ආකර්ශනය

 



"කෙල්ලෝ ඉන්නේ පිරිමි අපිට කන්න උයලා දෙන්න බන්"

"ඔය කොච්චර කැටයම් දැම්මත් අන්තිමට කුස්සියට තමයි නංගී"

අහලා දැකලා තියෙනවද සමහර බුකී ඔස්තාර් අයියලගේ මේ වදන්..... 
හෙන ගැම්මෙන් ලෝක කැප්සන් එකකුත් දාලා ෂෙයා කරන්නේ කස්ටිය....
ඒ කරලා මදිවට ඒ පෝස්ට් එකට කමෙන්ට් කරන කෙල්ලන්ට රිප්ලයි කරන්නේ වදුරුපට්ටාන ගැම්මකින්..😅
මේවට තමයි ට හිකෙන සීන් කියලා කියන්නේ...
කෙල්ලෙක් ඉන්නේ උන්ට උයන්නමද? උන්ගේ ගද ගහන ජොක්කු හෝදන්නමද?
ඇයි කෙල්ලෙක්ට කියලා රෙස්පෙක්ට් එකක් ඇත්තෙම නැද්ද?
ඒකී වැඩකාරියක් විතරමද?
මුලු ජිවිත කාලෙම හිරකාරියක් විතරද?
හැගීම් දැනීම් නැති ලී කොටයක් වගේද ඉන්න ඕන?
තමන්ගේ හැම සාරයක්ම කොල්ලා, මිනිහා වෙනුවෙන් දීලා හෙම්බත් උනු වැරහැල්ලක් විදියටද ඉන්න ඕන?🙄
ගෙට හිර වෙච්ච කුස්සියේ තනි උනු ආත්මයක් විතරද?
සමාජයක් ලෝකයක් ඉස්සරහා ජීවිතේ පැරදුනු කෙනෙක් විතරද?

නෑ එහෙම නෑ..
එහෙම කොහෙත්ම වෙන්න බෑ...

කෙල්ලෙක් උනාම ඉගෙන ගන්න ඕන අනිවාර්යයෙන්ම.... 
තමන්ගෙ කොල්ලා ඉගෙන ගන්නවට ආස නෑ
අනෙ එයා මාව බලාගන්නවනේ
එයා මට ආදරෙයිනේ
මං කැම්පස් ගියොත් මාව දාලා යයිනේ
කෝස් කරනවට එයා කැමති නෑ

ඔන්න ඔය ගොං කෑලී හලලා යන්න පුලුවන් පැත්තකින් ගිහින් තමන්ට තනියෙන් නැගිටින්න පුලුවන් වෙනකන්ම ඉගෙන ගන්න ඕන.....
හරියටම කිව්වොත් මිනිහට සෙකන්ඩ් නොවන මට්ටමට ඉගෙන ගන්න ඕන...
ඒකෙන් කියන්නේ මිනිහව ගනන් ගන්න එපා කියලා නෙවෙයි.... නැත්නම් එයි දැන් රෙද්ද උස්සන්😌
ඒක ගැන මෙහෙම හිතපන්....😌

දවසක උඹ පණ වගේ ආදරේ කරන එකා කිව්වොත් උඹට කන්න බොන්න දෙනවා නම් කට වහන් ගෙදර වැඩක් කරන් ඉදපන් කියලා....
උඹට ආසම ඇදුමක් ගන්න සල්ලී ඉල්ලුවම ගස්සලා පුප්පලා යනව නම්....
උඹ බඩින් ඉද්දී ක්ලිනික් එකට යන්නවත් සල්ලි දෙන්නැත්නම්....
උඹට තැනක් දෙන්නැත්නම්...
එතකොට කොහොම දැනෙයිද🙄
අන්න එහෙම උනු දාකටයි උබට ඉගෙන ගන්න තිබ්බනෙ... අපරාදේ මගේ ටාගට්වලට යන්න තිබ්බනේ කියලා හිතෙන්නේ..

එදාට උබ තනි වෙනවා අද උබ ආලෙන් අන්ද උනොත්.... උබට කොල්ලා ආදරෙයි නම් උබටත් එක හිතක් තියෙනව නම් ඌ උබ වෙනුවෙන් ඉන්න ඕන....
උබ ඉගෙන ගන්නකන් ලග ඉන්නැතුව සැක කරන එකා එක්ක බැන්දම කොහොමද ඉන්නේ කියලා හිතලා බලපන්....🙁

උබ ලස්සනට ඇන්දම කොල්ලා බනිනව නම්....
උබ ඩෙනිමක් ඇන්දොත් කෑ ගහනව නම්...
මොකද්ද ඒ ආදරේ බන්🙄
උබට බැන්දට පස්සෙත් නාවර පෙරාගෙන වැඩකාරී ගානටයි ඉන්න වෙන්නේ... මිනිහා හැන්ඩියා වගේ අදිද්දී උබට කන වැන්දුම් ගෑනී වගේ තමයි අදින්න වෙන්නේ...

හැබැයි මෙහෙමයි.... උබත් හරි කෙල්ලෙක් වෙන්න ඕන.... පේන්න ඕන්නැති එවත් එක්ක පෙන්නන් යන කෙල්ලෙක් නම් උබට මේවා අදාලම නෑ😌 නොදැක්කා වගේ යන්න🙏

උබව උබෙ ආදරේ අස්සෙ හිර කරන් ඉන්නව නම් ඒ ආදරේ උබට ඕනද🙄
යාලු කාලේ හදාගන්න බැරි එකාව බැන්දම හදාගන්නද🙄
අනේ පුලුවන්ද😒 බෑ යකු බෑ😒
යාලු වෙලා ඉද්දී උබට අත උස්සන එකා බැන්දට පස්සේ කොහොමත් අත උස්සනවා...
දැන් බොරුවට සැක කරන එකා බැන්දට පස්සෙ එහා ගෙදර එකාවත් පාවා දීලා සැක කරයි...

තවත් සමහර ආදර කතා තියෙනව.... කෙල්ලගේ ෆෝන් එකට එන මැසේජ් තමන්ගේ ෆොන් එකට ෆෝවර්ඩ් කරගන්න කොල්ලෝ ඉන්නවා... අහේතුකව එහෙම කරන උන් ඉන්නවා...
උන් මානසික ලෙඩ්ඩූ... උන් එක්ක යාලු වෙලා බැන්දමත් ඉන්න පුලුවන්ද🙄
උබට බබෙකුත් දීලා කියයි බබා මගේ නෙවෙයි චෙක් කරන්න ඕන කියලා...

තව කට්ටියකට කෙල්ලගෙන් දවසකට මැසේජ් දාහක් දෙදාහක් විතර ඕන... ඌ එවන්නේ එක මැසේජ් එකයි😂 ඒත් ඌට මහා පරිමාණෙන් ඕන...
ඌ එකෙන් බලාපොරොත්තු වෙන්නේ කෙල්ල ඌ මත්තෙම නැහෙන එක.... කෙල්ලට අධෝවාතයක් ගියත් ඒකත් ඌට කියන්න ඕන😌 නැත්නම් එදාට වලී...

හරී... මං කතාව පටන් ගත්තේ තැනකින්😂 මැදින් කෑලී කෑලී ඇඩ් උනා...
ගනන් ගන්න එපා මට පිස්සූ😒

ආයේ කතාවේ මුලටම ගියොත් සරලවම මෙහෙමයි😌
උබේ කොල්ලා පුරුෂාධිපතියෙක් නම් උගෙන් අයින් වෙයන්... හදන්නම බැරි නම් කුද ගහගනින් කියලා පැත්තකට වෙයන්😌
ඒවගේ උන්ගේ ආදරෙත් මහාම මහ රිදවිල්ලක් බන්😒
දරාගන්න බෑ... ඉවසගන්න බෑ.... උන් විනාඩියක් බොලද වෙලා හුරතල් උනොත් ඉතුරු විනාඩී බර ගානම හෙන පුරුස ගැම්මෙන් ඉන්නේ😌
කෙල්ලෙක්ට ඕන ඒවා උන්ගෙන් හම්බෙන්නෑ ඒත් උන්ට ඕන ඒවා ගහලා බැනලා මරලා හරි කමක් නෑ කරගන්නවා😌✋

අනේමන්දා 😌 නිකන් කිව්වා හොදේ 
උගත් පාඩම් කොමිසමෙන් උපුටා ගන්නා ලද්දකි හොදේ..😌🙏

දැන් ඉන්බොක්ස් එන්න කස්ටිය රෙදි උස්සන්😌🙏

Comments

Popular posts from this blog