කොහෙද මේ ළමය උදේම යන්නෙ"
" clz යනව අයියෙ" 😊.
"මාත් ටවුන් එක පැත්තට තමයි යන්නෙ.නගින්න නංගි"
< div>
ඔව් ඒ මන් අවුරුදු ගානක් පස්සෙන් ගියපු කෙල්ල.එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නව කියල මීට ටික කාලෙකට කලින් මං දැනගත්තට පස්සෙ එයාගෙ පස්සෙන් යන එක මං නැවැත්තුව.ඒ එයාට කරදර කරන එකේ තේරුමක් නැති නිසා.ඒත් මගේ හිතේ එයාට තිබුන තැන කටවත්ම ගන්න බැරි උනා.ඔහොම කාලයක් ගත වෙනකොට ආයෙ මට ආරන්චි වුනා එයාගෙ ඒ සම්බන්ධය නැවතිලා කියල.ඇත්තටම මට ඒ වෙලාවෙ නම් දැනුනෙ සතුටක් ලොකු සතුටක් 😁.කෙනෙක්ගෙ දුකේදි සතුටු වෙන්න හොද නැහැ තමයි එත් මට එයාව ලබාගන්න තවත් අවස්තාවක් ලැබුනා කියලයි මට ඒ වෙලාවෙ හිතුනෙ.එදා ඉදන් අයේත් මං එයාගෙන් ආදරේ ඉල්ලුව.
එදා කෙල්ලගෙ උපන්දිනේ.ලස්සන ගවුමක් ඇදන් බෝනික්කියක් වගෙ ලස්සනයි.මගේ ආරධනය පිලිගත්ත එයා ත්රීවීල් එකට නැග්ග.කතා කර කර යනගමන් මං ශේප් එකෙ පාර අයිනෙන් නවත්තල නම්බර් එක දුන්න 😁.අම්මො මාව වෙව්ලනව පොඩි ආඩම්බරකමකුත් තියන නිසා බනීද කියලත් හිතුනා.😫.මෙන්න බොලේ මේකි ගත්ත 😍.ඊටපස්සෙ පොඩි හිනාවකුත් දාල,
" යමුද මට clz එකට පරක්කු වෙනව" කිවුවා.ඔව්නෙ මට සතුටට ඒකත් අමතක උනා 😜😜.
ටවුන් එක ලං වෙද්දිම ඔන්න හෙනහුරෙක් කඩාපාත් උනා වගේ ට්රැෆික් එකෙන් අපිව නැවැත්තුව .😫😫.
"කොහෙද යන්නෙ"
" නංගිව clz දාන්න සර්"😫
" දෙන්නගෙ ID ගන්නව බලන්න"
හපොයි දෙන්නගෙම ID පෙන්නුවොත් අතේ මාට්ටු.😨
"නංගිටනම් තවම ID නැහැ සර් 10 වසරෙ 😁"
බොරුවක් බොරුවක් මෙයා දැන් A/L 😁😁
පොලිසකාරය මට කින්ඩියට වගේ හිනාවක් දාල
" එහෙනම් පරිස්සමෙන් නංගිව ඇරවන්න්කො" කිවුව.ලැජ්ජාවෙ බැහැ.කෙල්ලත් හොදටම බයවෙලා .ඉක්මනින් එතනින් ගියා වටපිටවත් නොබලම.ටවුන් එකට ගිහින් මගෙ බෝනික්කිට බර්ත්ඩේ ප්රසන්ට් එකකුත් අරන් දීල clz එක ලගින් ඇරලවල මං ගෙදර ගියා.එදා තමයි මං ජීවතේ වැඩිපුරම සතුටු උන දවස.එදා ඉදන් අපි ගොඩක් ආදරේ කරා.
මං computer operator කෙනෙක් .කොළඹ තමයි ජොබ් එක කරන්නෙ ඒ නිසා මාසෙකට දවස් 7ක් 8ක් තමයි ගෙදර එන්න වෙන්නෙ. කෙල්ල මූන බලන්න නිවාඩු දවස් එනකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ මං.එයත් එහෙමයි.
මතකද මැනික මං නිවාඩු ආවම මගෙ පපුවට තුරුල් වෙලා තොරතෝංචියක් නැතිව කියවනව.මං පුංචි විහිලුවක් කරාම ඇස් රතු කරන් උබ මාව කොනිත්තනව රතු වෙනකන්.ඒ අතීතෙ මතකද.කිසිම දේකින් අඩුපාඩුවක් කරේ නැහැ නේද මං.ක්රීම් එක ශැම්පු එක පර්ෆියුම් එකේ ඉදන් ඒ හැමදේම තිබුනත් නැතත් මං අරන් දුන්න. උබත් එහෙමයි.මතකද මට අරන් දුන්න නිල් පාට ෂර්ට් එක.තවමත් ඒක පරිස්සමෙන් මගෙ ලග තියනව.
ආරංචි වෙනකොට සමහරුන්ගෙන් උබ අරහෙම කරනව මෙහෙම කරනව අරුත් එක්ක කතා කරනව මූත් එක්ක එකතුවෙලා ඩබල් ගේම් ගහනව කියල ඒ වචන වලට මාව පිච්චුනා රත්තරං .ඒ උබ ගැන අවිශ්වසෙකින් නෙමෙයි උබේ නමට කැලලක් කරන්න හදන උන් ගැන කේන්තියෙන් .මොක්ද උබ මට පිස්සුවෙන් වගේ කරන ආදරේ ඒ හැම දේටම වැඩිය විශ්වාස කරා මං.
නිවාඩු ආවම ඒ දේවල් උබෙන් අහන්න හිතන් හිටියත් ආව ගමන් තුරුල් වෙලා කොලම් කර කර මං ගාව හුරතල් වෙනකොට අහන්න හිත දුන්නෙ නැහැ මැනික.මෙච්චර ආදරේ කරන උබව සැක කරොත් මට පව්පිරෙයි හිතුවා.
ආව ගමන් මගේ ෆෝන් එක අරන් imo , whatsapp ඒ හැමදේම මුලක ඉදන් බලනව ඉතිම් මං කෙල්ලො එක්ක චැට් කරලද කියල.මං එහෙම නැහැ මැනික.හැබැයි බැරිවෙලාහරි මං උබේ ෆෝන් එක ඉල්ලුවොත්,
"ඇයි මාව සැකද අයියෙ හ්ම්ම් කමක් නැහැ බලන්න "😞..ඉතිම් මට බලන හිතෙයිද.
දිගින් දිගටම උබ ගැන එන වැරදි ආරංචිවල අඩුවක් නම් උනේ නැනැ.ඒ නිසාම ඒ ගැන ඇහල උබේ හිත රිදවන්න බැරි නිසා උබටත් හොරෙන් මං උබේ ෆෝන් එක හැක් කරා.දෙයියනේ මේ උබමද මැනික .මට මැරීගෙන ආදරේ කරපු උබමද.හිතාගන්න බැරි උනා ඇයි උබ තවත් කොල්ලො එක්ක මෙහෙම මැසේජ් කර කර හුරතල් වෙන්නෙ කියල.
හිතේ දුක තද කරන් උබ ලගට ඇවිත් මං ආදරෙන් ඇහුව ඇයි මට එහෙම කරේ කිය්ල.මගෙ කකුල් දෙක ලග වැද වැටිල අඩ අඩ උබව අමත්ක කරන්න එපා කියල කියද්දි තවත් ඒ ගැන අහල උබව රිදවන්න බැරි උනා මට.හැම දේම අමත්ක කරල ආයේ අදරෙන් හිටිය මං.ඒත් ටික දවසයි.
ආයෙ උබ ගැන නරක ආරංචි එද්දි මං ඒ ගැන හොයල බැලුව.ඒ දේවල් ඇත්ත.අපේ ගෙදරින් පවා උබට ගොඩක් ආදරේ කරා.මට විතරක් නෙවෙයි ඒහැමදේම ගෙදටත් ආරංචි උනා.උබේ නමවත් කියන්න තහනම් උනා එපේ ගෙදර.ඒත් මං සැරින් සැරේ සමාව දුන්න.13න් වතාවක් ආදරේ නාමෙන් උබට සමාව දුන්න කියල උබට මතකද දන්නෙ නැහැ .
මනුස්සයෙක්ගෙ ඉවසීමෙ සීමාවක් තියනව පස්සෙ මට තරහක් ඇති උනේ උබ ගැන .මං උබව රිදවන්න ගොඩක් බොරු කිවුව.මට වෙන කෙල්ලො ඉන්ව කිවුව.ෆ්බ් එකෙන් ලස්සන කෙල්ලොන්ගෙ ෆොටෝ හොයන් එව්ව මං.මං දන්ව උබට රිදුන.ඒත් ඒ හැමදේම බොරු මට කවදාවත් වෙන කෙල්ලෙක් හිටියෙ නැහැ .
රන්ඩු වලින් අඩුවක් උනේ නැහැ .දවස ගානෙ රන්ඩු උනා අපි.අපිට අපිව එපාවෙන තරම රන්ඩු උනා.ඒත් රන්ඩු වෙවී හරි එකට හිටියා.සමාව දිදී මං උබ එක්කම හිටිය.අවසානෙට උබම වෙනස් උනා.
"අයියෙ අපි රන්ඩුවෙනව විතරයි.අපිට මෙහෙම ජීවත් වෙන්න බැහැ.අනික ඔයාලගෙ ගෙදරින් මට කැමතිත් නැහැනෙ දැන්.මට ගෙදරින් කෙනෙක් හොයල.මං එයාට අපි අතරෙ උන හැමදේම කිවුව.එයා මට කැමති.සමහරවිට ලදිම එන්ගේජ් වෙන්න වෙයි"
මෙච්චර ආදරේ කරපු කිසිම අඩුවක් නොකරපු මටයි එහෙම කරේ.හරි කමක් නැහැ ඌත් එක්ක හරි හොදින් ඉන්න කියල මං පැත්තකට වෙන්න හැදුවෙ දුකක් නැති නිස නෙමෙයි මට කරන්න දෙයක් නැති නිසා.පාඩුවෙ ඉන්න හදන මට ඇයි රත්තරං පාඩුවෙ ඉන්න නොදෙන්නෙ.තවමත් උබ මට මැසේජ් කර කර මාව ඉල්ලනව.එදා වගේම අදටත් ඒ වචන වලට මාව පිච්චෙනව.ඌව අමතක කරන්නත් බැරි නම් මාව ඇයි තවත් රිදවන්නෙ මැනික.ප්ලීස් දැන් ඇති මට මහන්සි රත්තරං උබ නිසා මට ගොඩක් මහන්සි 😢😢😢😢😢😢.
මේ තමයි කතාවෙ වර්තමාන තත්ත්වෙ අවසානෙනම් කොහොම වෙයිද කියල තවම හිතාගන්න බැහැ.මම පෞද්ගලිකව ඒ දෙන්නව අදුරන නිසා මගෙ ප්රර්ථනාව නම් ඒ දෙන්න එකතු වෙන්න කියලා.
Comments
Post a Comment