ඩිවෝස්

 


💔 ඩිවෝස් 💔

කෙටි කතාවකි..

🙏🙏🙏🙏🙏🙏🙏🙏

"තිවංක මං දැන් කොච්චර කල් ඉදන්ද ඩිවෝස් එක ඉල්ලන්නේ. පිලිස් මට දෙනවා. මට මේ මගුල වැඩක් නෑ"

"තිවංක වසර දෙකකට පස්සේ හිමාලිව දැක්ක මුල්ම වතාවේ ඇය කිව්ව වචන ටික එක"

"තිවංක හොද හුස්මක් අරන් ඇය දෙස බැලුවේ මේ තමා ආදරේ කල බිරිඳ ද කියලා"

"ෆයිල් එක මේසය මත තබා ඔහු අත්සන් දෙකක් දැම්මේ හිමාලිව පුදුම කරමින්"

"අත්සන් කල ෆයිල් එක ඇයට දුන්නේ අත්සන් කිරීමටයි"

"ඇය පුදුමෙන් බැලුවේ අවුරුදු දෙකක් දහස් වතාවක් විතර ඉල්ලු ඩිවෝස් එක ඔහු දෙන නිසාවෙනි"

"ඇය පෑන අතේ තියන් කල්පනා කලේ.. කටින් කිව්වද එය කිරිමට බියක් සිතේ ඇති බැවිනි"

"ඇය හිත හිතා ඉන්න විට නැන්දම්මා ඇවිත් ඇයට උදව් කලේ තමන්ගෙම දුවගේ විවාහය කඩා දැමීමට ශක්තියක් වෙමින්"

"මෙතරම් වෙලා චංඩි පාට් දැමු ඇය හුනා වගේ අර කොලේ අත්සන් කලේ වෙන කරන්න දෙයක් නැති නිසා"

"තිවංක අයේ ෆයිල් එක අර ගෙන අත්සන චෙක් කලේ හරියටම දැම්මද බැලීමටයි."

💔❤💔❤

"හිමාලි ඔයාට ඩිවෝස් එක දෙන්න එකම එක කොන්දෙසියක් තියෙනවා"

"මොකක්ද ? මට දුවව නම් දෙන්න බෑ"

"ඔයාට මගෙන් වන්දි ඔනද"

"නෑ එපා"

"ඇයි ඒ"

"මට ඔනේ මේ මගුලෙන් නිදහස් වෙන්න
 මට හොද කෙනෙක් ඉන්නවා"

"මම ඉල්ලන දේ දුන්නොත් විතරයි ඩිවෝස් එක දෙන්නේ"

"කියනවකෝ බලන්න"

"මට මගේ දුවත් එක්ක අද ඉදන් මාස තුනක් ඉන්න ඔන"

"කොහෙද ඔයාලගේ ගමේද?  එහෙ නම් බෑ"

"නෑ.. මං ගෙයක් හැදුවා චුට් දු වෙනුවෙන් මට මාස තුනක් දෙන්න එයත් එක්ක කාලය ගත කරන්න"

"ඊට පස්සේ"

"අද අත්සන් කල ෆයිල් එක උසාවි දාලා ඔයාට ඩිවෝස් එක දෙනවා. මම තාත්තා කෙනෙක්ට කරන්න බැරි අමාරුම දේ ඊට පස්සේ කරනවා"

"මොකක්ද"

"අයේ මේ ජිවිතේ කිසිම දවසක දූ ලගට එන්නේ නෑ කවදාවත් ම"

"ඔයාට ඔන නම් ඔයත් ඒ ගෙදර හිටියට කමක් නෑ.. දුව ඔයා නැතිව ඉන්න එකක් නෑ"

"ඔයාට මගෙන් නිදහස් වෙන්න ඔන නම් ඔයාට ඩිවෝස් එක ලැබෙන්නේ මේ විදියට විතරයි"

"ඇයයි නැන්දම්මායි මුනට මුන බලා ගත්තේ මොකද කරන්නේ කියලා"

"හරි මම කැමතියි"

"එහෙනම් ලැස්ති වෙන්න යන්"

"අනේ මට බස්වල යන්න බෑ"

"මට කාර් එකක් තියෙනවා දැන් "

💔❤💔❤💔❤

"තිවංක කාර් එකේ යන ගමන් ඇය දෙස බැලුවේ මීට වසර පහකට පෙර ඇය මගේ ඔෆිස් එකකට අලුතෙන් ආව දවස"

"එදා මාව ගල් ගැසුනේ ඒ ඇස් දෙක දැකලා"

"මගේ දස වසරක පාසල් ප්‍රෙමය අවසන් කොට ඇය නික්ම ගොස් සිටියදී.. මන් ඒ ආදරේ කල ඇස් දෙකම හිමි යුවතියක් මගේ ඉදිරිපිටට ඇවිත්"

"ඒ ඇස් දෙක විතරක් හෙවු මන් මේ මුඩුක්කු කෙල්ල බැදගත්තේ මහා ලොකු ආදරයක් බලාගෙන"

"අම්මලා එක්ක ගමේ ඉන්න බැරි උන ඇය අර මුඩුක්කුව කිට්ටුව කුලී ගෙදරක් ගත්තේ ලොකු ගානක් මාසෙකට මගෙ නැති කරමින්"

"අදික ලෙස කෙන්ති යන ඇය ඔනෑම සුන්දර මොහොතක් ශනිකව වලියකට හරවා ගනියි"

"හැම රංඩුවකම අවසානයේ ඇය හැමදාම එක වචනක් කියනවා "මට ඩිවෝස් එක දෙනවා"  කියලා"

"ඇය බැන්ද ගමන් නැන්දම්මා මට දුන්නා දෑවැද්දක් ඒ දුවගේ නමින් ගත්ත ලෝන් එකක් ගෙවන්න"

"කාලය ගෙවී ගියා.. අපිට දුවෙක් ලැබුනා.. ඒ චුට් බෝලේ මගේ ලොකේම උනා"

"එයා මට ගොඩක් ආදරේ කලා. මගේ අතින් බහින්නේ නැති තරම්"

"ඇයට එයාගෙ අම්මා, අම්මම උනා.. මගෙ අම්මා ජරා ගෑනි, ලෝබ ගෑනි උනා"

"එයාගෙ සහොදරයන් හොද අය උනා. මගෙ අය ජරා සත්තු උනා"

"එයා කොළඹ හතේ කුමාරිකාව උනා. 
මම ගම් බට්ටා උනා"

"මන් එයාට "සුදු" කියලා කතා කරනකොට, 
එයා මට" හරකා" බුරුවා" කිව්වා"

"එයාට හැමදාම පිසා කන්න ඔන උනා. ට්‍ර්ප් යන්න ඔන උනා"

කොහොම හරි අපි අවුරුදු දෙකක් විතර යහතින් හිටියා.

❤💔💔❤💔❤

"ප්‍රශ්න පටන් ගත්තේ මගෙ ජොබ් එක නැති උනාම අපිට සැහෙන්න සල්ලි කරදර ආවා. ගෙදර කුලියවත් ගෙවන්න බැරි උනා"

"ගමට යමු කිව්වම එකටත් බෑ කිව්වා..
මාව දාලා අර මුඩුක්කුවටම ගියා"

"මම එක්කන් එන්න කොච්චර උත්සාහ කලත් ආවේ නෑ.. හැමදාම වලි ගියා.. එයා ඒ හැම වෙලාවෙකම මගෙන් ඩිවෝස් එක ඉල්ලුවා"

"අවසානයේ නැන්දම්මාගෙ උවමනාවට මාව රට එව්වා"

"එ කාලේදි සෙරම නැති උනා.. අතින් බැහැපු නැති දුව වචනයක් වත් කතා නොකරන තැනට නැන්දම්මා පුරුදු කරා"

"හිමාලිට සල්ලි කාරයෙක් නැන්දම්මා සෙට් කරා. මගෙ පවුලම නැන්දම්මා විනාශ කලා"

"මුලින් මුලින් ටිකක් කතා කලාට අන්තිම අවුරුද්ද මේ අම්මයි දුවයි එක කෝල් එකක් ගත්තේ නෑ"

"මට අමාරුවෙන් හිත හදාගන්න උනා. මගෙ ජිවිතේම කියලා හිතුව දෙන්නා මගේ ඇස් පනාපිටම නැන්දම්මා නැති කරා"

"මේ මුඩුක්කු කෙල්ලගෙන් හොයපු එකම දේ ආදරේ අන්තිමට නැති උනා"

"කට්ටිය කියනවා දුප්පත් කෙල්ලෙක් බැන්දම සතුටෙන් ඉන්න පුලුවන් කියලා.. එත් උන් බදින්නේ සල්ලි තියෙන උන්"

"මටත් උනේ එක.. තියන කාලේ හොදින් හිටියා නෑ කියලා දැන ගත්තම වෙන සල්ලි කාරයෙක් හොයා ගත්තා"

"කෝ සෑබෑ ආදරේ....... කෝ හැමදාම ලගින් ඉන්නවා කියලා දුන් පොරොන්දු.. එවා වචන විතරයි"

"මන් අවුරුදු 5ක් මහංසි වෙලා අන්තිමට මට ඉතුරු ඩිවෝස් එක විතරයි"

"ආදරේ මොන බොරු වචනයක්ද ? මම දෙවෙනි පාරත් රැවටුනා"

"ඇය දිහා කාර් එකේ යනකොට මට අතිතය චිත්‍රපටයක් වගේ සිහි උනා"

❤💔💔❤❤💔💔

"දෙමහල් නිවස දැකලා හිමාලිගෙ ඇස් උඩ ගියා මන් දැක්කා.. ඇය පිහිනුම් තටාකයක් එක්ක තියෙන එලිමහනේ ඇස් කරකවලා
 බැලුවා"

"ගෙට ආවම එයා තවත් ඩිම් උනා.. ඒ ලස්සන දැකලා.. ගෙදර වැඩ කරන ලතා දැකලා ඇය හොදටම බය උනා"

"අර උදේ කෑගහපු කට දැන් ඩිම් වෙලා..මම ලතාට කිව්වා කාමර පෙන්නන්න කියලා"

"එයා හොදටම බය උනේ එයාගේ කාමරේ දැකලා.. මන් ගෑනු ලමයෙක්ට අවශ්‍ය ගැම දේම  කාමරේ පුරවලා තිබ්බේ"

"දුවගේ කාමරේත් හැමදේම ලස්සනට හදලා තිබුනේ"

"හිමාලි ඔයා ඔය ඕන දෙයක් පාවිච්චි කරන්න.. දින 90ට පස්සේ යනකොට ඔවා තිබුන විදිහටම තියලා යන්න ඔන"

"ඔවා ගත්තේ මගේ ආදරේ වෙනුවෙන් මම එයාව හොයනවා.. එයාව ඉක්මනට හම්බ වෙයි"

"මාස දෙකක් ගියා.. මම දුවත් එක්ක විනෝද උනා. ටිප් ගියා .. එයාත් එයාගේ හොර මිනිහා එක්ක හිටියා..තව මාසයයි තියෙන්නේ' 

❤💔❤💔❤💔❤💔

"මට නිසංසලා හම්බ වෙන්නේ මං ලංකාවට ආව දවස් වලම ගෙයක් හොයන කාලේ"

"දවසක් රැ පාරේ යනකොට කට්ටියක් කෙල්ලෙක්ව පැහැරගෙන ගියා මගේ ඇස් දෙක ඉස්සරහම"

"මම පස්සෙන් ගියා උනගේ තිත්පොලටම.. අරුන් නිසංසලාගෙ ඇදුම් සෙරම ගලවලා දුෂනය කරන්න යනවා"

"මං පොලිසිය ආව වගේ රගපාලා ඇයව බෙර ගත්තා.. ඇය අම්මා තාත්තා නැති අනාත නිවාසයක හැදුන යුවතියක්"

"පහුගිය මාස තුනේම ඇයයි මගේ තනිකම නැති කලේ.. මේ ගෙදර සෙරම දේවල් ලස්සන කලේ ඇයයි"

"මං ඇයගෙන් ඇහුවා මාව බදින්න කැමතිද කියලා.. ඇය මාව බදාගෙන ඇඩුවා. ඇය මට ආදරේ කරන්න පටන් අරන් මුල්ම දවසේ ඉදලම"

"තව මාසෙන් මම ඇයට පොරොන්දු උනා ඩිවෝස් එක දිලා බදින බවට"

❤❤❤❤❤❤

"මං ඩිවෝස් නඩුව ෆයිල් කලා. ඩිවෝස් එක ලැබුනා හිමාලි සතුටු උනා අර සල්ලි කාරයව බදින්න පුලුවන් නිසා"

"මට තව මාසයක් දුවත් එක්ක ඉන්න පුදුවන්.. දුව අයේ මට ආදරේ කරන්න ගත්තා.. එයාට තාත්තගෙ ආදරේ දැනෙන්න ඇති"

"ඇයගෙන් ඩිවෝස් උන නිසා මම නිසංසලාව ගෙදර එක්කන් ආවා බැදලම"

"අපි දෙන්නා ආදරේන් හිටියා හිමාලිට පෙන්නම.. දැන් කොහොමත් ඩිවොස් වෙලානේ"

"මාස තුන ඉවර වෙන්න තව සති දෙකයි ඉතුරු"

"හිමාලිගේ යාලු උන සල්ලි කාරයා ලොකු කූඩු වගයක් අහු වෙලා හිරේ ගියා.. සෙරම දේපල රජයට ගත්තා.. හිමාලිට උසාවි ගානේ පොලිසි ගානේ යන්න උනා"

"නඩුවෙන් අර මනුස්සයා අවුරුදු 5කට හිරේ ගියා.. හිමාලි තනි උනා"

"හිමාලිට මට කරපු දේ පඩිසන් දුන්නා.. මමයි නිසංසලායි පාඩුවේ හිටියා.. ඇය ආදරනීය බිරිඳක් උනා"

"මට වගේම එයාටත් ඔන උනේ ආදරේ විතරයි. එයාත් කාත් කවුරුවත් නැති නිසා වෙන්න ඇති"

"හිමාලි ඉන්න අන්තිම දවස උදා උනා.. ඒ වෙනකොට හිමාලි මේ ජිවිතේට හුරු වෙලා හිටියේ.. එයා අඩාගෙන දුවත් අරන් ගියා"

"මං දිනුම්ද ?  මම හොයපු ආදරේ මට ලැබුනා.. එත් මගේ ලේ... මගේ දුව අද ඉදන් දුක් විදිනවා" 

"දුවත් දැන් මේ ජිවිතේට හුරුවෙලා හිටියේ.. එයා මට ආදරේ කරා"

හිමාලි සල්ලි විතරක් හොයන්න ගිහින් අමාරුවේ වැටුනා මගේ දුවත් එක්කම

"දුවගේ උපන්දිනේ ආවා මම හිමාලගෙ හැමෝටම ආරාධනා කරලා පාටියක් දැම්ම දුව වෙනුවෙන් ගෙදර"

"කට්ටියම ආවා. නිසංසලා තමයි සෙරම කලේ"

"කේක් කපලා. මම දුවට තැග්ගක් දුන්නා..
මම එක ඇවිල්ලා හිටිය හැමෝටම ඇහෙන්න කතාවක් කරලා දුන්නේ"

"හැමෝගෙන් අවසරයි.. මගේ ජිවිතේ මං සතුටුම උන දවස මගේ දුව ඉපදුන දවස..
එයාව අතට ගත්ත මුල්ම දවසේ එයාගෙන් ආව සුවද මට තාම මතකයි.

"මං එදා පොරොන්දු උනා මගේ අතේ හිටිය එ කිරි කැටියට එයාගේ ජිවිතේ ලස්සන කරනවා කියලා.. එත් මට එයාව දාලා යන්න වෙලා.. 

"මන් එකට අවුරුදු දෙකක ඉදන් ලැස්තියි උනා.. මන් හිත හදාගත්තා මගෙ දුවව අමතක කරන්න. එත් උන පොරොන්දු අමතක කරන්න බෑනේ.. 

"මේ ගෙදර දුවගේ නමට ලියලා තියෙන්නේ.. බැංකු පොතට සල්ලිත් දැම්මා.. වියදමටත් සල්ලි දෙන්නම්.. 

"මට හම්බවෙලා ඉන්නේ මාර වයිෆ් කෙනෙක් එයා තමයි කිව්වේ සෙරම දුවට දෙමු කියලා.. 

"ගමට ගිහින් අම්මලාවත් බලන් ඉන්න එක තරම් සතුටක් තව නෑනේ.. මං අයේ කවදාවත් දුවව බලන්න එන්නේ නෑ.. මගේ සෙරම දෙවල් එයාගෙ අනාගතයට දෙනවා.

"මං හෙව්වේ සෑබෑ ආදරයක් මට එක ලැබුනා. ඉතින් තව මොනවද ඔනේ.. 

"මන් පොතක් ලියලා තියෙනවා දුවට මගේ කතාවම එයා ලොකු උනාම කියවයි.. එයා දවසක එයි මාව හොයන් ගමට.. මම බලන් ඉන්නවා එයා ලොකු වෙලා එනකන්..

"හිමාලි මෙන්න ඔයා හොයපු සල්ලී ඔයාට ලැබුනා.. මන් හොයපු ආදරේත් මට ලැබුනා
ඔයාට පුලුවන් ද මට එක උදව්වක් කරන්න"

අඩාගෙන කතාව අහගෙන හිටිය හිමාලි එකට කිසිම ප්‍රතිචාරය දැක්වුයේ නෑ.. එත් මන් එයා ලගට ගියා මේ ගෙදර දාලා යන්න මොහොතකට කලින්

"මන් ඔය ඇස් දෙකට ආදරේ කරා ඇති තරම්, ඔයා අයේ මේ ජිවත කාලේ ඔය ඇස් දෙක මගේ ඉස්සරහට අරන් එන්න එපා මං වැදලා කියන්නේ..

බුදුසරණයි 
පරිස්සමෙන් ඉන්න 

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

දුප්පත් කෙල්ලෙක් බැදලා ආදරේ විතරක් හොයන්න එපා. 

නිකන්ම ලයික් එකක් නොදා මොනවා හරි ලියලම යන්න..

ස්තුතියි 🙏 

එරන්ද රත්නසේකර

Comments

Popular posts from this blog