍රහාරයක් එල්ල කරන්නට විය. ප්‍රහාර ප්‍රතිප්‍රහාර හමුවේ රෙනාල්ගේ සියලු දෙනාම මරු වැළද ගත්තේ රොෂාන්ගේ කන්ඩායමේ වෙනුර හැර අනිත් අයවද මිය පරලොව යවමිනි. 

     රෙනාල්ගේ නළල මැදට වෙඩි ප්‍රහාරයක් එල්ල වී  මියගොස් ඇත.  

        මුදල්වලට සිදුවූ දෙය ඔහුද නොදත් බැවින් වෙනුර රෙනාල් අසල තිබූ මත්ද්‍රව්‍ය ටික රැගෙන පැන යන්නට වූයේ කිසිවෙකුට අහුනොවන පරිද්දෙනි. වාහනයට ගොඩ වී 10km පමණ ගමන් කරන්නට වූයේ නගරයෙන් පිට අතුරු මාර්ගයකය.

      දෙපසින් වටවූ වෙල්යායක් මැදින් වාහනය ඇදීයන්නට විය. එක් වනම වෙල අසල වූ මාර ගසක් අසලින් මැවී නොපෙනී ගියේ කාන්තා රුවකි.  ඒ කිසිවෙකුදයි වෙනුරට හරියාකාරව වටහා ගත නොහැකිවිය.  

        වාහනයෙ පසුපස බලන කන්නාඩියෙන් ඔහු බැලුවේ වාහනයේ පිටුපසය. ඔහුට තම දෙනෙත් අදහාගත නොහැකිවිය. තම රිපීටර් වර්ගයේ තුවක්කුව පිස දමමින් සිටියේ උදෑසන වෙඩි තබා ඝාතනය කල සමන් ය.    
    
         බියත් සමගම වාහනයායින් කිරීමට නැවතත් ඉදිරිය බැලූ වෙනුරට මෙවර උන්හිටි තැන්ද අමතක වන්නට විය.

   වාහනය ගමන් ගත් මාර්ගයේ මීටර් 50ක් පමණ ඉදිරියේ පාරෙහි මැදට වී සිනාසෙමින් සිටියේ ටීනාය ලේ පෙරුණු මුහුනෙන් වැසි ඇයගේ වියරු හඩට තවත් බියවූ වෙනුර සුක්කානම වමට කරකවන්නට වූයේ ඇයව මගහැරීමටය. 

   පාලනයෙන් ගිලිහුනු වාහනය පාර අසල වූ විශාල ගසක හැපී සුනු විසුනු වී ගිනිගනු ලැබුවේ වෙනුරගේ ජීවිතයද උදුරාගනිමිනි.

  නීතිවිරෝධී අපරාධයන්ට හසුව තම මිතුරන් පවා මරා දැමූ සියල්ලන්ම අවසානයේදී මිය යන්නට වූයේ සාහසික අයුරිනි. 

  
අවිගත්තෝ අවියෙන්ම නැසෙති..

ස්තූතියි 

නිමි

නිර්මාණාත්මක වෑයමකි

අශාන් රවිශාද්

Comments

Popular posts from this blog