මල්වර වෙලා ස්නානෙට යන ගමනේ..මනකල් වෙලා ඇතිලීමෙන් නාන තැනේ...මල්වර තරුන අගනන් දැක අල්ලමිනේ...ඇල්නොව රනින් ආතුර කල කුමරුවනේ....

" අනේ අම්මෙ මගෙ බඩ රිදෙනවා😢😢 රෑට නින්ද යන්නෙත් නෑ ඇගටත් හරි නෑ"...හැමදාම උදේම නැගිට්ටම මදුගෙ කටින් කියවෙන්නෙ ඔය වචන ටික තමා..අම්මටත් දැන් ඒ ටික අහලාම එපා වෙලා..හැමදාම දෙහි දෙනවා කෝපි දෙනවා ඒත් කිසිම ගුනයක් මදූගෙ ඇගේ පේන්න නෑ.."හැමදාම ඕක ඇවිත් මට කීවට හරියන් නෑනේ කෙල්ලෙ ගිහින් බෙහෙත් ටිකක් ගනින් කියලා බෙහෙත් ගන්න ගියත් දොස්තරනම් කියන්නෙ මදූට ඇති ලෙඩක් නෑ කියලා...ඔහොම හැමදාම උදේ ඉදන් අඩලා අඩලා ඇදට යන මදූට රෑටත් නින්දක් නෑ ඇග උඩ නගිනවා,ඇග අත ගානවා හැමතිස්සෙම කවුරු හරි ඇවිත් රිද්දනවා...ඒත් ආව කෙනෙක් නැ..ඉවසලා බැරිම තැන මදු ගිහින් මේක අත්තම්මට කීවේ අම්මට වඩා වැඩි යමක් ඇයට තේරේන නිසා."මොකක්ද කෙල්ලෙ අර කසුන් ලමයා එක්ක තිබ්බ සම්බන්දෙට උනේ කියලා ගත් කටටම අත්තම්මා ඇහුවම මදු පුදුම උනේ මේ දේටයි ඒ දේටයි තියෙන සම්බන්දෙ හිතාගන්න බැරි තැන..."අනේ අත්තම්මෙ ඒක නැති වෙලා දැන් මාසයක් විතර වෙනවා රන්ඩු කර කර හැමදාම ඉන්න බෑනෙ"මදු කියද්දි ආත්තම්මා මොකුත් නොකීවේ මොකක් හරි හිතේ හංගගෙන..එහෙනම් ගිහින් නිදාගනින්කො කීවාත් එදා රෑත් මදූට නින්දක් තිබ්බෙ නෑ...කලු හෙවනැල්ලක් කාමරේ පුරා සැරිසරනවා දැක්ක මදූට කෑ ගැහුවත් ඒ වචන එලියට ගන්න බැරි උනා..රෑ පුරාම පොර කලා කලා උදේම අඩාගෙන ආත්තම්මා ගාවට ගිහින් සිද්දිය කීවම "ඕකනම් හරියන දෙයක් නෙමේ කෙල්ලෙ උබට තියෙන්නෙ කලු කුමාර දෝසෙ.අර කොලුවා ගැන රෑ තිස්සෙ තනියම උබ කල්පනා කොර කොර ඉන්නවවත් ඇති."කියලා කිව්ව ආත්තම්මා...නූලක් අරන් ගැට හත දාලා සාත්තු කරලා මදුගෙ බෙල්ලෙ බැන්දෙ ඒකෙන්වත් කෙල්ලට හොදක් වෙන්න කියාය..

අද කාලෙ උනත් තාමත් මේ කලුකුමාර දෝසෙ තියෙන ගොඩක් ගෑනුලමයි ඉන්නවා..කරඩුමාන දේවියට හා විජිත රජුට දාව ඉපදුන කලු කුමරු තරුන වියට එලබ කුමරියට ලොල්ව සිටියටත් ඒ කුමාරි මොහුට අකමැති වීම නිසා සියදිවි හානි කරගෙන මරනෙන් පස්සෙ මෙසේ යක්ශයෙකු වී ඉපදීඇත..තම සැමියා පෙම්වතා හැරයාමෙන් තනි වෙන හා මල්වර වීමෙන් තනි වෙන කාන්තාවන් තම ගොදුර වෙන අතර සෑම රාත්‍රියකදීම ඔවුන් හාඑක්වීමට ඇලුම් කරයි...මේ නිසා කාන්තාවන්ට ශාරිරික මෙන්ම මානසිකවද ගැටලු ගොඩක් හමුවෙයි...

ඒ ගැන දෙවනි කොටසින් හමුවෙමු..
       🙏🙏බුදුසරනයි..🙏🙏

Comments

Popular posts from this blog