දුම්‍රිය පල

 සත්‍ය කතාවක් ඇසුරින් ලියමි


නම් ගම් මනංකල්පිතයි...

#සසංක නුවර සිට හැටන් යන්නට වූයේ රැකියාවේ ස්ථාන මාරුවක් නිසාවෙනි....
ඔහුගේ රැකියාව දුම්රිය නැවතුම්පලක පාලක තනතුරකි....
     රැකියාවට පැමිණි මුල් දින කිහිපයේ ඔහුට රාත්‍රී කාලයේද සේවය කිරීමට සිදුවිය.ඔහුටම ලබා දුන් නිල  නිවාසයක් ද ලබා දී තිබුණි.. මුල් දින කිහිපයේ දුම්රිය ගේට්ටු මුරකරු ඔහුගේ තනි නොතනියට සිටින්නට විය.... 
ඔහු අවුරුදු ගණනාවක් එම ස්ථානයේ මුරකරු ලෙස සිටි අයෙකි .... 
     ඔහුගේ සේවා කාලය අතරතුර සිදු වූ සිදුවීම්
ඔහු සසංක සමඟින් බෙදා හදා ගත්තේය... 
   තැති ගන්වන සුළු සිදුවීම් මාලාවක් කියූ නමුත් සසංක ඒ කිසිවකින් සසල වූයේ නැත...
*****-*
        සසංක දිනක් නිල ඇඳුමින් සැරසී මැදියම් රාත්‍රියේ සේවයට පැමිණියේය...
                    ඔහු පාන්දර පැමිණීමට නියමිතව තිබූ දුම්රියක් එනතුරු ඔහුගේ ලිපි ලේඛන කටයුත්තක නිරත වී සිටියේය.
             පොඩි විවේකයක් ගන්නා අටියෙන් දුම්රිය වේදිකාවට පැමිණ  කෝපි කෝප්පයක් පානය කල ඔහු එක්වරම දුටුවේ කෙළවර තිබූ බංකුවක අසුන්ගෙන සිටි තරුණ යුවළකි.. 
            ඔවුන් එන ආකාරයක් ඔහු දුටුවේ නැත.
ඔවුන් පාන්දර  එන දුම්රිය එනතුරු සිටින්නන් වෙන්නට ඇතැයි ඔහු සිතුවේය. 
 එක ලඟින් සිට  දුම්රිය මාර්ගය දෙස බලා සිටි නමුදු ඔවුන් කතා බහ කලේද නැත.
             ටික  වේලාවක් බලා සිටි සසංක ඔවුන් අසලට ගොස් ඔවුනට කතා කලේය.
     සසංක : කොහෙට යන්නද ඔයාලා මේ.       
                     තව ටිකකින් කෝච්චිය  නම්
                    එනවා.ටිකට් ගන්නවද?
 
දෙදෙනාගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නැත..ඔවුන් සිනාසුනා පමණි..
    
සසංක ට අමුත්තක් දැනුනි. නැවත ඔවුන් ගෙන් කොහෙට යන්නද මේ පාන්දර කියා,ඇසුවෙය.

එවිට තරුණයා, තව ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා යන්නං. මහන්සී අපිට.   

"මේ වෙලාවෙ  ⏰ මේ කොහේ යන ගමන්ද ඉතින්.. "සසංක විමසීය 

"ඒක දිග කතාවක් මහත්තයෝ " උදව්වක් කරනවද අපිට" තරුණයා කියන්නට විය.

"මොකද්ද" සසංක විමසීය

"මහත්තයා , වතුර ටිකක් ගෙනල්ලා දෙන්න" තරුණයා කියන්නට විය

"හරි, ඔහොම ඉන්න .මං ගේන්නම් '
සසංක එසේ කියා ෆිල්ටරයෙන් වතුර පුරවන් වීදුරුවක් රැගෙන නැවත පැමිණියේය.

"එහෙත් ,ඔවුන් එතන සිටියේ නැත."
වටපිට විපරම් කරද ඔවුන් පෙනෙන්නට සිටියේ නැත. 

" මෝඩ ජෝඩුවක් " ඔහු ඔහුටම කියාගෙන ඇතුලට ගියේය.

********-
පසුදින මුරකරු පැමිණියද සිදු වූ දේ කියන්නට #සසංකට අමතක විය.

එදින 🌙 රාත්‍රියේද ඔහු සේවයට වාර්තා කරන්නට විය. 
              වේලාව හරියටම 12යි... 1.10ට දුම්රිය පැමිණීමට නියමිතයි .🐕 බල්ලන්ගේ උඩුබිරුම් ශබ්දයද ඇසෙන පාලු මූසල රාත්‍රියකි.
              සසංක පොත්පත්වල වැඩ අහවර කරමින් කෝපි කෝප්පයක් ගෙන බංකුවක වාඩි වුනි.
             එක්වරම ඔහුගේ නෙත ගැටුනේ ඊයේ දිනයේ දුටු තරුණ යුවලයි.
 ඔවුන් රේල් පාර දිගේ ගමන් කරමින් සිටියි.
දෙදෙනාම සැරසී සිටියේ සුදු පාට ඇඳුමිනි... 
ඔහුගේ ළඟින් ගමන් කරන විට #සසංක ඔවුන්ට අඬ ගැසුවේය.
එහෙත් ඔවුන් නෑසුන ගානට ඇවිදන් යති.සසංක බලාගෙනම සිටියේය. 
ටික දුරක් යනවිට තරුණිය ගේ පාදය රේල් පීල්ලේ පැටලී වැටෙන්නට විය ...
 තරුණයා ඇගේ පාදය ඉන් මුදාගන්නට වෙර යොදන්නට විය  .එහෙත් ඇගේ පාදය මුදා ගැනීමට නොහැකි විය... තරුණයා ඇය ළඟම හිඳ ගත්තේය. ඔහු දිගින් දිගටම උත්සහයක නියැලෙයි... සසංක ඔවුන්ට උදව් කරන අටියෙන් ඔවුන් ළඟට කිට්ටු වන්නට විය... ඔහු ඔවුන් ළගට  කිට්ටු වන්නට කිට්ටු වන්නට ඔවුන්ව තව තවත් ඈත බවක් සසංකට දැනෙන්නට විය. ආපසු හැරී බලනා කල තමාට දුම්රිය නැවතුම්පොළ නොපෙනෙනා දුරකට ඔහු ඇවිත් ඇති බවක් ඔහුට දැනෙන්නට විය...

නැවත ඉස්සරහ බලන විට අර තරුණ 💑 යුවළ පෙනෙන්නට නැත . .බෙහෙවින් වෙහෙසට හා බියට පත් වූ සසංක නැවත හැරී දුවන්නට විය ... එහෙත් ඔහුගේ පාදයක් රේල් පීල්ලක සිර වන්නට විය. ඔහු එය ගලවා ගන්නට උත්සාහ කලද ඔහුට එය නොහැකි විය .උදව් ඉල්ලා කෑ ගැසූවද එම පාන්දර ඔහුට උදව්වට කිසි කෙනෙක් නොවීය....
   

 තව විනාඩි 15කින් පමණ දුම්රිය පැමිණෙන බවද ඔහු ට සිහි විය...තවත් වරක් උදව් ඉල්ලා කෑ  ගසන විට ඔහුට දැකගත හැකි වූයේ
තමා වැටී සිටි ස්ථානයේම වැටී සිටි හිස කඳින් වෙන් වූ මළ සිරුරු දෙකකි.... දහඩිය පෙරාගට්ජ් සසංක  වෙව්ලන්නට විය.
බලන්නට බැරි තරම් විනාශ වී ගිය එම සිරුරු 
දෙක තමා දුටු තරුණ යුවළගේ බව හඳුනා ගැනීමට ඔහුට වැඩි වේලා ගත නොවීය...
ඉතාමත් භීතියට 😱 පත් වූ සසංක් තම පාදය ඉවතට ගැනීමට උත්සාහ කලද නොහැකි විය.....
එක්වරම ඔහුට ඈතින් එන දුම්රිය නාදය ඇසෙන්නට විය. මර බියෙන් තැති ගත් ඔහුට සිහි නැතිවන්නට විය.

 *---------------------------------*
          පසුදින උදෑසන දී සිහිය එන විට ඔහු සිටියේ ඔහුගේ නිල නිවාසයේ ඇඳක් මතයි.
මුරකරු ඔහු අසලින් සිටියි..

පෙරදින රාත්‍රියේ තමා මුහුණදුන් බිහිසුණු අත්දැකීම සිහිනයක්ද ඔහුට සිතිනිම්

"කොහෙද මහත්තයා මහ රෑ ගිහින් හිටියේ... මං නොහිටින්න මහත්තයා ඉවරයි."

මුරකරුගේ එම වචනයෙන් එය සිහිනයක් නොවන බව වටහ ගත් ඔහු තමා මුහුණ දුන් සිදුවීම මුරකරු සමඟ කියන්නට විය..

*සිද්ධිය අසා සිටි මුරකරු ට සිදුවී ඇති දේ තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත..

"මහත්තයා එන්න සුමානයකට විතර කලින් ,මහත්තයා ඊයෙ රෑ වැටිලා හිටපු තැනම මේ ගමේ ජෝඩුවක් කෝච්චියට හැප්පිලා මැරිලා තිබුනා...
දෙන්නා කෝච්චියට පැන්නා කියලා ගම්මු කියුවේ..
ඒත් පස්සෙ පොලිසියෙ මහත්තුරු නම් කීවෙ ඒ කෙලීගෙ කකුළක් හිරවෙලා බේරගන්න බැරුව දෙන්නම කෝච්චියට අහු වෙලා කියලා.. 

          තමා දුටු සියළු දේම ගැන සිහිවූ සසංක තැතිගන්නට විය ...
 එම සිද්ධියෙන් බොහෝ කම්පනයට පත් වූ ඔහුට ගමේ පංසලේ නායක හාමුදුරුවන් සෙත් පිරිත් සඬ්ඬ්ජායනා කර යථා තත්ත්වයට පත් කරගන්නට විය..
             මුරකරු සමඟ මිය ගිය යුවළගේ නිවස සොයා ගිය ඔහු ඔවුන් දෙදෙනාගේ චායාරූප බලා තමා දුටුව්වෙ ඔවුන්ම යැයි තහවුරු කරගන්නට වීය.ඔවුන්ගේ පවුලේ උදවිය සමඟ එක්ව ඔවුන් සිහි කර දානයක් දී, 
         ගම්මුන් සමඟ එක් වී රේල්පාරේ වූ අනතුරුදායක ස්ථාන පිළිසකර කරන්නට විය. නිමි!!!

Comments

Popular posts from this blog