ඔබ ආයෙමත් ඇවිදින්

 

එක්තරා තරුණයෙක් ගුරු පත්වීමක් අරන් පාසලක උගන්වන්න යනවා. ඒක මිශ්‍ර පාසලක්. උසස්පෙළ පන්තිවලට උගන්වන මේ තරුණ ගුරුවරයට ඉදිරි පේළියේ ඉන්න ශිෂ්‍යාවක් ගැන ආකර්ෂණයක් ඇතිවෙනවා.
ඒත් ගුරු භූමිකාව ඇතුළෙ තියෙන විනය සංවරය ඉක්මවා යන්නට නොහැකි නිසා ඔහු කිසිම විදියකින් තමන්ගෙ හැඟීම් ඇයට දැණෙන්නට දෙන්නෙ නැහැ.

කාලය ගතවෙලා යනවා. ඔහුට වෙනත් පාසලකට මාරුවක් ලැබෙනවා. ඒ පාසලට මාරුව අරන් ගිහින් ඉන්න අතරෙ ඔහු වෙනත් තරුණියක හා විවාහ වෙනවා. කාලය අවුරුදු ගණනින් ගෙවෙමින් යද්දී රජයෙන් අළුත් ගුරුපත්වීම් ලැබිලා අළුතින් ගුරුවරු කණ්ඩායමක් මේ පාසලටත් එනවා.
ඒ අතරෙ එදා අර තමන් හිතින් විතරක් පෙම් කරපු ශිෂ්‍යාවත් ඉන්නවා...

ඇය තාමත් අවිවාහකයි... ඒත් ඔහු අද විවාහකයි...
කලින් තිබුනෙ ගුරු ගෝල බැම්ම...
අද විවාහය නම් වූ බැම්ම...

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්..
නුඹ නොදැක සිටි දිගු කාලයේ..
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්.....!
..........................................................................

ඔබ ආයෙමත් ඇවිදින්....
ඔබ ආයෙමත් ඇවිදින් 
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් 

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණ ද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ 
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්...

දෑස අග මල් පිපී සැලුනත් කොයි තරම්
එක මලකවත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුනා විතරමයි 
ඔබ ආයෙමත් ඇවිදින්.....!!

....................................................................
පද රචනය : ධම්මික බණ්ඩාර 
ගායනය     : අමරසිරි පීරිස්
සංගීතය    : ඩැනිස්ටර් පෙරේරා 


Comments

Popular posts from this blog