වස්සන හීන

 "කට වහපන් තරුල් උබ ඔය කතා කරන්නෙ උබේ තාත්තට"

"මන් දන්නව මන් කතා කරන්නෙ මගෙ තාත්තට කියල. තාත්තා උනත් මන් කැමති නෑ මට තියන නිදහස නැති කරගන්න"

🚶ඔහු නමින් තරුල් ගජධීර. දේශප්‍රිය ගජධීර  මහතාගෙත් ශීලා ගජධීර මහත්මියගෙත් එකම පුතු.  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සෙල්ලක්කාරයෙක්. පියාගෙ සල්ලි බලයෙන් යහළුවන් සමඟ සමාජයේ රඟන තරුණයෙක්. මේ පිය පුතු ගැටුම සිදුවන්නෙ තරුල් ගජධීර මහතාගෙ හෝටල් ව්‍යාපාර ජාලයට සම්බන්ධ වෙන්න දක්වපු අකමැත්ත නිසා.

"දෙයියන්ගෙ නාමෙට දැන් ඕක නවත්තන්න ගජේ ඒ දරුවා තව පොඩී."
"පොඩියි... හොඳ පොඩි මූ අවුරුදු 26ක් වෙලත් තව යැපෙන්නෙ අම්මා තාත්තාගෙන්. ශීලා එකක් මතක තියාගන්න මෙයාගෙ මේ හිතුවක්කාරකමට එකම හේතුව ඔයාගේ මේ හුරතලේ කියල"

ගජධීර මහතා ශීලාටත් තරුල්ටත් දොස් පවරමිම් තරප්පු පෙල ඔස්සේ ගමන් කලේ සිය කාර්යාල කාමරය වෙතයි.ජැන්ඩියට ඇඳ පැළඳ මෝටර් රථයේ යතුර කරකවමින් සාලයේ සිටි තරුල් දිහා ශීලා බැලුවේ අනුකම්පාවද කණගාටුවද මුසු වූ දෑසිනි

"ඔයාගෙ වැඩ නිසා අන්තිමට හැමදාම බැනුම් අහන්නෙ මමයි පුතා. පින්සිද්දවෙයි තාත්තා කියන දේ අහල මේ බිස්නස් වලට ජොයින් වෙන්න දරුවො"
"මේ කෙහෙල්මල් බිස්නස් එකක් හින්දා මට බෑ අම්ම මගෙ නිදහස නැතිකරග්න්න. ප්ලීස් තාත්තට තේරුම් කරන්න"
"මොකක්ද කිව්වෙ උබ කෙහෙල්මල් බිස්නස් එක. මේ කෙහෙල්මල් බිස්නස් එක නැත්ත්ම් අද උබට මෙහෙම ජැන්ඩිය්ට ඇඳල ගමන් බිමන් යන්නත් බෑ කියල මතක තියාගනින්."

ශීලාගේ කතාව ගනන් නොගනිමින් තරුල් නිවසින් පිටවූයෙ කුඩාකල පටන් ඔහුගේ දුක සැප බෙදාගත් දේවින්ද හමුවීමට යාම සඳහායි.තරුල් සිය රථයට නැගී වේග රිද්ම ගීතයකට සවන් යොමු කරමින් රථය ඉදිරියටම ධාවනය කරන්නට විය. ගත වූයේ නිමේෂයකි ඔහුගේ රථයෙහි කුමක් හෝ දෙයක් ගැටුන බව ඔහුට සිහි විය.

"Woow ලස්සන රතු රෝස මලක්" ඔහුට ඉබේම කියවිණි.
තරුල්ගේ රථයේ ගැටුනේ ප්‍රිය මනාප පෙනුමකින් යුතු අවුරුදු 20ක පමණ තරුණියකි.ඉතා ඉක්මනින් ඇය වෙත කිහිප දෙනෙකු ඒකරාශි විය.තරුල්ද ඉතා ඉක්මනින් රථයෙන් බැස ගියේ ඈ වෙතටයි

"සමාවෙන්න මහත්තය මන් ලොකු හදිස්සියකින් හිටියෙ ඒකයි ඉක්මනින් පාර පැන්නෙ. වැරැද්ද මගේ "

දෑතේ හා දෙපයේ ගලායන රුධිරය දෙස බලමින් නෙත් අගින් ගලා යන කඳුළු පිසිමින් ඇය පැවසූයේ තරුල්ගේ හිත් පතුලටම ඇගේ අවිහින්සක බව කාවද්දමිනි. වහා තරුල් සූදානම් වූයේ ඇයව රෝහල වෙත රැගෙන යමටයි. 
"පාර පනිද්දි පොඩ්ඩක් ඇස් ඇරල බලල පනින්න. නැත්තම් අහක ඔන්න අපියි අමාරුවෙ වැටෙන්නෙ"
"සමාවෙන්න මහත්තයා මන් පාර පැන්නෙ තාත්ත ගැන හිත හිතා. මගෙ තාත්තට හොදටම අසනීපයි. මන් ගියෙ තාත්තගෙ බේත් ටික ගන්න. "

ඇය නමින් දහරා මින්දුලී දිසානයක. ඇයගේ මව මරු තුරුලට යන්නෙ ඇය බිහි වූ දිනයේමයි. එතැන් පටන් මව් සෙනෙහසත් පිය සෙනෙහසත් ලැබුනෙ පියාගෙන් පමණයි. 
                    කාලය ගෙවී ගියේ තරුල්ගේ හිතෙහි සෑම කොනක්ම දහරා අත්පත් කරගනිද්දියි.හමුවී කෙටි කාලයකදී යහලුවන් බවට පත් වූ ඔවුන් දෙදෙනා පෙම්වතුන් වූයේ කාටත් හොර රහසේමයි. සය මසක් ගතවිය. තරුල් දහරා ප්‍රේමයට සය මසකි. ඒ කාලය ඇතුලත දිනෙන් දින ඔවුන්ගේ ආදරය දළු ලා වැඩිනි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයට කණකොකා හැඬුවේ තරුල්ගේ පියා මේ සම්බන්ධය දැනගත් පසුවයි.

"තරුල් ඔහොම නැවතියන් උබ දැන් මොකක්ද මේ නටන්න හදන  නාඩගම. කොහෙවත් යන හිඟන්නියක් බෙල්ලෙ එල්ලගන්නද හදන්නෙ"
"ඇති තාත්තෙ මගෙ මින්දුට තව එක වචනයක් කියන්න එපා. කවුරු මොනා කීවත් මන් ඒකිව බඳිිනවා. ඒ මගෙ පණ තාත්තෙ"
"උබට මෙච්චරකල් කන්න අදින්න දුන්නෙ මන් උබ මන් කියන දේ අහන්න ඔනි. ලෑස්ති වෙයන් ලබන මාසෙ ශෙරිල්ව බඳින්න. එහෙම බැරිනම් අන්න තියනව දොර උබේ අම්මා තාත්තා නෑ කියල හිතාගන පලයන්"

"අම්මේ තාත්තේ මට සමාවෙන්න. මට මගෙ මින්දුව නැතිකරග්න්න බෑ. ඒ මගෙ ජීවිතේ. මාව මනුස්සයෙක් කලේ ඒකි.මන් අදම මේ දැන්ම යන්නම්."

ශීලා මේ දෙස බලා සිටියේ අසරණ වූ දෑසිනි. මන්ද සැමියාගේ තීරන ඇයට වෙනස් කිරීමට නොහැකිය. මේ අතර තරුල් ඔහුගේ ඇඳුම් කිහිපයක් ගෙන නිවසින් පිටවී යන්නට විය.

"ඔයාට හිතක් පපුවක් නැද්ද ගජේ. මොන වැරැද්ද කලත් ඒ අපි දෙන්නගෙ දරුවා. මගෙ දරුව නැතුව මට ඉදල වැඩක් නෑ ඒ දරුවව නවත්තන්න අපේ මහත්තයා."
"මගෙ පුතා හින්දා තමයි ශීලා මන් එයාව නතර කරගත්තෙ නැත්තෙ. ඔයාට හිතෙනව ඇති මන් මහ හිතක් පපුවක් නැති මනුස්සයෙක් කියල. අද මන් එයාව නතර කලානම් එයා කවදාවත් තමන්ගෙ දෙපයින් නැගිටින්නෙ නෑ.ඔයාට දවසක තේරෙයි."

මේ අතර තරුල් හා දහරා දහරාගේ පියාගෙත් දේවින්දගෙත් පමණක් ආශිර්වාද ලැබ විවාහ විය
"මේ මගෙ ඇස් දෙක පුතේ. පුන්චි කාලෙ ඉදන් කිසිම වෙනසක් නැතුව ඇහේ මූනෙ තියන් හදපු කෙල්ල අද පුතාට බාරයි. මගෙ දරුවට කවදාවත් වෙනසක් කරන්න එපා. රත්නත්තරේ පිහිටයි මගෙ දරු දෙන්නට."
 
පිය සෙනෙහස ගැඹුරුයි. සම මස් ඇට නහර ඔස්සේ ඇට මිදුළු දක්වා කිඳා බැස ඇත. 

මෙදින පටන් තරුල් දහරා ඔවුන් දෙදෙනාගෙ ජීවන අරගලය ගෙන යා යුතුයි. අගහිඟකම් වැඩි වෙද්දි ආදරය පෑල දොරෙන් පැන යනව කියල කතාවක් තියන්ව. තරුල් දහරා ප්‍රේමයට කුමක් සිදුවේද...?

💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑

කාලය ගතවූයේ ඔවුන් දෙදෙනා විවාහ වී සිව්මසක් සපුරීමෙනි. තරුල් සම්මුඛ පරීක්ෂණ රාශියකට සහභාගි වූවත් තවමත් රැකියාවක් නොලැබුනේ ඔවුන්ගේ හීන ගොන්නක් බිද දමමිනි. එහෙත් දහරා ඇයට හුරු පුරුදු ඇඟලුම් කර්මාන්තයේ නිරත විය. ලදරු ඇදුම් කාන්තා ඇදුම් රාශියක් ඇය අතින් නිමවෙන්නට ඇත. ඒ ලැබෙන සොච්චම් මුදලින් ඔවුන් ඔවුන්ගේ සියලු අඩු ලුහුඩුකම් සපුරා ගනියි. 

"මගෙ මැනික මන් මහ පවුකාරයෙක් මට බැරි උනා මගෙ අත් දෙකෙන් සල්ලි හම්බ කරල මගෙ මැනිකට කන්න දෙන්න. මේ කාලකන්නියව අතෑරපන් මැනික. මට බෑ ඉවසන්න"
"මොනාද මහත්තයො කියවන්නෙ මේ. ආදරෙ කලේ අපි දෙන්නම. හැමදාම ජීවත් වෙන්න ඕනත් අපි දෙන්නමයි. තේරුනාද. මොන අඩුපාඩු තිබ්බත් හැමදාම ආදරෙයි...

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
 
අවුරුදු 6කට පසු......

'පරිස්සමෙන් අඩිය තියන්න මැනික. දැන් ඔයාට දඟලන්න හොද නෑ.මන් අදම නැනෝ අම්මට කියන්නම් අපි දෙන්නට පහල රූම් එකක් ලෑස්ති කරන්න කියල"

"තාතියෝ ඔලාගෙ ටුලන්ඩනවි සෙඩි උනා. අම්මි සෝස කැලෙන් ගේන මල්ලි බබාවයි එක්ක පන්ටල් නමුකෝ...."
"අම්මෝ මෙහෙ එන්න මගෙ කෝලම. අපි ඔක්කොම පන්සල් ගිහින් එන ගමන් ආච්චි අම්මලගෙ ගෙදරත් ගිහින් එමූ...."

ඔව් තරුල් දහරා ආදරේට දැන් අවුරුදු හය හමාරක්. කටකාර කෙලි පැන්චෙකුගෙයි බන්ඩියෙ ඉන්න පුතු පැන්චගෙයි ආදරනීය අම්මයි තාත්තයි. තරුල්ගෙ තාත්තා කියපු තවාත් ඇත්ත තරුල් අද තමන්ගෙම දෙපයින් නැගිටල ඉන්නෙ.  එහි ඵලයක් ලෙස රටපුරා ඇඟලුම් ශාලා 5ක් අද වෙද්දි තරුල් දහරා සතුයි. 
කොපමණ දුක් කම්කටොලු අවාත් ඔවුන් දෙදෙනා දිරියෙන් එකමුතුකමින් ජයගත්ත. අද ඔවුන්ගෙ කැදැල්ල සතුටින් පිරිලා ඉතිරිලා. ජීවිතයට ආපු හැම බාධකයක්ම ඔවුන් හරි අපූරුවට ජයගත්තා. ඒ පවුල දැන් සම්පුර්ණ පවුලක්. තරුල් දහරා සදා නොවෙනස් ප්‍රේම කතාවක් වී හමාරය
                
               ---නිමි---
-------------------------------------------------------------


Comments

Popular posts from this blog