ඇයි මා තනිකලේ

 මම දැකපු එක්තරා වීඩියෝවක් නිසා මට මේ කතාව ලියන්න හිතුනේ කියවලා බලන්නකෝ....මනංකල්පිතයක්ද සහිතයි..


(((🔥🔥අම්මේ තාත්තේ කවදාවත් තමන්ගෙ දරුවෙක් දැන දැනත් තනි කරන්න එපා ...... ඔබලාගේ වුවමනාවන් වලට....තනි වූ ඔවුන්ගේ වේදනාව ඔබට නොදැනෙනවා සේ.......🔥🔥🔥📌️))) අවසන් වෙනකම්ම කියවන්න......

 
              පැංචියේ පැංචියේ මොකදැයි ඔය උගුර කඩන් කෑගහන්නේ......කෝ දැන් මේ කෙල්ල මේ ගෙදර බඩු මුට්ටු කතා කලත් මේ පැංචිනම් ඇයි කියන්නෙ නෑ..... ගිහින්ම බලමු කියා .......ආත්තම්මා පැංචිගේ කාමරයට ආවා.....

පැංචි නැත්නම් සෙනෙත්මා රණසිංහ ඉන්නෙ ආත්තම්මයි ......ලොකුඅත්තයි.... අත්තම්මා   යසෝමා........ලොකුඅත්ත බණ්ඩාර..... එක්ක තමයි සෙනෙත්මාගෙ ලෝකය 🌎  ඉස්සරහාට බලමු මෙයාලගෙ විස්තර...... 

පැංචියේ මොකද ඔය උඩ පනින්නෙ ඔය ෆෝන් එක දිහා බලන් ඇදත් එක්ක කඩන් වැටියන්කෝ ඈ....... 

අනේ ආත්තම්මේ එන්නකෝ.....නටමු....කියා කෙල්ල ඇදෙන් බිමට පැන ආත්තමගේ අත් දෙකෙන් අල්ලගත්තා...

කෝ ආත්තම්මේ ඩිගිරි ඩිගාරේ ඩිගි ඩිගි ඩිගිරි ඩිගාරේ.........කැරකිලා දෙකට නැමිලා ........කෝ කෝ.....ඕ.. ඕ..ඔජායේ ඔජායේ....

මේ පැංචියේ අතහැරපන් මාව තියෙන කැක්කුම් වැඩි කරලා තෙල්  ගාපන් උඹම මගේ .....

අමතක වුනානි සොරි වෙන්න ඕනි...ආත්තම්මේ මේ ගැත්තිට .....කෝ කොහෙද රිදෙන්නෙ.......මම අයිඩෙක්ස් එක අරන් එන්නම්කෝ ....

මේ මේ දැන් මොකුත් ඕනි නෑ ගාන්න කියපන් දැන් මොකද මේ ඇද කඩන් වැටෙන්න නැටුවේ කියලා බිමටපැනලා මාවත් ඇදන් .....

ආ ඒකද ඔන්න ආත්තම්මේ  ඔයාගෙයි ලොකුඅත්තගෙයි හීනේ හැබෑ වෙලා......

ඒ මොකක්ද බන් පැංචියේ විශ්වවිද්‍යාලෙ උඅන එකනේ පැංචි අපේ එකම  හීනේ .....

හී ......හී එක තමයි අනී සැබෑවෙලා තීන්නේ .......
හෑබෑවැයි පැංචියේ දෙයියනේ පිහිටයි.....පැංචිට වරදින්නෙ නෑ.......

අත්තම්මේ ඔන්න මම කෑගැහුව මම කොළඹ කැම්පස් එකේ නීතී පීඨයටමයි තේරිලා  තියෙන්නෙ..........

අනේ වාසනාවන් මොකක්දෝ ලකුණක් ද්
දානකම් කියන්න බෑකිව්වෙ එහෙන එදාක....
  
ඔව් ආත්තම්මේ ඒ කට් ඔෆ් මාක්ස් අද ඒවා දාලා ඒකනේ මම මේ නටන්නේ.......

ඔබේ වාසනාව කෙල්ලේ...... එහෙනම් අද රෑ කෑම සරුවට උයමු ......ලොකුඅත්ත මල් ඕඩර් එක බාරදීලා එනකොට අපි කියමු ..සතුටු වෙයි මනුස්සයා...

හා හා ආත්තම්මේ මම ඔන්න අද රයිස් එක හදන්නෙ ....
 
හා හා හදන්න්කෝ එහෙනම් ඔය කෑම....

මේ කෙල්ලේ කල්පනාවෙන් කපපන් ඔය බොංචි ටික.......
හරි ආත්තම්මේ කපනවා මේ කල්පනාවෙන් තමයි අනේ........

ලොකුඅත්ත ගෙදර ආපුවහම ආත්තම්ම විස්තරය කිව්ව ........

අනේ අපේ කෙල්ල වාසනාවන්තයි කියලා ඒකන්‍රෙ මම කියන්නෙ   ........ කවද ගරි කෙල්ලට හරි යනවනම් නිදහසේ මැරිලා යන්න පුලුවන් ...
                    ✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️
 අනේ පැංචියේ දැන් ඔක්කොම බඩු ටික ගත්තා නේද අරන් යන්න ඕනේ ......උඹත් එක්ක මේ මුලු නුවරඑළියේම ඇවිද්ද ඔන්න ආයේ ඇවිදින්න තැනක් නෑ දැන්වත් යමුද......රෑවෙන්නත් ළගයි.....ලොකුඅත්ත කෝච්චිය 🚆 ට මල් ඕඩර් එකක් දාන්න යනවා කිව්ව එද්දි උයලා තියන්නත් ඕනිනේ යමු ඉක්මනින් කියා දෙදෙනා ත්‍රීවීල් එකක ගෙදර ආවා.......

පැංචියේ අයේ මොනවද තව ගන්න ට්ජියෙන්නෙ මොනවද මගෙ මිනිබිරීට ලොකුඅත්තගෙන් ඕනේ......

අයේ මොකුත් ඕනේ නෑ ලොකුඅත්තේ......ඕනෙ දෙයක් තිබ්බොත් අමතක වෙලා එහෙන් ගන්න පුලුවන්නේ.....මට මොකුත් එපා ආයේ ඔය  දෙන්න  හිනා වෙලා ඉන්නවානෙඒ ඇති.......

ආනේ අනේ කපටි කෙල්ල අපිට චාටුවට ඔය.........
අනේ නෑ ආත්තම්මේ ඇත්තමයි ඔය දෙන්නා හිනා වෙලා ඉද්දි මගෙ බඩ පිරිලා වගේ හී මේ කියා බඩ අතගා පෙන්වා කෙල්ල කාමරයට ගියා.......

අනේ බණ්ඩාරේ......පැංචි ගියහම කොහොමද මේ ගෙදර ඉන්නෙ අපි දෙන්නා පාලු සොහොන වගේ තියෙයි ......වැඩේ කටට එන හැම එකක්ම රේඩියෝ එක වගේ කියවන එකනේ......පව් අසරණ කෙල්ල.......අම්මා අප්පා ඉන්න එකක්ද සතුටු වෙන්න කෙල්ල යන තැන දැකලා.....

කවදාහරි කෙල්ල නඩුකාර නෝනා කෙනෙක් වුන දවසට උන්ගෙ අම්මට තටු ඇරෙයි .......කෙල්ල හොදයි ඔවුන්ට පේන්නම තමන්ගේ ගමන යන එක........ 

ඒක ඇත්ත මොකුත් වුණේ නෑ වගේ හිනාවලා ඉන්න එකම මදිද.......
............................................................

පැංචියේ මොකද හෙට යන්න ලෑස්තියිද ඔක්කොම දාගත්තා නේද්.........

අනේ ආත්තම්මේ මට යන්න බෑ ඔයාලා දාලා අනේ මම කොහොමද ඔය දෙන්නා නැතුව ඉන්නෙ අනේ ...... ආත්තම්මේ මට  යන්නෙ නැතුව ඉන්න හිතෙනවා......අනික මම ගියඅ මගේ පිංකි පැටියා පව්...

පැංචියේ දුකයි තමයි......ඒත් හිත....... හදාගන්න අනික අපිට වෙලා තියෙන ඒවට ඕවා මොනවද පැංචියේ..... අලුත් යාලුවෝ හම්බවෙලා පිස්සු නටන්න ගද්දි ඕවා අමතක වෙයි මැනික කෝ නාඩා ඉදින් දැන් .....සති අන්තයේ ඇවිල්ලා යන්න එන්න බැරිද ගෙදර පුලුවන්නේ කෝච්චි තියෙන්නෙ ඕනිතරම්....... මම ඔය පිංකියාට කිරි ටිකල් හදලා දෙන්නම්....ඔය බලු තඩියා හිටියා කියලා වැඩක්ද....කනවා නිදියනවා......

ඒත් දුකයිනේ අප්පා .......ඔයා අඩන්න එපා කිව්වට මට කදුලු එනවනේ ......

මේ පැංචියේ කොල්ලෙක් එහෙම හොයාගන්නවා නෙවෙයි ගිය ගමන්  හොදද........ පස්සෙ බැරියැයි ඒවා........ පස්සෙ හොද කොල්ලෙක් හම්බුනොත් අපිටත් කියන්න ඕනි හොදද.......

මොනවද ආත්තම්මේ ඔයා මේ කියන්නේ චික් ඒයියා.......ඇයි ඔයා මම ගැන එහෙම හිතුවෙ ....ඊයා අප්පා........  හොද නෑ ඔයාලා හ්ම්......කියා ආත්තම්මව බදාගත්තා..............

පිස්සු කෙල්ල මම දන්නවා අපේ පැංචි වැරැද්දක් කරම්නෙ නෑ කියලා......හෙට උදේ පාන්දරම නැගිටින්න ඕනිනේ නිදාගන්න........ අද උපාලි මාමාගෙ වෑන් එකට සීයා කියලා තියෙන්නෙ  එයි..... උදෙන්ම......

**********************************
ලෑස්ති වෙලා ඉවරයි නේද පැංචි එහෙනම් එන්න එලියට බඩු ටික දැම්මා ලොකුඅතතයි......උපාලි මාමයි....... 
සමන්පිච්ච දාපු වතුර වීදුරුවක් අරන් ආත්තම්ම ඉස්සරහ දොර ලග හිටියා කෙල්ල........කලු පාට දිග සායට අත් වැලිමිට ලගට දිග සුදු රෝස කලු හරහට ඉරි ගිය ටීසර්ට් එක කෙල්ලගේ බටර් පාට හමට තව ලස්සනක් එකතු කරලා... පිටමැදට දිග කොණ්ඩේ ගොතලා පැත්තට දාලා.....එද්දි...

අනේ අපේ සුදීර සංජීවනී කැන්දන් එද්දි වගේමයි දැන්..... දුකේ බෑ මට කෙල්ල පව් අසරණී අද වගේ දවසකත් සතුටුවෙන්න කවුරුත් නෑ.........

ආත්තම්මේ පොවන්නෙ නැද්ද ඕක මගෙ දිහා බලන් ඉන්නෙ ඔයා වශී වුනාද .....අයියෝ.........

හැම දේකටම කෙල්ලගේ ආශිර්වාද කරේ ආත්තම්ම මෙහෙම .........

විශ්වවිද්‍යාලයීය ළමුන් බාරගැනීමේ වැඩ ඉවර් වෙලා කෙල්ලට හොස්ටල් හම්බවෙලා තිබ්බ නිසා ලොකුඅත්තයි.....ආත්තම්මයි එක්ක හොස්ටල් එකට ගියා.....

කෙල්ල යද්දි තව දෙන්නෙක්  කාමරයේ හිටියා ඒ පවනී එයා කුරුණෑගල .....අනිත් එක්කෙනා.......චාරුණි.......එයා නුවර.....
කෙල්ලට සමුදීලා ආත්තම්මලා ගියා......
අඩන්න එපා පැංචියේ ඉන්න ඉක්මනට එන්නකෝ පුලුවන් වෙලාවක ගෙදර....අනේ දුවලා මෙයා පොඩි ළමයා වගේ ටිකක් බලා ගන්න ......

හරි ආත්තම්මේ අපි බලා ගන්නම් අපි තුන්දෙනාම ඉන්නවානේ බය වෙන්න එපා ඔයාල පරිස්සමෙන් යන්න කියා පවනි කීවා......
  සෙනෙත්මා ඇගවත්  සෝදගන්න යමු නේද ..... කෝ දැන් හොදළමයා වගේ....ඇදුමක් ගන්නකෝ අපි තුන්දෙනස්ම යමු.......

හම්  යමු කියා කෙල්ලෝ තුන් දෙනාම ගියා.
            ✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

කාලය සති දින මාස ගෙවී ගොස් අවුරුද්දක් වී ඇත... සෙනෙත්මා පවනි චාරුණි කියන්නෙ හොදම යාලුවෝ වුනා.....එක්කෙනෙක් කැම්පස් ගියෙ නැති දවසට කෝ අනිත් බාගෙ කියලා අහන්න තරම්.....

මේ සෙනෙත්මා අර රැවුල වවන් ඉන්න අයියා ඔයා ගැන බලනවා වැඩී ඈ....පවනී කීවා

පිස්සුද බන් වූ මොකද මගෙ දිහා.බලන්නෙ.

ඒත් බන් වූ හැන්ඩියා....රැවුලත් .තියෙනවා.

අනේ උඹලත් ඇත්තට  රැවුල තිබ්බහම ඔක්කොම හරිද ......කන්න බොන්න නැත්නම්.රැවුලෙ එල්ලිලා මැරෙන්න වෙන්නෙ මටනම් බෑ ඒ.......

අනේ පිස්සි මේ ඔන්න කිව්ව කතාවක් උඹ හරි එන්න යමු අපි හවස ගෙදර යනවනෙඩ් ඉක්මනට යමු .... හවස ලෙක්චර් එක නෑනේ.........

සෙනෙත්මා යන්නෙ නැද්ද කෝල් එකක් දුන්නෙ නැද්ද ආත්තම්මට..... දීලා යමන් අපි යනවා එහෙමන් උඹටනම් ට්‍රේන් එක තියනවානේ .......පරිස්සමෙන් යමන් අපි යනවෝ සදුදා උදේ එමු ඇති ඈ.....

හරි පරිස්සමෙන් යන්න දෙන්නත්...
*************---****----*-------**********

සෙනේ ගියාද උඹ  ට්‍රේන් එක තිබ්බනේ  .....කවුද ලග ඉදන් ඉන්නෙ අවුලක් නෑනේ.....

අනේ පවනියෝ එකවැර එකක් අහ්න්නකෝ.......මම ගෙදර ගියේ නෑ .....ආත්තම්මලා දුර මළගෙදරක ගිහින්ලු .......

අයියෝ සික් කලින් අහලා බලන්න තිබ්බෙ අපරාදෙ එගෙනම් මෙගෙ එන්න තිබ්බනේ.

කමක් නෑ පවනීයෝ මම ඉන්නම් හොදට නිදාගන්න පුලුවන් මගෙ කරදරකාරියෝ දෙන්නා නෑනේ.......

එහෙනම් පරිස්සමෙන් ඉන්න එහා කාමරේ තිසූලා ඇතිනේ උන් එක්ක ඉන්න..... අපි ඉරිදා  එන්නම්....ඉන්න පරිස්සමෙන් 

හා හා මචී..........

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

නිදිගුල්ලි ඇහැරෙනවා කෝ අපි ආවා....
 
අනේ ආවද ඔය දෙන්නා.....කොයි වෙලාවෙද ආවෙ මට අහුනෙවත්  නෑනේ.....

කොහෙ ඇහෙන්නද  නේද චාරුවෝ මේකි හොදට නිදි ගොරව ගොරව.......

මේන් අපේ අම්මා වැලිතලප වගයක් දුන්නා උඹ ආසයිනේ.......කියා පවනී පාර්සලයක් මේසෙ උඩින් තිබ්බා....

ආ චාරු උඹ මොනවද මට ගෙනාවෙ....

මොකුත් නෑ අප්පා දත්මිටි තමා කන්නවෙන්නෙ.......

අපෝ ඔයා හොද නෑ අප්පා.......

හී මම කොකිස් ගෙනාවා ඔන්න අපෙ අම්ම හදලා දුන්නා........

පවනී චාරුණියි අම්මලා හදලා දුන්න කෑම ගැන කියද්දි කෙල්ලට ගෙදර මතක් වුණා....මගේ අම්මත් හියියනම්.....චික් මම මොනවද මේ ගිතන්නෙ මගේ අම්මා මැරිලා ඔව් මැරිලා.....

සෙනේ ඇයි අඩන්නෙ.......කදුලු ගලන්නෙ...
ඒ පවනී.....

මට දුකයි කවදාවත් මට අම්මා හදලා දුන්නෙ කියලා ඔයාලට මොකුත්ම ගෙනල්ල දෙන්න බෑනේ..........

අපි ඒක දන්නවානේ බන් අම්මා මැරිලා කියලා........

නෑ නෑ එයා මැරිලා නෑ.........

මොන මගුලක්ද බන් කියන්නෙ තේරෙන්න කියපන්කො.......

කියන්නම් කියන්නම් මට බෑ මේවා තවත් ඉවසන් ඉන්න.........

මමයි අම්මායි තාත්තයි......සතුටින් හිටියා ඉස්සර මගේ තාත්තා බැංකුවක ලිපි කරුවෙක්.......අම්මා ගෙදර හිටියේ අපේ නුවරඑළියේ ඕනෙ එළවලුවක් හරියනවානේ ඒවා වගා කරා එයා......එතකොට මම පෙරපාසල් යනවා ඇති මට හරියට මතක් නෑ අම්මා මට කතාන්දර කිටලා දිදී බත් කවනවා.....

මම හතරේ පන්තියේලූ එයා ගේත් එක්ක හොදට හදාගන්න ඕනි කියලා රට ගියා ....එදා මම අඩුවා ......අම්මේ එන්න කියලා මට තනියම ඉන්න බෑ ඔයා යන්න එපා කියලා....ඒත් එයා ආවෙ නෑ ගියා මම යන්න එපා කිව්ව එයා ඇහුවෙ නෑ එයා ගියා ඔව් යන්නම ගියා. ඉහි....ඉහි...😥😥😥 එදා යන්නෙ නැතුව හිටියනම් එයා මමත් ඔයාලා වගේ අම්මා තාත්තා එක්ක සතුටින් තවත්......

සෙනේ ඇති බන් දැන් නවත්තපන් ......

අනේ චාරූ මට කියන්න දෙන්නකෝ එතකොට මගෙ ඔලුව නිදහස්...... 

එහෙනම් ඔය  කදුලු පිහන් කියන්නකෝ.... කියන එකක් .....
 හ්ම් ......අම්මා රට ගියා ගිහින් මාස පහ හයක් අපිට සල්ලි එවව්වලු  තාත්තා ගේ හදන්න ගත්ත ලෝන් එක ගෙවලා ඉවර කරලා...
මල් බිස්නස් කරන්න මල් පාත්ති දැම්ම පැල ගෙනල්ලා.......ඒ සල්ලි වලින් අම්මා පස්සෙ කියලා ඒ ගෙදර එයාට ඉන්න  බෑ කරදරයි ....ඒජන්සියට කියලා වෙන ගෙදරකට යනවා කියලා......
තාත්තා ඒක අහලා ගෙඩක් ඇඩුවා අම්මා පව් අපි නිසා දුක් විදිනවා කියලා....

අම්මා ටික දවසකින් ඒ කියන්නෙ මාස ගානක් යන්න ඇති මට හරියට මතක නෑ මම චූටිනේ කෝල් එකක්  දුන්නලු වෙන ගෙදරකට ගියා ඒක හොදයි වයසක් අම්මා කෙනෙක් බලාගන්න තියෙන්නෙ වැඩත් ලේසි කියලා...... ඒ ගෙදර ඩැයිවර්  ඉන්නෙත් ලංකාවෙ එකෙනෙක් කියලා එතන බයක් නෑ කියලා තිබ්බා .......

මම ශිෂ්‍යත්ව විභාගය  ලියලා රිසාල්ට් කියන්න අම්මට කෝල් ගත්තා මම හොදටම පාස්වෙලා කියන්න.... ඒත් එයා කෝල් එක ආන්සර් කරේ නෑ මම බලන් හිටියා.....  අම්මා කෝල් එක ආන්සර් කරනකම්  කියලා....ඒත්  නෑ එයා ආන්සර් කරේ .....ආත්තම්ම කිව්ව ඒ නම්බර එක වැඩ නෑ කියනවා කියලා ........තාත්තා ආත්තම්ම ලොකුඅත්තයි දන්න හැමවිදිහකින්ම.හොයලා බැලුවා ඒත් ආරංචියක් තිබ්බේ නෑ අනේ ....මගේ අම්මා ගැන...... 
අපි කරදරයක් වෙලා ඇති කියලා දුකෙන් හිටියා .....ඒත් ඒජන්සියෙන් කිව්ව  එයා ඒ ගෙදරිනුත් මාරු වෙලා කියලා....... කවද හරි අම්මා එයි කියලා අපි බලන් හිටියා.......

මම ටවුන් එකේ ඉස්කෝලේට ගියේ .....මම පංතියේ ඉස්සරහයින් හිටියා හැමවෙලාවෙම.......මට ඕනි වුනේ අම්මා අපි වෙනුවෙන් දුක් විදින්න ගියාට එයා එද්දි හොද තැනකට් ගිහින් ඉන්න...... නැත්නම් ආපහු එයා මාව දාලා යයි කියලා මම බයේ හිටියේ.........
අනිත් ළමයි අම්මලාගෙ අතේ එල්ලිලා යද්දි......අම්මා අරන් දුන්නෙ ගගා කොයද්දි මට දුක හිතෙනවා මම අඩන්නෙ නෑ එ ළමයිට් පේන්න මම ගෙදර ඇවිල්ලා අඩනවා මට අම්මව ගෙනල්ලා දෙන්න කියලා .......... එත්කොට මම දහයේ පංතියේ............ මට අම්මව ඕනෙ වුනා ගොඩක් ......මම ලොකු ළමයෙක් වෙද්දිවත්  මගෙ ලග අම්මා හිටියේ නෑ.....
මගේ අම්මා වගේ ඔක්කොම කරලා දීලා මාව බලාගත්තේ ආත්තම්මා  .........
✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

මම ඕකිව මරනවා මරලා මාත් හිරේ යනවා......ඔව් මේ සුදීර දෙයක් කිව්වොත් ඇත්තමයි කරනවා....... අපිට දුක් දීලා උඹලා සතුටින් ඉන්න ඒවා කොහෙද මේ මාත් එක්ක........ 
             කියලා කෑ ගගහ තාත්තා ආවා ...... කවදාවත් මොන මත්ද්‍රව්‍යක්වත්  බොන්නෙ නැති මගේ තාත්තා එදා ගෙදර ආවෙ බීලා......

ඇයි තාත්තා මේ මොකද ......

කෝ එන්න කියපන් මේ ගෙදර ඔක්කෝටම

ආත්තම්මේ ලොකුඅත්තේ එන්නකෝ.... මෙහාට..... අනේ තාත්තේ ඉදගන්නකෝ...මෙතනින්.......ඔක්කෝට්ම කලින්...........

මොකද මගෙ පුතේ මේ හතර ගාතෙන් අද කවදාවත් නැතුව......

අර බැල්ලි ......ඒකි මාව...... නැති කරා......ඕකිට මම හොදක් වෙන්න දෙන්නෙ නෑ.......

උඹ බීලා ආව කොයලා අපි පලිද කියන දෙයක් තේරෙන සිංහලෙන් කියපන්....නැත්නම් ගිහින් නිදාගනී.........

ආයේ පැංචියේ උඹ අම්මා ගැන අහලා තිබ්බොත් කට කඩනවා මම බලාගනින්.....උඹට අම්මෙක් හිටියෙත්  නෑ ආයෙ එන්නෙත් නෑ ඒක විතරක් මතක තියාගෙන හිටපන්.......ආ අම්මේ ම්‍ර්ර් ආයේ සංජීවනී කියලා එකියක් නෑ ඔන්න.......
එදා ඔයාලා මම ඒ ගෑනිත් එක්ක යාලුවෙද්දි කීව ඒවා හරි මම ඒවා ඇහුවනම් අද මෙහෙම නෑ සමාවෙන්න අම්මේ මේ.මෝඩයාට සමාවෙන්න .......ඒකි රගපාලද අපේ ඉස්සරහ මම හොයාගන්නම්කෝ........හ්ම්ම්ම් හ්ම්ම්...
අත් දෙක එකතු කරලා ආත්තම්මටයි ලොකුඅත්තටයි වැදලා තාත්තා කාමරයට ගියා.........

අනේ ඇත්තට පව් මගෙ කොල්ලා මොකක් හරි වෙලා කියන්නෙ නෑ හිතේ  තිය්න් විදවනවා.......... පැංචියේ මොකුත්ම අහන්න යන්න එපා තාත්තගෙන් අද ඒකා යකෙක් පැංචියේ කියා ආත්තම්ම මාව සැනසුවා එදා.........
         ✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️
එදාට පස්සෙ සතියකින් විතර මම පංති ඇරිලා එද්දි ආත්තම්ම ඉස්සාහා පඩිපෙළ උඩ ඉදගෙන මග බලන් ඉන්නවා......

ආත්තම්ම මොකො මේ මග බලන් මම පරක්කුද......
අනේ නෑ පැංචියේ තාත්තාට පපුවේ කැක්කුමක් ආව කියලා ඉස්පිරිතාලෙ යවලා බැංකුවෙන් කෝල් එකක් දාලා කිව්ව ඔන්න ලොකුඅත්ත ගියා උපාලි මාමවත්  අඩහගන්ම.......ඇයි බලලා එයිනේ......පැංචි යමුකෝ ගෙට ඇදුම් මාරු කරගන්නකෝ......

අනේ ආත්තම්මේ ඇයි දන්නෙ නෑ තාත්තට පව්.......මගේ තාත්තා ........අපිත් යමුකො බලන්න........ දැන් රෑ වෙලානේ අපි හවස යමු.......

අනේ ආත්තම්මේ .....
නෑ නෑ දැන් යන්නෙ නෑ හෙට උදේ යමු කෝ යන්න දැන් ගිගින් ඇග සෝදගන්න......

පිංකියෝ බලන්නකෝ මේ ආත්තම්මගෙ සැර එන්න අනේ යන්න..........
.............

ලොකුඅත්තේ උදෙන්ම මට ඇහැරවන්න මාත් එනව  තාත්තා බලන්න යන්න.....

හරි හරි දැන් පැංචි නිදා ගන්නකෝ............
 
උදේම ලෑස්ති වෙලා පවුලෙම නෑදෑයෙක් වුන උපාලිත් එක්කම කට්ටියම ඉස්පිරිතාලෙට ගියා......

මිසී කෝ අර දහතුවේ ඇදේ හිටපු ලෙඩා..... එයාට ඊයේ රෑත්  ආයේ හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා එයාව අයි.සී.යූ...... දැම්මා ඉන්නකො මම බලන් එන්නම්කෝ....

මිසී මොකද කොහොම ලෙඩාට.....

අනේ සීයේ සොරි පිට පිට ඇටෑක් දෙකක් ආවනිසා එයාට හොදටම අමාරු වෙලා පාන්දර එයා නැති වෙලා........

අනේ ආත්තම්මේ මට අම්මත් නෑ දැන් තාත්තත්  නෑ මට බෑ අනේ.......ඉහි....ඉහී.ඉහී.............

අනේ මගේ පුතා මොනපවක් කරාටද මෙච්චර දුකක් දුන්නේ උහුලගන්න බැරුව.. 

නැන්දේ කෝ අඩන්නෙ නැතුව ඉන්න පැංචියත් බලාගන්න ඕනෙ නැන්දනේ ඒ නිසා ඔහොම ඉදලා බෑ අපි ඉන්න්වනේ බය වෙන්න එපා...........

මළගෙදර වැඩ ඉවර වෙද්දි පැංචි අසාමාන්‍ය විදිහට නිශ්ශබ්ද  වෙලා......
පැංචි මොනව හරි කියන්නකෝ ....කෝ කතා කරන්න පැංචි.........

ආත්තම්මේ මම කාලකණ්ණිද මම් නිසාද මෙහෙම වෙන්නෙ අනේ.........ඉහි...ඉහි...😖😖😖😧😧

කවුද ඕවා කියන්නේ පිස්සුද පැංචියේ  උඹටත් දැන් .......
අනේ ආත්තම්මේ මට කවුරුත්න නෑ ඇයි  මට මෙහෙම වෙන්නෙ......මම තනිවෙලා

මොනවද මේ කියන  හරුප මේ අපි ඉන්නෙ ඒ මදිද පැංචිට.........කො දැන් හොදළමයා වගේ ජීවිතේට එන අභියෝග පාඩමක් කරගෙන හොදට විභාගෙ පාස් වෙන්න ඕනේ තව මාස පහයි මොනවා කරන්නත් හත් දවසේ දානේ අනිද්දා දීලා ...... යන්න ඕනි පැංචි ඉස්කෝලේ හොදද.......අතපසු වුන ඒවා ලියාගන්න........

හරි ආත්තම්මේ මම යන්නම්..........කියලා මම ආත්තම්මටයි ලොකුඅත්තටයි කීවා.....
***------------**----=-=======-====*******

හීයක වේගයෙන් අවුරුදු දෙකක් ගෙවී ගියේ .......පැංචි ඕලෙවල් පාස් වෙලා ඒලෙවල් කරන්න සුදුසුකම් ලබලා  ඉස්කෝලේ සර්ලා මිස්ලා ඔක්කොම කිව්වෙ මට කොමස් සයර්න්ස් හරි කරන්න කියලා ඒත් මම ආස වුනේ එදා ඉදන් ලෝය කෙනෙක් වෙන්න ඒ නිසා මම ආර්ට් තෝරගත්තා.........

මට පුලුවන් හැමවෙලාවකම මල් වගාවට උදව් කරා .......ගෙදර වටේට එළවලු එහෙමත් වගාකරන්න අරන් තිබ්බා සීයා... අපේ මල් අපි වෙඩින්ස් වලට මල්ශාලාට එහෙම කෝච්චියේ දාලා කොළඹට එව්වා පව් ලොකුඅත්ත වයසයි ඒත් ඒවත් එක්ක ගමේ දෙමළ අයත් එක්ක එකතුවෙලා වැඩ මට උගන්නන සල්ලි හියන්න පව් මගේ ආත්තම්මයි ලොකුඅත්තයි ......මට එයාලට දැන් වැඩ කරා ඇති කියන්න දවසක් එනවනම්.......මගේ  ආයුශත්  අරන් ඒ දෙන්නා ඉන්න ඕනී.............. කිය කෙල්ල   
සුසුමක් හෙලුවා.......

සෙනේ මදිද බන් ඔය දැන් ඇඩුවා ඇති කෝ.... කෑම කමු ........ කතාව ඉවරයිනේ .... උඹ හොදට මේ වැඩ ටික කරන් හිටපන්.......තව අවුරුදු දෙකකින් තුනකින් කොහොමත් අපිට හොද තැනකට යන්න පුලුවන්නේ.........

අනේ ඔයාලවත් අහන්න කැමති නැද්ද කතාව සොරි......මම ඔයාලට වදයක් වුනාට ...........මට කවුරුත් නෑ මේවා කියන්න වෙන......😥😥

ඇයි සෙනේ ඉවර නැද්ද කතාව කියහන් බන් අපි අහන් ඉන්නෙ උඹ කතාව නවත්තලා කල්පනා කරන්න ගත්ත නිසා හිතුවේ කතාව ඉවර ඇති කියලා නේද චාරු......

ඊට පස්සේ දවසක් මම පංතියන්න බස් එකට නැන්ගා උදෙන්ම ලොජික් ක්ලාස් නිසා මම උදෙන්න්ම ගියේ.ගණන් එහෙම නැත්නම් තේරෙන්නෙ නැති වෙන නිසා ......ඉස්සර තාත්තා වැඩට යන්න ගිය බස් එකේම ගියා මම ....... අපේ ගෙවල්  ලගින් යද්දි සෙනග ගොඩක් නැති නිසා මට් ජනේලේ අයිනේ සීට් එකක් හම්බුනා....... ටික දුරක් යනකොට බස් එකේ සෙනග අඩු වුනා මම නිකම් ජායාවක් වගේ මගෙ අම්මා වගේ දැක්ක නිසා බලද්දි ඒ හිටියේ මගේ අම්මමයි.......ඒත් අවුරුදු හයක හතක විතර පුතෙක් එක්ක ඉස්කෝලේට දාන්න යන ගමන්..........

මට  එක පාරට හිතා ගන්න බැරි වුනා.මට හයියෙන්ම ඇඩෙන්න ආවා එත් මම ඉවසගත්තා........මගේම අම්මා මට බලමෙ නැතුව වෙන ලමයෙක් ආදරයෙන් ඉස්කෝලේ එක්ක යද්දි ඒක දකින මට මොනතරම් වේදනාවක් දැනෙන්න ඇතිද..... උඹලට ඒක දැනිලවත්  තියෙනවා තියා හිතන්නවත් බෑ නේද.........

මට ඇඩෙන්න එනවා එත් මම ඒක ඉකියකින් වළක්වා ගත්තා ......ඉකියේ සද්දෙට අම්මා මගේ දිහා බලලත් අහක බලා ගත්තා .....එයාගෙම පොටෝකොපිය වගේ ඉන්න මාව අදුරගන්බ බෑද එයාට.........එයා අහක බලන් ඉද්දි මම කොහොමද ඉවසන්නෙ අනේ ........එයාට මතකවත් නෑද්ද එයාට කලින් ළමයෙක් හිටියා කියලා......අද එයාලට මොකද කියලා.......හිතෙන්නෙවත් නැද්ද .......

මගේම අම්මා අම්මා මට ආදරයෙන් සලකන්නෙ නැතුව මගේ ලග නැතුව වෙන ළමයෙකුට සලකද්දී මට කොහොම වේදනාවක් පපුවට දැන්නෙන ඇතිද....... මම ඒ වේලාවෙ මැරෙයි කියලා හිතුනේ මට දවස් ගානක් මම පංති ගියේ නෑ......ඒ බස් එකේ ගිහින් එයාව දකිද්දී මට ඉන්න බැරිවෙන නිසා ඉවසගෙන දුක......

ඒත් ආත්තම්ම ලොකුඅත්තයි නිසා මම ආයේ පංති  ගියා ....... අම්මව දකින වාරයක් ගානේ තමන්ගෙම දරුවෙක්ව අමතක් කරලා දකින්නෙ නෑ වගේ ලගම හැමදාම ඉන්න අම්මව මට දැන් අයිති නෑ කියලා පෙනෙද්දි මට ඒ එන දුක කාටවත්  මේ ලෝකේ ආයේ දැනෙන  එපා........ කියලා මම ප්‍රාර්ථනා කරා ඉස්සර.......

ඔහොම ඉද්දි මම කොහොම හරි හිත ශක්කිමත් කර ගත්තා........මට පස්සෙ දවසක් ආත්තම්ම කිව්ව තාත්තා හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා මැරෙන්නත්  හේතුව අම්මා කියලා........තාත්තා වැඩට යන  බස් එකට......අම්මා දවසක් ලමයෙකුත් අරන් නගිනවා දැකල තාත්තා අම්මව පලෝ කරලා විස්තර හොයලා......
තාත්තාගෙන් ඩිවෝස් වෙන්නෙ නැතුවමයි වෙන මනුස්සයෙක් බැදලා තියෙන්නෙ ඒ රට අම්මා හිටපු ගෙදර ඩ්‍රැයිවර්ට හිටපු මනුස්සයා.........

මම අද මෙහෙම ඉන්නෙ මම අඩලා මගේ ආත්තම්මට ලොකුඅත්තට දුකක් දෙන්න බැරි නිසා.......... මම අඩන්න ඕනි තැනත් බොරුවට හිනාවෙලා කාටවත් පෙන්න නැති වෙන්න අඩලා තියෙනව.....මගේ දුක කාටවත් දැනෙන්න දෙන්නෙ නැතුව.....

අම්මා අපි ගැන හිතුවනම් එයාගෙ උවමනා හිතන්නෙ නැතුව මගේ තාත්තත් අද ජීවත් වෙනවා......කවදාවත් අම්මව අවිශ්වාසය කරේ නෑ තාත්තා .....කොහේ හරි හොදට ඇති අපි බලලා යන්න එයි දවසක් ගගා මටත්  කිව්වෙ තාත්තා ......මාත් අම්මා ගැන තාත්තා බීලා ඇවිල්ලා කිව්ව දවසේ ඉදන් අහන්න ගියේ නෑ තාත්තට දුක හිතෙයි කියලා......
අම්මෙක්ට පුලුවන්ද තමන්‍ට දරුවෙක් හිටියේ නෑ වගේ ඉන්න.....කොහොමද එහෙම ඉන්නෙ පවනී චාරු මට කියන්න.............හිතක් පපුවක් නෑ වගේ.....

අනේ සෙනේ මෙච්චර දුකක් තියන් හිනාවෙලා හිටියේ කොහොමද....ඉහි...ඉහි...අපිටත්  දුකයි..... නේද  චාරු .....
ඔව් පවනී.....මදිද මේකි මේ ආව දුරම ඔය කට්ටියට පෙනෙන්නම කිය කදුලු අතරින්ම කීවා......මටනම් ඒකට සතුටුයි..........
දැන්  ඕවා ඔක්කොම අමතක වෙන්නත් එක්ක අපි කාලා පාඩම් කරමු හරිද....
*********------------------**********----------------****

අවුරුදු 3ක් ගෙවිලා ගොස් අද නීතිඥවරියක් ලෙස කෙල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීමේ  උත්සවේ.. ආත්තම්මයි ලොකුඅත්තයි වයසයි  ඒ දෙන්නත් එක්කරගෙන ඇවිලා තිබ්බෙ එදා ඉදන් දුකට සැපට හිටපු උපාලි මාමා.....

උපාධි ප්‍රධානෝත්සවයෙන් අස්සෙ එලියට ආපු කෙල්ල ආත්තම්මයි .....ලොකුඅත්තයි බදාගත්තා ........

අනේ පැංචියේ මට සතුටට කතා කරගන්නත්  බෑ අප්පා....දෙයියන්ගෙම පිහිටයි.....

ආත්තම්මේ ලොකුඅත්තේ ඔයාලා තමයි මගේ දෙයියෝ.....ඔයාලගෙ ආශිර්වාදය පිහිට තමයි මට......මගේ ආදරේ......ආරක්ෂාව ඔය දෙන්නා..... අම්මා මාව තනි කරද්දි .......තාත්තා මාව දාලා යද්දි තනි කරේ නැති එකම දෙන්නා මම ණයයි ඔයාලා දෙන්නට කියා දණගසා වැන්දා.......
කො පැංචියේ නැගිටින්න යමු දැන් අපි ....අපේ අහල ගම් වලවත්  නෑ නඩුකාර නෝනා කෙනෙක් මේ වගේ ........

ආත්තම්ම ඔන්න ඔයාලා දෙන්නනේ වෙනදා ඔක්කොම වැඩ කරේ දැන් ඔන්න මම තමයි අද ඉදන් ඔක්කොම කරන්නේ බලන් ඉන්න විතරයි තියෙන්නෙ......ඔය දෙන්නට.....
කියා ආත්තම්මයි  ලොකුඅත්තයි සිප ගත්තා..........
           ********   නිමි      **********
🔥✴️✴️පටාචාරලා වගේ මව්වරු ඉන්න රටේ......ඊට වඩා හාත්පසින්ම වෙනස් මව්වරුන් සිටී .....මේ බුදුගුණ වැයෙන රටේ✴️🔥🔥🎀 

                📌️📌️ප්‍රමෝදි ඒකනායක 📌️📌️


Comments

Popular posts from this blog