ඈ නොවන ඈ

 නුවනා කොහේද ඉන්නේ...


මන් මේ  office  ඇරිලා ගෙදර එන ගමන් බන්.තාම බස් හෝල්ට් එකේ...

හපෝයි...මොනාද බන්...

මොනාද කියන්නේ යකෝ..බස් එකක් එන්න එපැ ගෙදර එන්න...හරි දැන් උබ කොහේද ඉන්නේ...

ගෙදර...

අයි උබ අද නිවාඩුවක් දැම්මද...

නැ..

ෂෝට්ලිවු නේ...

නැ..

එහෙනම් කොහොමද උබ මෙච්ර ඉක්මනට ගෙදර ඉන්නේ...

මේකනේ අපි උබලා වගේ නෙමේ...අපි අපේ බොස්ට පඩි ගත්තාම හොදටට සලකනවා.ඉතින් අපි අනිත් දවස්ටිකේ 5:00 ඕප් 3:30 ගන්වා.හැබැයි අත්සන් කරන්නේ 5:00 දලා...

අනේ පල පල යන්න..

දැන ගනින් උබලා වගේ නෙමේ යකෝ අපි.අපි වැදගත් රාජ්‍ය සේවකයෝ...

අම්මෝ මොකට කියනවද මහත්තයෝ උබලගේ වැදගත් කම.ඇමති ගාවට ගිහින් දෙකට තුනට නැමිලා ඌට පන්දම අල්ලා රස්සාවල් අරන් තව කියනවද යකෝ උබලගේ වැදගත් කම මගෙන් මුකුත් අහගන්න එපා..

හා ඇති ඇති මන් උබට කතා කලේ චරිතසහතික ඉල්ල ගන්න නෙමෙයි මන් මේ කතා කලේ 31 ගැන අහන්න...

31 ඉතින්..එදාට...

යකෝ අපේ පාටිය...

අප්පට...

අප්පට තමා තොට.අපිම ඉන්න ඕනේ...

හරි හරි ටෙඩියා කියපන් මොකද්ද දැන් මගෙන් වෙන්න ඕනි...

අන්න එහෙම ඉන්න එපැ.දැන් උබ මොනාද අරන් එන්න පුලුවන්...

ම්ම්ම්...බයිට්...

මන් හිතුවා.තෝ ඕක කියයි කියලා.කමක් නැ.එහෙනම් ලග තියන කොලයක් අරන් ලියා ගනින් මන් කියන ඒවා...

ලියා ගන්න...

ඔවු යකෝ ලියා ගනින්...

ආ..හා..හා..

මුරුක්කු 500g...සොසේචස් පැකට් දෙකයි..කුකල් මස් කිලෝ එකයි..

මන් phone එක කනෙන් අරන් ආයිත් ආපු අංකේ දිහා බැලුවා...🤔

එච්ර ද...

ආ තව එකක් තව පොඩ්දෙන් අමතක වෙනවා.අර අල බැදපු පෙතිත් ඕනේ...තව තව...මාළු කට්ලටුත් ඕනි...

තව මුකුත් කියන්න අමතක උනාද උබට...

ම්..නැ..නේ...

පිස්සුද මිනිහෝ උබට...අපි පස් දෙනාට මෙච්ර කන්නද..නාන්නද...

ආ මෙන්න වැඩක්.අරා බෝතල් හතරක්..ඒකත් රට ඒවා...කට්ටා...රයිස් ගේනවා කිවා කට්ටියටම...පැට්ටා...සැන්ඩි බාර ගත්තා...උබ කියන්නේ  උබ හැමදාම වගේ මුරුක්කු පනහක් ගෙන්නන් කියලද...

නැ නැ බන් ඒත් නෙතාරා...

ඒ මොනාද බන් උබ ගැනිටත් බයද...

බය නෙමෙයි බන්....ඉතින් දන් නැද්ද...

හා හා ඒවා අපේ ප්‍රශ්න නෙමේ මසිනා.උබ කැමති දෙයක් කරහන්.හැබැයි සෙනසුරාදා රුට අපේ දිහාට වරෙන්..

ඒ පොඩ්ඩක් ඉදපන් උබ මොනාද ගේන්නේ...

ආ ඒක එදාට බලා ගනින්කෝ.ඒක පොඩි ස්ප්රයිස් එකක්....

අනේ මුගේ ස්ප්රයිස් ෂුවර් මේ පාරත් අපෙන් කන්න බලන් ඉදි මොකාද වගේ.පහා මාරත් පහු වෙලා ගෙදර යද්දි කිය වෙයිද මන්දා අදනම්...😭

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

කොහොම හරි 31 අවුල් වියවුල් මැද්දේ අපේ පාටිය ජයටම කෙරිගෙන ගියා.දැන්නම් අපේ කට්ටියට ටිකක් වැඩියි...🤗

කට්ටා...උබේ පෝන් එක රින් වෙනවා..

නැ නැ මගේ පෝන් එක නෙමේ.ඒක ඕප් ආ..

හරි ඒනම් තෝගේ එක ආරා...

වෙන්න බැ මගේ එක ගෙදරනේ...මේ බලහන් මේ සාක්කුව...

අරා තමන්ගේ කලිසමේ සාක්කු දෙක එලියට ඇදලා අපිට පෙන්නුවා...

එහෙනම් කාගෙද ඕයි...

දිගා මගේ සාක්කුවට අත තියලා තට්ටුවක් දැම්මා...

පට්ට නෝන්ඩිය මෙච්චර වෙලා රින් වෙලා තියෙන්නේ මගේ පොන් එක...😁

අප්පට...කෝ බලන්න...කෝල් එක මගේ වයිෆ් නෙතාරගේ....

ශ් ශ් ශ් සද්ද කරන්න එපා.සද්ද කරන්න එපා..

මන් කිවේ කටට ඇගිල්ලක් තියන් කට්ටියටම පේන්න වටයක් කැරකෙන ගමන්...

හලෝ...

තමුසේ කොහේද මිනිහෝ ඉන්නේ...

මන් මේ එන ගමන් බබා...

බබා...තමුසේ අදත් බිවුවා නේද...

නැ නැ බබා මන් බිලා නැ.අම්මෝ මන් බොන්නේ නැ....

මොකද ඕයි නැත්තේ...අද එනවකෝ ගෙදර මන් බලා ගන්න...

අනේ බබා..

මොකද්ද මිනිහෝ...පොඩි උන් බලා ඉන්නවා කඩේට ගිය තාත්තා ගෙදර එනකන්...

පොඩි අය විතරද...

මේ නුවන් ඔයා අද ගෙදර එනවද මහත්තයෝ ...

එක පාර මේ ගැණිට මොකද උනේ..බිලා වැඩි කමට විකාර ඇහෙනවද මන්දා...🤔

ඔවු බබා..මන් පා වෙලා ඔයා ලගට එනවා.මල ගාවට බබරෙක් එනවා වගේ...

හා හා.එහෙනම් එනගමන් පැදුරකුයි කොට්ටෙකුන් අරන් එන්නවා...

ඒ ඇයි බබා ඇද කඩාගෙනවත් වැටුනද.පැදුරත් මරු බබා අපේ වැඩේට..

නැ ඕයි තමුසෙට එලියෙන් දාගෙන නිදා ගන්න.මන් අද තමුසෙට දොර අරින් නැ...

අනේ බබා...

තිබ්බා....

දැන්නම් වෙරි බැස්සද කොහේද...😭

හරි එනම් ජයවේවා...මායි දිගයි කැපෙනවා...

ආ ආ හරි ජය වේවා...එහෙනම්..

දිගයි අනිත් එකයි ගියාට පස්සේ මන් හැරුනේ ටෙඩියාගේ පැත්තට..කෝ බන් උබේ ස්ප්රයිස් එක...මේපාරත් පුස්සක් නේ...

පිස්සුද මල්ලි...මන් කවද්ද උබලට බොරු කිවුවේ.උබලා මගේ සහෝදරයෝ වගේනේ...

ඒනම් කෝ ඒක...

ටෙඩියා උඩට ඇගිල්ල දික් කලා.කෙලවර කාබරේ...

මොකද්ද ඕයි ඇදද...

ගිහින්ම බලපන්කෝ..ආ මේකත් අරගෙන පලයන්...

ටෙඩියා සාක්කුවෙන් ගත්ත කොන්ඩම් පැකට් එකක් මගේ අතේ තිබ්බා.

මේ මොකටද බන්..මේවා බැලුම් පුම්බන්නද..

කාබරේට ගිහින් බලහන්කෝ බැලුම් පුම්බන්ද...මොකටද කියලා..ආ තව එකක් වැඩි වෙලා බැ...තව අපි මෙතන දෙන්නෙක් ඉන්නවා.කියක්ද දෙන්නෙක්..හරි.ඉක්මනට වැඩේ කරන් එලියවට වරෙන්...

වෙරි මතේ බඩුමුට්ටු වල හැපි හැපි මන් ගියේ ටෙඩියැලැ උඩ කාබරේට...

අප්පට බොල මේ කවුද මේ...

අවුරුදු විසි තුනක හතරක කෙල්ලෙක් ඇද උඩට වෙලා බලන් ඉන්නවා.මන් ඇස් දෙක පිහිදාලා ආයිත් බැලුවා මට ටිකක් වැඩිද කියලා..🤔

නැ නැ ඇත්තම කෙල්ලෙක්...

ආ නංගියා..

මන් දොර වහන් කෙල්ල ලගට ගියා.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

මේ....ඕයි....ඕයියි...

ම්ම්..ම්ම්...

නැකිටිනවා ඕයි අවුරුද්දම මුසල කරන්නේ නැතුව...

හුම්...

ඉතින් නැකිටිනවා...

හා..හා...

මේ වතුර එකෙන් කට හෝදන් මේ තේ එක බොනවා.බිලා ලැස්ති වෙනවා පන්සලට ගිහින් එන්න...

පන්සලට...

ඔවු...පන්සලට තමා.ඉතින් ලැස්ති වෙනවා...

හ්ම්...හා..

මන් ලග තිබුන කෝපෙන් කට හෝදන්න කියලා උගුරක් කටට ගත්තා..

අම්මෝ...කට පිච්චුනෝ...

මොන සිහියෙන්ද ඕයි තමුසේ ඉන්නේ...

මන්ද ඕයි දැන් කෝප්ප මාරු කරලා මෙතන තිබ්බේ.මරන්ද හදන්නේ මාව...

තමුසෙලා වගේ පිරිමි මරලත් මදි...ඉක්මන්ට ලැස්තිවෙලා එලියට එනවා.පොඩි උන් බලන් ඉන්නවා..

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

කස්සා...ටෙඩියා..ඔබලා මොකද මෙහේ...

උබට උනදේම තමා අපිටත් උනේ....

මන් හිතුවේ මගේ ගැණි විතරක් එහෙම ඇති කියලා...බලාගෙන ගියාම ගැණු ඔක්කොම එකයිනේ බන්...

උබ දන්නවද අලුත්ම නිවුස් එක...

නැ..මොකද්ද ටෙඩියා...

අපේ ගැණු ටික උක්කොම එකතුවෙලා whatsapp  group එකක් හදලා...

නැ ...

නැ නෙමේ බන් ඔවු...

ඔන්න බලපන් තව ටික වෙලාවකින් අරුන් දෙන්නවත් දක්කන් උන් දෙන්නගේ ගැණු දෙන්නත් එන හැටි...

උබ කොහොමද දන්නේ මෙච්චර දේවල්...

මන් බැලුවා බන් අපේ එකි දැන් ටික දවසක ඉදන් හැම තිස්සෙම පෝන් එකට කොට කොට ඉන්නවා.වෙලාවකට මේකි පෝන් එක දිහා බලන් හිනා වෙනවා.මට වැඩේ ඇලුලුවේ නැ.බැලුවම අපේ ගැණු සෙට් එකම එකට එකතු වෙලා group එකක් හදන්.නිදහස් කාන්තා සන්සදය කියලා නමකුත් දාන්..

මේකනම් අපිට ලොකු අවුලක් වෙනවා බන් මුකුත් නොකලොත් ඇ...

හරි හරි ඒවා පස්සෙන් පහු බලා ගමුකෝ.කොහොමද ඉයේ රු මේ ටෙඩියගේ සුප්රයිස් එක...

අම්මා පට්ට ඇ...තව ටිකක් ගියනම්...

හා හා නවත්තගනින් යකෝ මේ පන්සල.කාට හරි ඇහුනොත්...

ඒ මචන් අර....

කස්සා පෙන්නපු දිහා අපි දෙන්නම හැරිලා බැලුවා...

අප්පටද බොල...මේ අර කෙල්ලනේ...බන්...

අතේ පොඩි එකෙකුත් ඉන්නවා බන්...

එතකොට ඒකි අම්මා කෙනෙක්ද...

ඒ අපි ගිහින් කතා කරමු...

පිස්සුද කස්සා උබට...

මායි ටෙඩියයි කස්සගේ අතින් ඇදලා නවත්ත ගත්තා.

අපරාදේ යකෝ තව...

යකෝ මේක පන්සල....

ඉතින් ...

ඉතින් කියන්නේ...තෝ එතෙන්ට ගිහින් ඒකිට මොකක් කියන්නද...හලෝ නංගි ඔයාට මාව මතකද අර ඉයේ රු අරම කලේ මන් එහෙමද උබ කියන්නේ.එතකොට ඒකිගේ මිනිහා එතෙන්ට ආවොත් මොකද කරන්නේ....මෙන්න මෙතන්ට වෙලා ඉදපන්...

ඒකි අම්මා කෙනෙක් බන්.ඒකි තුරුලු කරන් ඉන්නේ අත දරුවෙක්...තෝ කිවුවා නේද තෝ දන්න තැනක කියලා ටෙඩියා...

හරි හරි බන් මම දන්න එකෙක් සෙට් කලේ කවුද බන් දන්නේ මෙහෙම කියලා...

ඇයි බන් ඒ පොඩි එකා කිරි දෙද්දිත් අඩන්නේ...

මොකද ඒවැ තවම කිරි පිරිලා නැ...

එතකොට...

හ්ම්...මන් හුස්මක් අරන් පහලට දැම්මා...😥

ඉයේ රු උබ මම...අපි තුන්දෙනාම උරලා දැම්මේ ඒවා තමා...

මේ ගැණිගේ වේස කම නිසා විදවන්නේ මේ පොඩි එකා බන්...

එහෙම කියන්න එපා කස්සා එකි ආපු ගමන් මට කිවේ අනේ මහත්යෝ මන් එහෙම කනෙක් නෙමෙයි මට මේදේ නොකර බැරි කමටයි මන් මේ දේ කරන්නේ කියලා.උබට මතකද මන් වැඩිපුර කැම ටික ගේ ඇතුලට අරන් ගියා.ඒ මේකිට දෙන්න.ඒත් මේකි ඒ කිසි දෙයක් කාලා තිබුනේ නැ.උදේ මන් දැක්කා බන් සේරම උත්සන් ගෙදර යනවා...පලවෙනි පාරට මන් සල්ලි දෙද්දි දැක්කා බන් කෙනෙක්ගේ ඇස්වල තියන අසරන කම...

මට මන් ගැනම ලැච්චාවක් දැනුනා...ඒ ලැච්චාවත් හිතේ පැත්තක තියන් මන් හිමින් හිමින් වැලි මලුවෙන් එලියට ඇවිදන් ගියා.

වැලි මලුවේ සුමුදු වැලි තලාව අවසන් වන්නට පෙර මන් නැවත එක් වරක් ඇය දෙස හැරි බැලුවෙමි..සුදු සේලයෙන් ගත දවටා තෛලෝක තිලක බුදු හිමියන් පුදුන ඇ කලින් රාත්‍රියේ අදුරු බිත්ති සතරක් මැද මා ගතේ වෙලි මා සැනසු බව කෙසේනම් සිතන්ද.කෙසේනම් අදහන්නද..නමුත් සත්‍යය නම් එයමය....

 
මන් හිතනවා ඔයාලට කියවන්න වගේම හිතන්නත් යමක් ඉතුරු කලා කියලා.ඔයාගේ හිතට අපු දේත් පුංචියට comment එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා.ඒක මට හුගක් වටිනවා..තවත් කතාවකින් හමුවෙමු..

✍️...මදුවා...🖊️🖊️

Comments

Popular posts from this blog