මරණ වරන්තුව

 


🔴 මනකඃල්පිතයක් බව කරුණාවෙන් සලකන්න 🔴 

නුවරඑළියෙ සීතලත් එක්ක හදිස්සියේම වැහැපු වැස්සට ඔහේ තෙමිලා තෙමිලා සීතලට ගල් වෙලා හිටපු මම තෙත් වෙලා ඇඟටම ඇලිච්ච දණහිසෙනුත් වියතක් විතර උඩට තියන උරහිස් පවා නිරාවරණය වූ ගවුම පිටින්ම ඔහේ ඇවිදගෙන ආවෙ මම නැවතිලා හිටපු හෝටලේ දිහාවට.

"අම්මට සිරි... මචං අර බලපංකො... 
දැක්කම නිකං ඔලුවත් මොකද්ද වෙලා යනවා... 
පට්ට ඇඟක් නේ..." 

කිසිම හැඟීමක් දැනීමක් නැති ගානට මම ඔහේ ඇවිදගෙන ආපු නිසා කවුරු මං දිහා බලං ඉන්නවද කියලාවත් මං දැක්කෙ නෑ. කන් දෙකට මොන විදියෙ කතා ඇහුනත් ඒ හැමදේම නෑහුන ගානට මම ඔහේ තෙමි තෙමි ඇවිදගෙන ගියේ ඒ ඇහෙන වචන වුනත් මට ආගන්තුක නොවන නිසා.

"මිස්... කැන් අයි හෙල්ප් යූ"

දන්නෙම නැතුව හොටෙල් එකටත් ඇවිල්ලා කියලා දැනගත්තෙ හොටෙල් එකේ දොර ලඟ ඉන්න සේවකයෙක් මට කතා කරාමයි.

ඔලුව උස්සලාවත් ඒ මනුස්සයා දිහා නොබලපු මම කාමරේ හොයාගෙන ගියේ නොපෙනෙන්න ඕන ප්‍රධානම අවයවයන් විතරක් වැහුන ගවුම් කෑල්ලෙන් බේරෙන වතුර බිංදු හෝටලේ ටයිල් කැට තෙමද්දියි.

නුවරඑළියෙ සීතලත් සමඟ මුහු වෙච්ච වැස්සත් එක්ක ඔට්ටු වෙලා හෙම්බත් වුන මම ආයෙමත් හොටෙල් කාමරේට ඇවත් මගේ නාරි දේහය වැහිලා තිබුන ගවුමත් ගලවලා දාලා වතුර මල යටට වුනේ ඔනාටත් වඩා විඩාපත් වෙලා තිබුන මගේ ගතට මේ වතුර බිංදු දූවිල්ලක් තරම් වත් බර නොවූ නිසා.

හිස් වෙච්ච ලෝකෙක අතරමං වෙලා හිටපු මම වතුර මල යට වාඩිවෙලා නේද දැන් ඉන්නෙ කියලා දැනුනෙ නොනවත්වා දුරකතනයෙන් ඇහුන  සද්දෙට මගේ දැහැන බිඳිලා ගිය නිසා.

වතුර මල වහලා දාපු මම එහෙම්ම බාතෲම් එකෙන් එළියට ආවෙ මගේ නිරුවත බලන්න මේ කාමරේ ඇතුලෙ කවුරුත් නැති වුන නිසාද, නැත්නම් මේ නිරුවත් ගොඩ දෙනෙක් විඳලා තිබුන නිසාද කියලා මම දන්නෙ නෑ.

"හෙලෝ..."

කණ්නාඩි මේසෙ උඩ තිබුන දුරකතනය නාද වුන නිසා ඇමතුමට සම්බන්ධ වුන මම ඇමතුම ආයෙමත් විසන්ධි කරේ ලොකු සුසුමක් පිට කරන ගමන්.

"එදා එහෙම දෙයක් මං නොකෙරුවානම්"

කණ්නාඩියෙන් පේන මගේ නිරුවත් සිරුර දිහා බලාගෙනම පිළිකුල් භාවනාව වඩන්න පටන්ගත්ත මම කල්පනා කරේ පිරිමින්ගෙ සීලෙ බිඳෙන්න තරම් මේ නිරුවතේ තියෙන විශේෂත්වෙ මොකද්ද කියලා.

කල්පනා ලෝකෙ අතරමංවෙලා මේ ශරීර කූඩුවෙ අනිත්‍යතාව අවබෝධ කරගන්න දඟලපු මගේ දෑත් බෙල්ලෙන් පටන් අරන් මෘදු ස්පර්ශයක් එක්කම ලය මඩල ලඟ නතර වුනේ මටත් නොදැනිම ඇස්වලින් මතුවුන කඳුලු කැට පිරුණු දෙකම්මුල් තෙමාගෙන ලය මඩල තෙත් කරපු නිසා.

නිරාවරණය වී මටම පෙනෙන මගේ ශරීරය දිහා මොහොතක් මම බලාගෙන ඉඳලා බොහෝ නොහික්මුණු පිරිමින්ගෙ ස්පර්ශයන්ට ගොදුරු වුන ලය දෑත් වලින් වසා ගත්තෙ මට මං ගැනම උපන් අප්පිරියාව නිසාමයි.

"අම්මා...."

හීන් කෙඳිරිලි හඬකින් එසේ ඇහුන හඬට ඔලුව උස්සලා කණ්නාඩිය දිහා බලපු මම මගේ නිරුවත වෙනුවට දැක්කෙ ගලාගෙන යන ලේ බිංදු දෙක තුනක්.

ලය වසාගෙන සිටි දෑත් තවත් පපුවට ගුලි කරගත්ත මම අඩි දෙක තුනක් පස්සට විසිවුනේ අමුතුම භයංකාර හැඟීමක් හිත වෙලාගත් නිසා.

"නෑ... ඒ... ඒක වෙන්න බෑ..."

ඇසිපිය සලන සැනින් අතීතෙට ඇදුන මගේ හිත නතර වුනේ ඒ කටහඬේ හිමිකාරි ලඟ. ඔව්... ඒ මගේ කුසෙන් උපන් මගේම දරුවා. මේ මොහොත වන විටත් ඇය මෙලොව නැතිමුත් ඒ හඬ... සිදුවන්නෙ කුමක්දැයි මා නොදනී...

ඒ හඬින් චංචල වූ සිත තවත් චංචල කරමින් කාමරේ දොරට තට්ටු කරන හඬට මං සවන් දුන්නෙ බොහොම අසීරුවෙන්. ඔව්... ඒ ඔහුම විය යුතුයි... කාලයක පටන් මගේ නිරුවත් සිරුරේ සාරය උරා බොමින් මාව මිනීමරුවෙක් කල කඩවසම් යක්ශයා ඔහුයි.

හනිකට ඇඳමත රැඳි තුවාය පටලවාගත් මම හිස් හැඟීමකින් දොර විවර කරේ කාම ගින්නෙන් දැවී ඇති සිතට තවත් කාම සුවයක් වුවමනා නොකල නිසා.

"හේයි මයි බියුටිෆුල්... අදනම් මට වැඩේ ලේසි වෙන්නම මෙයා ටවල් එකක් ඇඳගෙන... හ්ම්ම් ඒකත් හොඳයි මැඩම්" 

දෙපතුලේ සිට හිසතෙක් දෑස් යැවූ ඔහු එසේ පැවසුවේ ඒ රාගික දෑස් මගේ නිරාවරණය වූ දෙපා ලඟ නතර කරගනිමින්. 

හීයක වේගයෙන් දොර වසා දැමූ ඒ සරාගී යක්ශයා මේසය මත රැඳි මත් පැන් බෝතලෙන් සප්පායම් වුනේ මම ඇඳට වෙලා ඔහේ ඔහු දෙස බලා සිටියදීමයි.

කිසිම දිනක අඳුරේ මගේ නිරුවත නොවිඳපු ඔහු අදත් දැල්වෙන විදුලි බුබුල නොනිවාම එකින් එක ඔහුගේ ඇඳුම් බිම හෙලා මගේ ඇඟට කඩාගෙන පැන්නෙ හරියට කොටියෙක් තම දඩයමට කඩා පනිනවා වගේ.

ඇඳ සිටි තුවාය ඔහුගේ අතින් ගිලිහිලා ගිහින් ඒ රළු ස්පර්ශයෙන් මුලු ගතම දවාලන්න වැඩි වෙලාවක් ගත නොවුනෙ ඔහු පළපුරුදු කාරයෙක් නිසාවෙන්මයි.

ඔහුට අවැසි සුවය ලබාගත් විගස මගෙන් ඈත් වූ ඔහු ලේ විලක් මැද තනිවුයේ කෙසේදැයි මා නොදනී. 

"මේ... මේක කරේ කවුද..."

නිලස වී තිබෙන දේහය දැකපු මට එසේ කියවෙනවාත් එක්කම ඉබෙම මගේ දෙපා ඇදුනෙ කණ්නාඩි මේසෙ ලඟට. දුටු දෙය විශ්වාස කල නොහැක... ඔහුගේ ශරීයර හිල්කර දමා ඇති පිහිපාරවල් වලට වගකිවයුතු පිහිය මගේ අතේ නොවේද... ඒත් එසේ සිදුවන්නේ කෙසේද... මා නොදනී...

"අම්මා...."

ඔව් නැවතත් ඒ හඬ.. ඒ ඇගේ හඬමයි.. මා නැවත දිව්වේ ඇඳ මත ලේයින් නැහැවී සිටි ඔහු අසලටයි. දැනටමත් ඔහුගෙ අවසන් හුස්ම වා තලයට මුසුවී හමාරයි. නොදැනුවත්ව වූවත් නැවතත් මා මිනීමරුවෙක් වී අවසානයි. 

"අම්මා...."

වෙව්ලන්න තරම් සීතලක් පරිසරයේ තිබුනත් මගේ නිරුවත් ශරීරයම දහඩියෙන් නැහැවී හමාරයි. දෙපතුලේ සිට හිස් මුදුන දක්වා අකුණක් ගැසුවා මෙන් දැනුනත් කලයුතු වන්නේ කුමක්දැයි මා නොදනී. 

"අම්මා... ඌ මැරුණා... හහ් හහ් හා..."

ඒ වියරු හඬ මා මරා දැමූ මගේම දියණියගේ බව වටහාගත් මගේ දෑස් ඇදුනේ කණ්නාඩි මේසය දෙසින් පෙනුන එළිය දෙසටයි.

අදහාගත නොහැක... පෙර ලෙසම මෙන් නැවතත් මගේ නිරුවත වෙනුවට කණ්නාඩියෙන් දිස් වන්නෙ ඇගේ රුවයි. ඔව්... මවගේ දෑතින්ම අවසන් ගමන් ගිය මගේ දියණිය.

"උඹ කරපු පව් වලට විඳවන්න ලෑස්ති වෙයං"

දෙවියනේ... ඒ වියරු හඬ මගේ දියණියගේ ආත්මයයි. එසේනම් මගේ ශරීරයට ඇතුල් වී මොහුව ඇඳ උඩම මරා දැමුවේ මම නොවේ ඇයයි. මට බැලුනේ මරණය ලඟා කරගත් ඔහුගේ දේහය දෙසයි.

"ඔව් උඹ හරි... ඌව මැරුවෙ උඹ නෙවෙයි... මං... හහ් හහ් හා..."

අවුරුදු අටක සිඟිත්තියක් වූ ඇගේ හඬ ලාමක නැත. ඒ දෑස් රත් පැහැ ගැන්වී ඇත්තේ වියරුවෙන්... වෛරයෙන්... කෝපයෙන්... 

එක්වරම නොපෙනී ගිය ඇගේ රූපය නිසා නැවත මගේ නිරුවත දුටු මට ඇතිවූයෙ ලැජ්ජාවක් පමණයි. තම දියණිය ඉදිරියේ මවකට මෙසේ නිරුවත් විය හැකිද... නැත... එසේ කල නොහැක... මට දැනුනේ වරදකාරී හැඟීමක්... කිසි දිනක නොහැඟුනු අපරාධකාරී හැඟීමක්...

"ලෑස්ති වෙයං... උඹේ මරණ වරෙන්තුව දෙන්නෙ මං... හහ් හහ් හා..."

ඈ මගේ පිටුපසයි. මාව ඇදී ගොස් විසිවුනේ අල්මාරිය දෙසට. ලේ බිංදුවක් කොපුල් තෙමාගෙන පහලට වැටුනා. ඒ මගේ රුධිරය. නලල වැදුන පාරට තුවාල වෙලා.

"මේ මිනිහා නිසා උඹට පණ වගේ ආදරේ කරපු මගේ තාත්තාව මරාගත්තා... 
උඹේ ජරා වැඩ ඇස් දෙකෙන්ම දැකපු අවුරුදු අටක මාවත් මරාගත්තා... 
බඩගින්නෙ කිරි ඉල්ලපු  පොඩි මල්ලිවත් මරාගත්තා... 
උඹට ලේසියෙන් බේරෙන්න බෑ..."

ඔව්... ඇය පැවසුවේ සත්‍යයකි. සාමාන්‍ය පෙළ කරන කාලයේ පටන් පෙම් සබඳතා රැසක් ඇතිකරගත් මා ගැන දන්නා පිරිමි පවා මගේ ආදරේ පතාගෙන මගේ පසුපස ආවෙ ආදරේකට නෙවෙයි කාමයට කියලා මට ඒ කාලෙ වැටහීමක් තිබුනෙ නෑ..

දුටුවන් වශීකරන රූපයකට හිමිකම් කියූ මා සියල්ලන්ම වඟ කරගත්තේ උපතින්ම මා හට දායාද වී තිබූ දිගු කෙස් කලඹ, ලා දුඹුරු පැහැ හීන් දිගටි ඇස්, පිරිපුන් වූ ලය මඩල, නා දළු වන් දෙතොල් හා මනාව වැඩුනු අඟ පසඟ වලින් කියලා මතක් කරනකොටත් දෑස් තෙමාගෙන කඳුලු කැට ගලා හැලුනෙ ඇයි කියන්න මං දන්නෙ නෑ.

රූපය නිසා උජාරුවෙන් හිටපු මට ඕන වුනේ කඩවසම් පිරිමියෙක් කියලා කිව්වොත් මම වැරදියි. උසස් පෙළ අවසන් කරන්නත් කලින්ම හිත ගිය කඩවසම් පිරිමින් බොහෝ දෙනෙක් එක්ක මම යහන්ගත වුනේ කිසිවක් නොසිතාමයි.

ජීවිතේ විඳීමට මට අවැසි වූයේ ඒ ලෙසයි. මගේ ලය ස්පර්ශ කරපු ඒ කිසිම කඩවසම් රූපයක් ඒ ලය මඩලට යටින් තියන හිතට ආදරේ කරේ නෑ කියලා තේරෙනකොට මම පරක්කු වැඩී.

දහසක් කඩවසම් පිරිමින්ගෙ කාම ගින්න සංසිඳවපු මම අවසානෙට නතර වුනේ අම්මා බලෙන් බන්දලා දීපු ඒ අහිංසක කඩවසම් රූපෙ ලඟ.

"හහ් හහ් හා... උඹට තව වැඩි වෙලාවක් ඉතුරු වෙලා නෑ... 
කරපු පව් මතක් කරගනින්... 
අපිව මරපු විදිය මතක් කරගනින්... 
උඹට ඊට වඩා විඳවලා මැරෙන්න වෙන්නෙ..." 

ඔව්.. තාම මතකයි මට. මගේ මේ අසීලාචාර වැඩ නතර කරන්න අම්මලා මාව බලෙන්ම වගේ බන්දලා දුන්නෙත් බැලූ සැනින් වශී වෙන රූපයක් තියන හිත හීලෑ කරගත්ත එයාට. ඒත් මං හොයපු කඩවසම් කම ඇරෙන්න මට ඕන කරපු පහස මට එයාගෙන් ලැබුනෙ නෑ.

ඒත් කරගන්න දෙයක් තිබුනෙ නෑ මට. ඔහුගෙන් ලැබුන මුල්ම වස්තුව මගේ දුව. දුවට ආදරේ කරපු එයාට අනිත් පිරිමි වගේ මගේ නිරුවත විඳින්න ඕන වුනේ නෑ. 

දන්න කාලෙක ඉඳලාම කාම සැප වෙනුවෙන් කඩවසම් රූප හොයපු මට ඇත්තටම ආදරේ කරේ ඒ අහිංසක රූපෙ විතරයි කියලා අද මට තේරෙනවා. 

දරුවා නිසා හිත පාලනය කරගෙන හිටපු මගේ සීමා මායිම් බිඳිලා ගියේ මගේ මහත්තයාගෙ යාලුවා නිසා. ඔව්.. මම ආයෙ පුරුදු ජීවිතේට හුරු වුනා... හැමෝටම හොරෙන් ඔහු එක්ක පුරුදු අසීලාචාර ජීවිතේ වින්දා...

අවුරුදු හතක් යනකන්ම හොරෙන්ම මට හුරු ජීවිතේ වින්ද මම ආයෙමත් පුතෙක්ට උපත දුන්නෙ ඒ දරුවා ඔහුගෙ නෙවෙයි කියලා දැන දැනමයි.

"මැණික... මේ දරුවා..."

ඔව් එදා ඔහු මගෙන් අහපු දේට දෙන්න උත්තර මට නෑ... නොමෙරූ දරුවන් දෙතුන් දෙනෙක් පරලොව යැවූ මං වගේ පව්කාර ගෑණියෙක්ට පණ වගේ ආදරේ කරපු ඒ මනුස්සයාටත් වහ පොවලා මරන්න වුනේ මගේ සුපුරුදු ජීවිතේට ඔහුත් බාධාවක් නිසා.

කටින් ලේ වමනෙ පෙරාගෙන මගේ දෑස් ඉදිරියේම විඳවලා විඳවලා මැරුණ ඔහුට අන්තිමට දැකගන්න පුලුවන් වුනේ ඔහුගේම යාලුවට මං තුරුල් වෙන දසුන විතරයි.

සයනය මත ඒ කඩවසම් යක්ශයා සමඟ ජීවිතේ විඳපු මට ඒ කිරි කැටියාගෙ ඇඬීම වදයක් වුන නිසාමයි බඩගින්නට කිරි උරන්න මුව ලං කරපු ඒ කිරි කැටියාව දෙපාරක් නොහිතාම වතුරෙ ගිල්ලුවෙ. දරු කැකුමක් නැති මමත් අම්මා කෙනෙක්ද...

ඒ අපරාදෙ දැකපු මගේ පළවෙනි දරුවා... ඔව් මගේ දුව... ඇයගේ හඬට බිරාන්ත වූ මා ඇයටත් පිහි පාරවල් වලින් සංග්‍රහ කරන්න දෙපාරක් හිතුවෙ නෑ... 

සියල්ලම සිදුවී හමාරයි... මා මිනීමරුවකු යන වග නොතේරුණ මම අද වෙනතුරුත් කඩවසම් යක්ශයා සමඟ යහන්ගත වූවා නොවේද... 

"මතක් වුනාද උඹට කරපු පව්කාරකම්... 
හහ් හහ් හා... 
ලෑස්ති වෙයන් එහෙනම් විඳවන්න..."

ඇය පැවසුවේ එපමණයි... මට බැලුනේ ඇගේ දෑස් යොමුවී තිබෙනෙ දෙසටයි. මගේ දෑතේ තිබූ ඒ ලේ තැවරුණු පිහිය. 

අත එසවුනේ ඉබේමයි. මට මගේ දෑත් පාලනය කල නොහැක... නවතාලිය නොහැක... වේගයෙන් පිහි පාරවල් වැදුනු ලය මඩල රත් පැහැ රුධිරයෙන් නැහැවී ඇත... 

ඇය මා දෙස බලා වියරුවෙන් සිනාසෙයි. වේදනාව දරාගත නොහැක... නමුත් මට කෑ ගැසීමටත් නොහැක... හඬ පිටවෙන්නෙ නැත... ඒ මන්ද... මා නොදනී.. මට කල හැක්කේ වේදනාවෙන් කඳුලු වැගිරීම පමණයි.

ඇය මා දෙස බැලුවේ වියරුවෙන්... අතැති පිහිය බිම වැටුන සද්දෙට මම බිම බැලුවා පමණයි මතක... අතේ රැඳි කුඩා කුප්පියේ දියර මුව තුලට මා දමාගන්නේ මගේ පාලනයකින් තොරවයි.

එය පානය කල නොහැක... නමුත් මුව විවර කල නොහැකි තැන එය ගිල දමන්නට මට සිදුවිය. ඇය නැවත සිනහාවෙනවා... 

"තව ඉවර නෑ... විඳවපන් දැන්... 
එකපාර මැරෙන්න දෙන්න බෑ... 
හහ් හහ් හා..."

මුලු ශරීරයම දැවී යන්නාක් මෙන් දැනුනා.. ඉවසාගත නොහැක... නොහික්මුණු  පිරිමින්ගෙ රළු ස්පර්ශයන් පවා මේ තරම් වේදනාකාරී නොවීය... කඳුලු කොපුල් හරහා ගලා හැලේ... 

මම එහෙම්ම හැරුනෙ කණ්නාඩි මේසෙ දිහාවට... මුලු කණ්නාඩියම රුධිරයෙන් නහවමින් මගේ මුවින් ලේ දහරාවක් පිටවිය.. ලය දෙසින් තවමත් ලේ වැක්කෙරෙනවා... දෑත් පාලනය කල නොහැක තවමත්... නිරුවත් සිරුර මගේම ලෙයින් නැහැවී හමාරයි... තවමත් මරණය ලඟා වී නැත... ඉවසාගත නොහැක මේ තරම් දරුණු වේදනාවක්...

"හහ් හහ් හා... තව විඳෝපන්..."

වේදනාව දරාගත නොහැකි තැන පැයක් පමණ බිම වැතිරී එහෙට මෙහෙට පෙරලුණු මගේ රුධිරයෙන් ටයිල් පොළව වැසී ඇත... 

ඉබේම නැගිට්ටුනා පමණයි මතක... මා ඉන්නේ බාතෲම් එකේ නාන තටාකයේ... අත පය සෙලවිය නොහැක... ටිකෙන් ටික තටාකය වතුරෙන් පිරී ඉතිරෙනවා දෑසින් දැකගන්නට මට හැකියි. 

පැහැයක් නොමැති ජලය මගේ රුධිරයෙන් රත් පැහැ වී ඇත... මා තරම් වේදනාවක් මෙලොව කිසිවෙකුත් විඳ නැතුව ඇති. මා කල පාප කර්මයන්ට නොවේද මේ දඬුවම්... මා වේදනාව අතරින් දෑස් මොහොතකට පියාගෙන සිහි කරා...

"හහ් හහ් හා... 
දැන් උඹ තේරුම් ගනින් කිසිම වරදක් නොකරපු අපිව උඹ වද දීලා මරද්දි අපිට දැනුන වේදනාව කොච්චරද කියලා..."

ඔව් එය සත්‍යයකි... දැන් මට ඒ වේදනාව වැටහේ... මා දැන් ඊටත් වඩා දරුණු වේදනාවක් විඳී... 

එක්වරම මගේ ගෙල නාන තටාකයේ පතුලටම යනවා දැනුනා... කිසිවක් කරගත නොහැක... මා සිදුකල පාප කර්මයන්ට දඬුවම් විඳිය යුතුමයි. 

අවසන් වරට දුටු දසුන ඇයෙගේ විය.. අවසන් වරට ඇසුන හඬ ඇගේ වියරු සිනහාවයි... වතුර යට හුස්ම ගැනීමට නොහැකි වූ මම දඟලලා දඟලලා බැරිම තැන ඇය දෙස බැලුවා... 

"හහ් හහ් හා... 
තමන්ගෙ මරණ වරෙන්තුව තමන්ගෙම දරුවා අතින් ලියාගත්ත පව්කාර ගෑණියෙක් උඹ. ."

ඇසුනේ එපමණයි... මගේ අවසන් හුස්ම වා තලයට මුසු විය... මා... කාමය පසුපස ගොස් තම දියණියගේ ආත්මය අතින්ම මරණ වරෙන්තුව ලියාගත් අපරාධකාරියක්ම පමණයි...

#කවර_දෙයකින්_සැඟවී_සිටියත්_කර්මයෙන්_සැඟවී_සිටිය_නොහැක
.
.
.

#සෙනූ✍️ 


🔴 මනකඃල්පිතයක් බව කරුණාවෙන් සලකන්න 

Comments

Popular posts from this blog