මම ගගන නෙත්සර වික්‍රමසිංහ .මම විවාහ උනේ අවුරුදු අටක ප්‍රේම සම්බන්ධයතාවයකින්.මගෙ බිරිද දැහැමි.ඇය හරිම අහින්සක ඒ වගේම චාම් ගති පැවතුම් තිබුන කෙනෙක්.දැහැමිගෙයි මගෙයි විවාහ ජීවිතේ හරි ලස්සන ට ගලාගෙන ගියා.අපේ ආදරේ වගේම විවාහයෙ සොදුරුම සන්කේතෙ විදිහට අපේ කුරුලු කූඩුවට එකතු උන මගෙ පුන්චි පුතු පැටියගෙ නම අකේන්.මම වැඩ කලේ පුද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක් ලෙස.

                 මගේ නිවසෙ උදා වුණු හැම දවසක්ම පටන් ගත්තෙ හරිම ආදරණිය විදිහට.හැමදාමත් මම උදේට ඇහැරුණේ මගෙ බිරිද දැහැමිගෙ උණුසුම් හාදුවකින්.
 
හැමදාමත් පාන්දරින් ඇහැරිලා මට ගෙනියන්න කෑම හදන දැහැමි.මගෙ තේ එකත් කාමරේට අරන් ඇවිත්

සුදු මහත්තයො ,නැගිටින්නකො

ම්ම්ම්ම්ම්

ඔන්න වැඩට යන්න පරක්කු උනා කියන්න නම් එපා මහත්තයො තව නිදාගෙන ඉදියොත් පරක්කු වෙයි.

අනේ තව චුට්ටකින් ඇහැරවන්නකො දැහැමි හොද මැණික වගේ

අනේ අනේ මේ.නැගිටින්නකො .තේ එකත් නිවෙනව අනේ.

ඔන්න ඔහොම තමයි ඉතින් උදේට දැහැමි මාව ඇහැරවන්නෙ.

කෑම එක ඔතලා.පුතා ඇහැරෙන්න ඉස්සෙල්ල මගෙ ඔෆිස් කිට් එකත් මැදලා.සපත්තු දෙකත් පොලිශ් කරලා.
ආයෙ දැහැමි එන්නෙ බත් එකකුත් බෙදාගෙන.ඒ බත් එක චූටි ලමයෙකුට වගේ ගුලි හදල මම ලෑස්ති වෙනකම් මට කවනවා.

ඉතිම් උදේට දැහැමිගෙ නළලටයි මූණ පුරාමයි හාදු තියලා.සැපට හීන බල බල ඉන්න මගෙ පුන්චි පුතු පැටියවත් ඉඹලා මන් වැඩට යනවා.හැමදාමත් ගේට්ටුවෙන් එලියට යනකම් දොරකඩට වෙලා බලාගෙන ඉන්න එක දැහැමිගෙ පුරුද්දක්.

ඔහොම හරිම ආදරණීය විදිහට අපේ ජීවිතේ ගලාගෙන ගියා.දැහැමි ඉරිදා දවස එනකම් හරි ආසාවෙන් ඉන්නෙ.අපි දෙන්න ගොඩක් වෙලාවට පුතු පැටියත් අරන් නිවාඩු දවසට කොහේ හරි ඇවිදින්න යනවා.

එක දවසක් අපේ ඔෆිස් එකේ මගෙ යටතේ සේවයට අලුත් ගෑනු ලමයෙක් ආවා.එයාගෙ නම සුධාරි.සුධාරි පෙනුමෙන් ගොඩාක් ලස්සනයි .ඒ වගේම එයා හරිම දගකාර කටකාර තරුණියක්.

ඔෆිස් එකේ ගොඩාක් අය ඉදියෙ සුධාරිට වහ වැටිලා.

බලපන්කො බන් සුධාරිගෙ ලස්සන .අපිට පිනක් නෑනෙ බන් එහෙම එකක් වත් සෙට් කර ගන්න.

ගොඩාක් වෙලාවට ඔෆිස් එකේ උන් සුධාරි ගැන කතා උනේ එහෙම.

ටික දවසක ඉදන් මගෙ හිතටත් මොකක්දෝ වෙලා කියල මට හිතුනා.ඕනවට වඩා මගෙ හිත සුධාරිව හොයනවා කියලා මට තේරුනා.වැරදි උනත් මගේ හිත සුධාරිට ඇදිලා ගියා.

ඔය අතර අපේ ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් ලෑස්ති කරලා තිබුනා.

දැහැමි,

ම්ම්ම්ම්.ඇයි ?මහත්තයො .

ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් යනවා.ලබන සතියෙ.

අනේ ශෝක්නෙ මහත්තයො .

හ්ම්ම්.ඔව්.ඒත් මේ පාර පවුලෙ අය එක්ක යන්න බැහැ දැහැමි.

අනේ එහෙමද

හ්ම්ම්ම්.ඔව්.
(පවුලෙ අයව එක්ක යන්න පුලුවන් කම තිබුනත් මට දැහැමිවයි දරුවවයි එක්ක යන්න හිත දුන්නෙ නෑ.)

මන් කල්පනා කලේ මොකද කරන්නෙ කියලා.(මන් දුකෙන් වගේ එහෙම කිව්වා.)

අනේ කමක් නෑ මහත්තයො .ඔයා ගිහින් එන්න .මායි පුතු පැටියයි ඉන්නම් .පස්සෙ දවසක අපි තුන් දෙනාම ගිහින් එමු.

දැහැමි කිව්වා.

හ්ම්ම්ම්.එහෙනම් මන් ගියාට කමක් නැත්ද?

අයියෝ ඕකත් අහන්න දෙයක්ද? ගිහින් එන්න අනේ.

හ්ම්ම්ම්.එහෙනම් එන්නකො චුට්ටක් ලගට.

අනේ අනේ..ඒ මොකටද?

මොකටද අහන්නෙ ,දන්නෙම නැතුව ඇති නේද මගෙ නෝනා.

නෑනේ

වරෙන් එහෙනම් කියා දෙන්න.

මන් දැහැමිව ඇදලා ලගට ගත්තා.

ඒ ඇස් පියවිලා.

අනේ අනේ බන්.දැන් කසාද බැදලා අවුරුදු කීයක්ද ? ඒත් තාම ඔය ලැජ්ජාවෙ නම් අඩුවක් නෑ.

මන් හෙමිහිට ඒ දෙතොල් අල්ල ගත්තා.අනුරාගී හෝරාවකට පස්සෙ මන් ඒ ගතින් ඈත් උනා.හැමදාම වගේ දැහැමි මගෙ මූණ පුරාම හාදු තිබ්බා.පපුවත් ඉඹලා මගෙ පපුවට මූණ තියන් නිදාගත්තා .

මගෙ ඇස් වලට නින්දක් නෑ.දැහැමි හැමදාමත් සැනසුනේ මගෙ පපුවෙ.මට හිතුනා මන් දැහැමිට අසාධාරණයක් කරන්න හදනවද කියලා.මොකද මන් දන්නවා.මගෙ හිත සුධාරි ගැන උනන්දුයි කියලා.ට්‍රිප් එක ගැන උනත් බොරු කිව්වෙ ඒ නිසා කියලා.

ඒ සතියත් ගෙවිලා ගියා.ට්‍රිප් එක යන දවස උදා උනා.හැමෝම හරි විනෝදෙන් ගමනට සහභාගි උනා.වෙනදට සාරි ඇදගෙන එන සුධාරි අද ඇදන් ඉදියෙ ඩෙනිම් කලිසමකුයි ටී ශර්ට් එකකුයි.ඒ ඇදුමට සුධාරිගෙ දගකාර කෙලිලොල් බව තවත් ඉස්මතු වෙලා..

මම ගිහින් ඉදගත්තෙ සුධාරි ලගින්.

ලස්සනයි .මන් සුධාරිට එහෙම කිව්වා .

තෑන්ස්.ඈ දගකාර හිනාවකින් එහෙම කිව්වා.

මට  හිතුනා ඇයි මන් දැහැමි වගේ චාම් කෙල්ලෙකුට කැමති උනේ කියලා.දැහැමිට වඩා සුධාරි කොච්චර හොදද කියලා.අන්තිමට කොහොම හරි ට්‍රිප් එක අවසන් උනේ සුධාරියි මායි පෙම්වතුන් වෙලා.

මම  ට්‍රිප් එක ගිහින් එනකොට රෑ දොළහයි හතළිහයි.එතකොටත් දැහැමි ඇහැරගෙන බලන් ඉන්නවා.ඒත් මට දුකක් දැනුනෙ නෑ.ගෙට ආවහම 

මහත්තයො ,මහන්සිද? ගමන හොදයිද?

හොදයි? මන් කෙටියෙන් උත්තර දුන්නා .

මහත්තයා වොශ් දාගන්න.මන් රස්නෙන් කෝපි එකක් හදන් එන්නම්.
කියලා දැහැමි ගියා.

මන් ඒ අතරෙ ඉක්මනින් සුධාරිට මැසේජ් එකක් දාලා ෆෝන් එක ඕෆ් කලා.

දැහැමි ගෙනත් දුන්න කෝපි එකත් බීලා.මන් ඇදට ආවා.

දැහැමිත් ටික වෙලාවකින් ඇදට ඇවිත් මගෙ පපුවට තුරුල් උනා.

පළවෙනි පාරට මගෙ හිතේ දැහැමිව නුරුස්සනා ගතියක් දැනුනා.

මන් දැහැමිව අතින් අල්ලලා එහාට කරා.

මට හරි මහන්සියි දැහැමි.කියලා මන් අනිත් පැත්ත හැරිලා නිදාගත්තා .

සුපුරුදු විදිහට දැහැමිගෙ දින චරියාව මාත් පුතාත් එක්ක ගෙවිලා ගියත් මගෙ දින චරියාව එහෙම උනේ නෑ.

පාන්දරින් නැගිටගෙන දැහැමි උයල දෙන කෑම එක මන් කෑවෙම නෑ.ඒක මන් හැමදාම සිකුරුටි ට දුන්නා.දීලා දවල්ට කෑවෙ සුධාරි මටත් එක්ක ගේන බත් එක.මන් ටිකෙන් ටික දැහැමිගෙන් ඈත් වෙලා සුධාරිට ගොඩාක් ලන් උනා.

සමහර විට දැහැමිට මගෙ වෙනස දැනුනද දන්නෙ නෑ.ඒත් එයා කවදාවත් මට මුකුත් කිව්වෙ නෑ.හැමදාම මට ආදරෙන් සැලකුවා.හවස වැඩ ඇරිලා ආවත් ඔෆිස් එකේ වැඩ වැඩියි කියලා ඔෆිස් කාමරේට වෙලා සුධාරි එක්ක මැසේජ් කරන එක තමයි මන් කලේ.

එන්න එන්නම මට දැහැමිව පෙන්නන්න බැරි උනා.රෑට නිදාගන්න ගියත් මන් ඇදේ අනික් පැත්ත හැරිලා නිදාගත්තා.

දවසක් සුධාරි

මොකක්ද සුදූ මේකෙ තේරුම.මට හැමදාම මෙහෙම ඉන්න බෑ.
ඔයා ඉක්මනින් තීරණයක් ගන්න.

අපි තව ටික දවසක් ඉමුකො බබා

බෑ බෑ.මට තවත් නම් ඉන්න බෑ.මේ අදම ඔයා ඒ ගෑනිගෙන් අයින් වෙලා මා ගාවට එන්න.නැත්නම් මන් ජීවිතේ නැති කර ගන්නවා.

පිස්සුද බබා ඔයාට ආහ්

මන් ඉක්මනින් දැහැමිව ඩිවෝස් කරන්නම්.එතකම් චුට්ටක් ඉවසල ඉන්න.

බෑ බෑ ගගන මට බෑ.ඔයා මේ අදම තීරණයක් ගන්න .එක්කො මන් නැත්නම් ඔයාගෙ වයිෆ්.

අද රෑ වෙනකොට ඔයා මගෙ බෝඩිමට නාවොත් .මන් නෑ කියලා හිතා ගන්න.

සුධාරි එහෙම කියලා යන්න ගියා.

මන් කා එකේ එනකනුත් කල්පනා කළා මොකද කරන්නෙ කියලා.

ගෙදර එනකොට දැහැමි උයනවා.මන් හිතුවා මේක තමයි හොදම වෙලාව කියලා දැහැමි එක්ක රණ්ඩු වෙලා ගෙදරින් යන්න.

දැහැමි දැහැමි  මන් ටිකක් හයියෙන් කතා කළා.

බය වෙලා වගේ

ඇයි ? ඇයි? මහත්තයො .

මට බඩගිනියි.බත් බෙදනවා.

අනේ මහත්තයො මන් උයන්න ගත්තෙ දැන්.අද පුතා නිදාගත්තෙම නෑ .ඒක නිසා මට වේලාසනින් උයාගන්න බැරි උනා.

චුට්ටක් ඉන්න මන් ටක් ගාල උයන්නම්.

බඩගිනි වෙලාවට කන්න නැතුව පස්සෙ මොකටද ගෑනියෙ.

මහත්තයො මේ මේ ඔයා කවදාවත් නැතුව ඔහොම.

අනේ මේ දැහැමි උඹගෙ අහින්සක කම් වලට රැවටුනේ ඒ කාලේ.

මට දැන් ඒ වගෙන් වැඩක් නෑ.

දැහැමි මා ලගට දුවගෙන ආවා.මගෙ කකුල් දෙක ගාව දණ නවාගෙන.

අනේ ඔයාට මොකක්ද මහත්තයො උනේ.කවදාවත් නැතුව ඇයි මේ.

පලයන්න එහාට .මට උඹෙන් වැඩක් නෑ.

දැහැමිට මගෙ ලගට ලන් වෙන්නවත් මන් ඉඩ දුන්නෙ නෑ.රණ්ඩු වෙලා මම එදා පුලුවන් තරම් දැහැමිට බැනලා.ගෙදරින් එලියට ආවා.ඇවිත් මන් ගියෙ සුධාරිගෙ බෝඩිමට.එදා ඉදන් මන් කවදාවත් ගෙදර ගියෙ නෑ.

දැහැමියි දරුවයි කොහොම ජීවත් වෙනවද කියල හොයල බලන්නවත් මට හිත දුන්නෙ නෑ.ඔහොම කාලයක් ගියා.ඒත් කල් යන්න යන්න මට තේරුම් ගත්තා දැහැමි කොච්චර අහින්සක ගෑනියක්ද කියලා.ඒ වගේම සුධාරි කියන්නෙ මොනවගේ ගෑනියෙක්ද කියලා.සුධාරි ගෙන් කවදාවත් මට උදේට තේ එකක් ලැබුනෙ නෑ.වැඩි හරියක්ම කෑවෙ කඩෙන්.

හැමදාම කටේ තිබුනෙ 

අනේ මට නම් බෑ බබා උයන්න.යමින් ගමන් මොනාහරි කන්න දෙයක් අරන්
 යමු කියලා.

මට දැහැමිගෙ අගේ තේරෙනකොට හැමදේම වෙලා.දැහැමිගෙ න් ඈත් වෙලා ඇවිත් අවුරුද්දක් යනකොට සුධාරි වෙන එකෙක් එක්ක පැනලා ගියා.

අන්තිමට මට කාත් කවුරුවත් නැති උනා.දැහැමිට කරපු දේ නිසා මගෙ යාලුවො පවා මගෙන් ඈත් උනා.ඇත්තටම ඒ අහින්සකීට දුන්නු දුක වෙන්න ඇති මට පත්තු උනේ.අඩුම මගෙ ලෙයින් ඉපදුනු දරුව ගැනවත් මන් හිතුවෙ නෑ.

දවසක් මන් ඔහේ බීච් එකට වෙලා මුහුද දිහා බලන් ඉදියා.

ගෑනු කෙනෙකුයි පොඩි පිරිමි ලමයෙකුයි
රැල්ල පාගනවා.

මට මගෙ පුතයි දැහැමිවයි මතක් උනා.

ටික වෙලාවක් එහෙම ඉන්නකොට.එක පාරටම අර පොඩි දරුවා ඇවිත් මගෙ ඇගේ එල්ලුනා.

තාත්තී තාත්තී ඔයා ආවද? කියල අහගෙන.

දෙයියනේ ඒ වෙන කවුරුවත් නෙමෙයි මගෙ පුතයි.දැහැමියි.

දැහැමි පුතාට කියලා තියෙන්නෙ මන් රට  ගියා කියලා.ඒකයි පුතා එහෙම අහලා තියෙන්නෙ.

දැහැමි මගෙන් මුකුත්ම ඇහුවෙ නෑ.

අපි යමු කිව්වා.

මට පුදුම හිතුනා.එච්චර නිවිලා දැහැමි කතා කරයි කියලා මන් හිතුවෙ නෑ.

ගෙදර ගියාම වෙනද වගේම දැහැමි මට හරි ආදරෙන් සැලකුවා.

පුතා නිදාගත්තට පස්සෙ මන් දැහැමි ගාවට ආවා.

දැහැමි

මන් කතා කලාම දැහැමි මා දිහා බැලුවා.

මට සමාවෙන්න දැහැමි.මන් වැරදියි.

.මට ඉස්සෙල්ල දේවල් වත්, උනේ
මොනාද කියලවත් අහන්න ඕනි නෑ මහත්තයො .මන් ඔයාට ගොඩාක් ආදරේ කලා.එදත් එහෙමයි.අදත් එහෙමයි.මොන දේ උනත් ඔයා ඒ හැමදේම අමතක කරල නම් ආවෙ.ඒ ඇති.මගෙ පුතු පැටියට තාත්තයි අම්මයි දෙන්නම ඕනි.

ඒත් මට ටික කාලයක් දෙන්න .ඔයා මට මගෙ ආදරේ ට ද්‍රෝහි උනා.ඒ නිසා ඒ කැලැල එක පාරටම මැකෙන එකක් නෑ.හැමදාම වගේ මන් ඔයාට වෙනසක් නැතුව ම සලකනවා.ඒත් මේ හිතේ ඔයාට  ආයෙම ඉඩක් දෙන්න මට ටික කාලයක් යයි.

දැහැමි හරි.මන් කරපු දේවල් එක්ක එයා එහෙම හිතනවා ඇති.මන් වගේ අනියම් ඇසුර නිසා පවුල් ජීවිතේ විනාස උනු කී දෙනෙක් නම් ඇත්ද?  අපි ගත්ත තීරණ කොච්චර වැරදිද කියලා තේරෙන්නෙ අපිට වැරදුනාට පස්සෙ.ඒත් එතකොට වෙන්න ඕනි දේවල් වෙලා.

කිව්ව වගේ ම ආයෙත් දැහැමිගෙ හිතේ ඉඩක් හදා ගන්න මට ටික කාලයක් ගියා.දැන් මායි අපේ පුතු පැටියයි දැහැමියි ආයෙම සතුටින් .ජීවිතෙ වැරදුණු හැමතැනක්ම හදාගෙන ලස්සනට ජීවත් වෙන්න මන් හිතාගත්තා.

මහත්තයො ,

ම්ම්ම්ම්ම්,

ඇයි? මැණික.

මේ මේ

මොකද බන් තෙපරබාන්නෙ

කියනවකො මොකෝ

මේ 

ම්ම්ම්ම්

මට ඕනෙ

මොනාද?

මන් ඒ මූණ මත හාදුවක් තියලා ඇහුවා.

මට ඕනි ඔයා වගේ දුවෙක්

දැහැමි කිව්වා.

යකෝ මේකි.

ඇයි?

නෑ මන් හිතන් ඉදපු දේ ඔයා කිව්වනෙ.

දැහැමි මගෙ පපුවෙ මූණ හොවා ගත්තා .

හරි මැණිකේ.ඔයා රෙඩි නම් මන් ඕනි වෙලාවක රෙඩි.

අනේ මහත්තයො ඔයා නම්ම්ම්ම්ම්.

හ්ම්ම්ම්.ඔව් දැන් අපේ ජීවිතේ ලස්සන ට ගලන් යනවා .අපේ අකේන් පුතාට නන්ගි බබෙක් ගේන්න යන්නෙ දැන්.😍😍❤️

නිමි.

✍️මල්කි.✍️

Comments

Popular posts from this blog