අනාත කෙල්ල

 


"සීතල ම සීතල දවසක් ....නිතරෝම වහින වැස්ස දැන් නම් එපා වෙලා .පොරවනය යට හොදටම ගුලිවෙලා සෙහාසා තව ටිකක් නිදාගත්තා .
"බබා ඔයා වැඩට යන්න ඕනේ නේද ....නැගිටින්න නැගිටින්න ඉක්මන් කරන්න "
මේ වෙලාවට එලාම් එක වගේ අම්මා කෑගහන එක දැන් පුරුද්දක් වෙලා .සෙහාසා ඇදෙන් බිමට පැන්නා .
"අය්යාගේ ටී එක ගෙනිහින් දෙන්න ...බබා ..."
සෙහාසා රාහුල්ගේ තේ කෝප්පේ අතට අරන් රාහුල් ගේ කාමරේට දිව්වා .
"ඕක හැලෙයි ළමයෝ ....."
අම්මා කෑගැහුවා .සෙහාසා ට කිසිම ගානක් නෑ .සෙහාසා රාහුල් ගේ කාමරේට එබුනා .
"අය්යා....."
හැමදාම වගේ අදත් සෙහාසා ගේ ඇස් වලට කදුලු පිරුනා .
"මොකද පිස්සි මේ"
රාහුල් ඇහුවේ වීල් චෙයා එකෙන් සෙහාසා ලගට එන ගමන් .
"අපි කොහොම හරි සනීප වෙමු අය්යා "
සනීප කරන්න බැරි බව දැනගෙනත් සෙහාසා කිව්වා .
"මං මෙහෙම ඉන්න ආසයි චූටි....ඉස්සර ඔයා මට බැන්නේ ගෙදර ඉන්නේ නෑ චුට්ටක් වත් බිස්නස් බිස්නස් මුලු ජීවිතෙම බිස්නස් කියලා ....දැන් ඉතින් මං ඉදලා හිටලා නේ එලියට යන්නේ “
රාහුල් කිව්වේ හිනාවෙලා .සෙහාසා ට හය්යෙන් ඇඩුනා .
"මං හිත හදාගෙන ඉන්නේ චූටි ..ඔයා අඩලා ආයෙම මාව අන්තිම බිංදුව ටම වට්ටන්නද හදන්නේ “
සෙහාසා හිස වනලා නෑ කිව්වා .
"ඉතින් කොහොමද ඔයාට ඔෆිස් එක හොදයි ද ...."
"ආනේ කියන්න අමතක උනා නේ අනේ ...අලුත් ගර්ල් කෙනෙක් ආවා .මාරම ලස්සනයි අප්පා ....අපේ බොසත් ලයින් වගේ ...බර අත්තක් වගේ .ලස්සනට අදිනවා...හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්නවා ..මාත් එක්කම තමයි ඉන්නේ ...වෙලාවක එක්ක එන්නම් ...ඔයාට බලන්න “
"හ්ම්ම්......"
සෙහාසා ඔෆිස් ගියේ රාහුල් ට කෑමත් කවලා .රාහුල් ඔෆිස් රූම් එකට ගියේ ඊටත් පස්සේ .අම්මා මිදුල අතුගානවා රාහුල් ට ජනේලෙන් පේනවා.'අම්මා පව්'රාහුල් ට හිතුනා .ඔෆිස් රූම් එක අපිලිවෙලයි සෙහාසා ට කියලා ඉරිදාවක අස් කරගන්න ඕනේ .
            සෙහාසා ගියේ ඔෆිස් වෙහිකල් එකේ.යනකොටත් හිරුකි මග බලාගෙන ."ගුඩ් මෝනිං හිරූ...."
"ගුඩ්මෝනිං...ෂාෂා...."
"ඉතිං..."
"කිතුල්"
දෙන්නම හය්යෙන් හිනාඋනා .බොස් ලගට එනවා දෙන්නම දැක්කේ නෑ .
"ගුඩ් මෝනිං ගර්ල්ස්..."
"ගුඩ්මෝනිං සර්"
"හිරුකි...පොඩ්ඩකට මගේ රූම් එකට එන්න "
හිරුකිට සෙහාසා ගේ මූන දිහා බැලුනා .
"පරිස්සමින් ගිහින් එන්න ...."
සෙහාසා කනට කරලා කිව්වා .හිරුකි අකමැත්තෙන් බොස්ගේ කාමරේට ගියා .ටික වෙලාවකින් හැමෝම පුදුම කරගෙන හිරුකි එලියට ආවේ අඩාගෙනම .
"මොකද උනේ ....හිරූ"
හැමෝම ඇහුවේ පුදුම වෙලා .
හිරුකි සෙහාසා ගේ අතින් ඇදගෙන වොෂ් රූම් එකට ආවා .
"මොකද උනේ ...හිරූ...කියන්න කෝ මාව බය නොකර “
"ඒ තිරිසනා මාව කිස් කලා ..ඊයා....මේ...මං කන පැලෙන්න දෙකක් ගැහුවා ෂාෂා ..."
"දෙවියනේ...."
"මං දැන් යනවා ෂාෂා ආයේ වැඩට එන්නේ නෑ ...."
"චුට්ටක් හිටපං කෙල්ලේ...උඹ මෙහෙම ගෙදර දිව්වාම ගෙදර මිනිස්සු බය වෙන්නෙ නැත්ද"
හිරුකිට කදුලු අතරින් හිනාගියා .
"එහෙම වෙන්න  මට ගෙදරක් තියෙන්න එපැයි ...මගේ කියලා කව්රුත් ඉන්න එපැයි ...."
සෙහාසා ඇස් ලොකු කරගෙන හිරුකි දිහා බලන් හිටියා .
"චුට්ටක් හිටපං මං ෂෝට්ලීව් දාලා එන්නං අපි දෙන්නා අපේ ගෙදර යං මට උඹ ත් එක්ක කතා කරන්න ඕනේ “
සෙහාසා දුවගෙන ඔෆිස් රූම් එකට ගියා .ආපහු ආවේ මූන නරක් කරගෙන .
"මට යන්න දෙන්න බැරිලු ..."
සෙහාසා පුටුවට කඩන් වැටුනා .
"මං යන්නං ෂාෂා ....හැමදාම හැම තැනදිම මට උරුම උනේ පරාජය විතරයි මං දැන් ඒකට පුරුදු වෙලා ...."
"අනේ හිරූ යන්න එපා “
හිරුකිගේ ඇස් වලත් කදුලු පිරුනෙ ...සෙහාසා ගේ යාලුකමට .
"මං කියන්න ද....මං කෝල් කරලා ගෙදර වාහනේ ගෙන්නල දෙන්නං ඔයා අපේ ගෙදර යන්න ....හිත නිදහස් උනාම ආපහු යන්න...අම්මා ඉන්නේ ගෙදර ..."
"හ්ම්ම්...එහෙම කරන්නම් හැබැයි වාහන ඕනේ නෑ මං බස් එකක නැගල යන්නං...."
හිරුකිට ත්‍රීවීලර් එකකට සල්ලි දුන්නේ සෙහාසා .
         පොල්වත්තක් මැද්දේ පරණ උනත් ලස්සන ලොකු ගෙයක් .හිරුකි ත්‍රීවීලර් එකෙන් බැහැලා ගේට්ටු පියනක් ඇරලා ඇතුලට ගියා .
"එන්න දුව මං මේ මග බලාගෙන හිටියේ "
සෙහාසා ගේ අම්මා හිරුකිගේ අතින් අල්ලගත්තා .හිරුකි බිම දණගහලා ඒ අම්මා ට වැන්දා .'හොද හැදිච්ච දරුවෙක් හොද පව්ලක වෙන්න ඇති 'සෙහාසාගේ අම්මා ට හිතුනා .
"දුව උදේට කාලාද....අපි මොනවා හරි කාලා ඉමු"
"මට බඩගිනි නෑ අම්මෙ ....පස්සේ මොනවා හරි කමු...පුලුවන් නම් මට තේ චුට්ටක් ...සීනී අතට ඕනේ “
පුදුම ළමයෙක් .සෙහාසා ගේ අම්මා ට ආයෙමත් හිතුනා .සීනි කකා කෙල්ල තේ එක බොන්න විනාඩි දහයක් විතර ගත්තා .
"අම්මා මොනවාද මේ කරන්න හදන්නේ “
"උයන්න ඕනේ පුතේ ...සෙහාසා ගේ අය්යා ට හැමදාම රස්නෙන් කන්න ඕනේ “
"ම්ම්ම්....හරි අම්මා අද නිවාඩු ගන්න ...මමයි උයන්නේ"
"අනේ පුතේ ඔයා ඉස් ඉස්සරලම ගෙදරට ආවේ අද ඔයාගෙන් වැඩ ගන්න පුලුවන් ද "
"අම්මා ඉන්නකෝ මං ආසාවෙන් නේ කරන්නේ ..."
සෙහාසා ගේ අම්මා පැත්තකට වෙලා බලන් හිටියා .කෙල්ල කඩිසර කමට වැඩ කරන හැටි බලන් ඉන්න ආසයි .සෙහාසා ට නම් හිරුකිත් එක්ක හැරෙන්නවත් බෑ කියලා අම්මා ට හිතුනා .
"අම්මේ....දැන් නම් මට චුට්ටක් නාගන්න ඕනේ ...ෂාෂා ගේ ඇදුමක් දෙන්න පුලුවන් ද "
"මොනවද පුතේ දෙන්න පුලුවන් ද අහන්නෙ ...එන්න මාත් එක්ක එයාගේ කාමරේ පෙන්නන්න ඔයාට ඕනේ දෙයක් ගන්න "
හිරුකි අම්මා පිටිපස්සෙන් සෙහාසා ගේ කාමරේට ගියා .සුදු පාට මල් වැටිච්ච රතු පාට ගවුම ඇදගත්තේ වත්ත පහල ළිදෙන් හොදට නාලා .
"අය්යා කෑමට එනවාද අම්මෙ ...."
"එයා...ඉන්නේ ගෙදර පුතේ ...."
අම්මා කිව්වේ සුසුමක් එක්ක .
"අපි යං කෑම කන්න ...මං එයාව එක්ක එන්නං "
හිරුකි කෑම මේසෙට වාඩිඋනා.රාහුල් දැක්කම හිරුකිට උන් තැනින් නැගිට්ටවුනා .
"වාඩිවෙන්න....නංගී මේ හිරුකි වෙන්න ඇති ....හිරුකි....ඇයි අද ඔෆිස් ගියේ නැත්ද...."
හිරුකි ගේ මූන වෙනස් උනා .උදේ සිද්ද උනු දේවල් ඇස් ඉස්සරහ මැවි මැවි පෙනුනා .කදුලු පේලියක් කම්මුල් දිගේ ගලාගෙන ගියා .
"ඇයි....මේ ..."
රාහුල් බයවෙලා වගේ ඇහුවා .හිරුකි ඉක්මනට කදුලු පිහදගත්තාට ජම්බු ගෙඩියක් වගේ මූන රතු වෙලා තිබුනා .
"වාව්....අදනම් කෑම රසයි ....අම්මාටත් අමුත්තෙක් එන්නම ඕනේ අපිට රහට කෑම ටිකක් හදලා දෙන්න “
"හා...හා..අද ඉව්වේ මං නෙවෙයි අමුත්තම තමයි කෝ ඉතින් එපා කිව්වට ඇහැව්වද "
හිරුකි යාන්තමට හිනාඋනා .රාහුල් හරි ලෝබ කමෙන් ඒ ලස්සන බැලුවා .
"පුතා...අර ළමයා දැන් ටික දවසක් මෙහේ ආවේ නෑ නේද ...."
"හ්ම්ම්...."
රාහුල් කිව්වේ එච්චරයි .සෙහාසා කඩාගෙන බිදගෙන කෑම මේසෙට ආවේ ඒ වෙලාවේ .
"අම්මෝ...මේකිගේ ලස්සන ....මගේ ගවුමක් ඇදගෙන ...."
හිරුකි ව දැක්කම සෙහාසා කෑගහලා කිව්වේ සන්තෝසෙට .කෑම කාලා දෙන්නම වත්ත පහලට ගියා .
"අය්යා පව්....ඇයි මට අය්යා ගැන නොකිව්වේ ෂාෂා ...."
"අය්යා ගැන කියන්න කලින් මං හිරූ ගැන දැනගන්න එපැයි ...."
"මං...ගැන මොනවා කියන්න ෂාෂා ....මං ඔයාට ආශ්‍රය කරන්න තරම් වත් සුදුසු කෙනෙක් නෙවෙයි "
"මොනවද මෝඩි මේ කියවන්නේ ...හරි එහෙනම් මට දැනගන්න ඕනේ නෑ ...මොනවා උනත් උඹ හොදට හැදිච්ච හොද ගතිගුණ තියෙන යාලුවෙක් මට ඒ ඇති...යමංකෝ අය්යා ගේ ඔෆිස් රූම් එකට "
සෙහාසා හිරුකි වත් ඇදගෙන රාහුල් ගේ ඔෆිස් රූම් එකට ගියා .අපිලිවෙලට තියෙන ඔෆිස් කාමරේ දැක්කම හිරුකි ට හිතුනෙම අස් කරලා දාන්න .
"ෂාෂා...අපි අය්යා ගේ ඔෆිස් රූම් එක ලස්සන කරමු ද අය්යා අකමැති නැත්නම් “
හිරුකි කිව්වේ හිමිහිට සෙහාසා ගේ කනට කරලා .රාහුල් හිටියේ බෙඩ් රූම් එකේ .කාලා ටිකක් වෙලා නිදාගන්න එක රාහුල් ගේ පුරුද්දක් .රාහුල් ආයෙම ඔෆිස් රූම් එකට එනකොට හිරුකි ආපහු යන්නත් ගිහින් .
"වා....ව්...ෂාෂා ...කව්ද මෙහෙම කලේ ...."
"මං නම් නෙවෙයි ...හිරුකි "
"කෝ හිරූ....."
"ගියා..."
"ඔ...හ්   ...අපරාදේ "
"හිරූට ප්‍රශ්නයක් අය්යා ....අපේ බොස්ගෙන් කෙල්ලට කරදරයි අදත් ප්‍රශ්නයක් වෙලා බොස්ගේ කනටත් ගහලා ජොබ් එකත් එපා කියලා ඔය ආවේ අපිට පුලුවන් නම් කෙල්ලට උදව්වක් කරන්න "
සෙහාසා කිව්වේ රාහුල් ගේ උත්තරයක් බලාගෙන .
"ලොකු සැලරි එකක් දෙන්න නම් බෑ එයාට පුලුවන් නම් මාත් එක්ක වැඩ කරන්න එන්න කියන්න ෂාෂා ..."
"අනේ තෑන්ක්ස් ඔයාට ....උම්...මා"
සෙහාසා රාහුල් ගේ මූන ඉම්බා .
"හෙටම එන්න කියන්නං....ඔයාගේ කුමාරිහාමි මොනවා කියයිද දන්නේ නෑ හැබැයි කෙල්ල ලස්සන නිසා ඔයා එක්ක තනියම ඉන්න දෙන එකක් නෑ එයා "
"එයාට දැන් මාව ඕනේ නෑ කෙල්ලේ...ඒ ඉස්සර මට ඇවිදගන්න පුලුවන් කාලේ "
රාහුල් කිව්වේ දුකින් .හිරුකි පහුවදා උදේම සෙහාසා ගේ ගෙදර ට ආවා .රාහුල් එක්ක වැඩ කරන්න එක පයින්ම කැමති උනේ වෙන කරන්න දෙයක් තිබුනේ නැති හින්දා .ටික දවසක් වැඩ කරගෙන ගිහින්  හිරුකි සෙහාසා ගේ ගෙදර ම නතර උනා .රාහුල් ගේ ඔෆිස් එකේ වැඩ දැන් වෙනදා වගේ නෙවෙයි පිලිවෙලයි .නිදහස් වෙලාවට අම්මා ටත් උදව් කලා .හිරුකි හින්දා දැන් හැමෝම සතුටින් .ගොඩක්ම රාහුල් .රාහුල් ගේ පාලු ජීවිතේ හිරුකි නිසා එළිය උනා .හිරුකි ගේ හිනාව හිරුකි ගේ දාංගලේ ලග රාහුල් ට මුලු ලෝකෙම අමතක උනා .මැරි කරන්න හිටිය මේඛලා පවා.
"හිරූ....මට දෙයක් කියන්න ඕනේ “
"කියන්න...බොස්...."
"බොස්..."
රාහුල් හිරුකි ගේ කනෙන් අල්ලගත්තා .හිරුකි ට රාහුල් ගේ මූන දිහා බැලුනා .වචන පටැලවුනා.හිරුකි රාහුල් ලග දණ ගහගත්තා.
"මගේ ඔෆිස් රූම් එක ....පිලිවෙලට හැදුවා වගේ ....මගේ ජීවිතේ ත් ලස්සනට අස් කරලා දෙන්න හිරූ....ඔයාට පුලුවන් ද ...ම්ම්ම්.....කියන්න "
හිරුකි ගේ ඇස් කදුලින් බර උනා .
"ඔයා කැමති නෑ ....හිරූ මං වගේ අබ්බගාතයෙක් ඔයාට කොහොමත් ගැලපෙන්නේ නෑ ඒක මං දන්නවා ....ඒත් මං දන්නේ නෑ මට මේඛලා ලගදිවත් නොදැනුන මොකක්දෝ හැගීමක් ඔයා ලගදි දැනෙනවා .ඔයා දකින්නේ නැතුව මට තත්පරයක් වත් ඉන්න බැරිවෙයි හිරූ..."
"රාහුල්...."
මේඛලා කාමරේට එබුනා .හිරුකි හිමිහිට රාහුල් ලගින් පැත්තකට උනා .
"මේඛලා......ඔයා ..."
"ඔව්...මං තමයි රාහුල් ....මං ආවේ ඔයාට දෙයක් කියලා යන්න “
මේඛලා කිව්වේ අමුතු විදිහට හිනාවෙලා .හිරුකි එලියට යන්න හදද්දි මේඛලා හිරුකි ගේ අත තදකරලා අල්ලගත්තා .
"ඔයාත් ඉන්න ...ඔයාට ත් සතුටුදායක ආරංචියක් මට හදිසියෙම රට යන්න වෙලා රාහුල් කවදා එන්න වෙයිද දන්නේ නෑ අප්පච්චි ගේ බිස්නස් වැඩ වලට ...මං එනකං බලන් ඉන්න එපා රාහුල් ....
"
"මේඛලා...."
"ඔව්....රාහුල් ...අපේ මැරේජ් එක සිද්දවෙන්නේ  නෑ .අප්පච්චිලා දැන් ඒකට කැමති නෑ "
"අප්පච්චිලගේ කැමැත්තෙන් නෙවෙයි අපි අපිට පොරොන්දු උනේ මේඛලා ...ඇයි දැන් ඔයා මේකට අප්පච්චිව ගාව ගන්නේ “
"ඔව්...රාහුල් ඇත්තම කිව්වොත් ...මමත් දැන් මේකට කැමති නෑ “
මේඛලා කිව්වේ පපුවට පිහියකින් අනිනවා වගේ .රාහුල් සරදමට හිනාවෙත්දි ඇස් වලට කදුලු පිරුනෙ හිරුකි ගේ .
"ඔයා දන්නවා රාහුල් ...මට ඕනේ ගොඩක් සැපවත් ජීවිතයක් ....ඔයාට මාව සතුටින් තියන්න බෑ .ඔයාගේ බිස්නස් වැටිලා ...මට නිකං හවුස් වයිෆ් කෙනෙක් වෙන්න බෑ ...ඔයාට හරියන්නේ මේ වගේ කාත් කවුරුවත් නැති අනාථ ගෑනියෙක් තමයි “
"මේඛලා...උඹ යන දේවාලෙක පලයන් ගෑනියේ....ඒත් හිරූට තව වචනයක් කිව්වොත් මගේ ඉවසීමේ සීමාව ඉක්මවා යයි` "
මේඛලා හිනාඋනා .හිරුකි ඉකිගගහා ඇඩුවා .
"එන්න මං ලගට ....."
රාහුල් අත දික්කලා.
"කියන්න මට කැමතිද නැත්ද...."
"මේඛලා මිස් කිව්වා හරි ....මහත්තයෝ මං අනාථ කෙල්ලෙක් තමයි ...මේ වෙනකං හිටියේ අනාථ නිවාසේ....මට මහත්තයා ගේ දෙපාමුල දූවිල්ලක්වත් වෙන්න බෑ ”
"මං අහපු ප්‍රශ්නෙට උත්තරේ ඕක නෙවෙයි හිරූ...."
රාහුල් කිව්වේ සැරෙන් වගේ .
"මං....මං....රාහුල් මහත්තයා ට ආදරෙයි"
"මට ඕනේ එච්චරමයි ...අනිත් දේවල් බලාගන්නේ මම....මේඛලා ලංකාවෙන් යන්න කලින් අපේ වෙඩින් එක ගන්න ඕනේ ....හ්ම්ම් ...දැන් ගිහින් මහත්තයා ට රසට තේ එකක් හදාගෙන එන්න ...යන්න නේද කිව්වේ "
හිරුකි කදුලු පුරෝගෙන බලන් ඉත්දි රාහුල් හිනාවෙලා කිව්වා .අනේ...ඇත්තටම ඔයා මගේ වෙනවානම්.හිරුකි ට හිතුනා.ඒත් හිරුකි වගේ අනාථ කෙල්ලෙක් ට රාහුල් ව දෙන්න ඒ අම්මා යි නංගියි කැමති වෙන්නෙ නැති වෙයි .හිරුකි රාහුල් ට හොරෙන් රෙදි බෑග් එකත් අරගෙන ආපහු අනාථ නිවාසෙට ගියා .
"හිරුකි...මේ විදිහට යන්නයි එන්නයි ගියාම අපි කොහොමද ඔයාගේ වගකීම ගන්නේ .....ඔයාව ආයෙමත් බාර ගන්න අපිට බෑ."
"අනේ මිස්...මං ආයෙමත් කොහෙවත් යන්නේ නෑ මිස්...අනාථ නිවාසෙක හැදුන  ළමයි හැමදාම අනාථයෝ තමයි මිස් එතනින් එහාට යන්න අපිට බෑ.නපුරු ලෝකයක් "
හිරුකි අඩන්න ගත්තා .
"හිරුකි.....ඔයාව හම්බවෙන්න මහත්තයෙක් ඇවිත් ...."
"මාව...."
හිරුකි පුදුම වෙලා කාර්‍යාල කාමරේට ගියා .කවදාවත් දැකලා නැති කෙනෙක් .
"හිරුකි....අපි ආපහු යමු....ඔයා කොහොමද අස්වීම දෙන්නේ නැතුව ජොබ් එක දාලා ආවේ ...ඔයා දන්නවා ද සදගල ගෲප් කියන්නේ වගකීමක් ඇති ආයතනයක්.මිස්ටර් සදගල ඔයාව ආයෙමත් කැදෙව්වා ...අපි යං”
හිරුකි පාලිකාව ගේ මූන බැලුවා .
"යන්න හිරුකි "
හිරුකි ට වෙන මාර්ගයක් තිබුනේ නෑ .හිරුකි දන්න සදගල ආයතනයක් නෑ .වෙන දෙයක් උනාවේ යන්න තැනකුත් නෑ .එන දේකට මූන දෙනවා.හිරුකි වාහනේ පිටිපස්සේ ෂීට් එකට නැග්ගා .කොහේ යනවද නොදැන ඔහේ ගියේ කිසිම අරමුණක් නැතුව .ලස්සන ලොකු ගෙයක් ලග වාහනේ නතර උනා .එලියට ආවේ වයස හැට හැත්තෑවක ගැහැනු කෙනෙක් .
"හිරුකි....ට මෙහේ පරිස්සමට ඉන්න පුලුවන් ..ඕනේ දෙයක් තියෙනවා නම් සීලම්මට කියන්න ...."
"එන්න නෝනා "
හිරුකි ගේ ජීවිතේටම ගරු කරලා කතා කලා නම් ඒ සීලම්මා විතරමයි .
"නෝනට කෝල් එකක් ....මහත්තයා ගෙන් "
"මහත්තයා.....කව්ද සීලම්මේ"
හිරුකි රිසිවරය අතට ගත්තේ එහෙම අහගෙන .
"ඇයි....රාහුල් මහත්තයා ඇරෙන්න වෙන මහත්තුරු ගොඩක් ඉන්නවා ද...."
දුරකතනය දිගේ ගලාගෙන ආවේ රාහුල් ගේ හඩ.
"රාහුල් මහත්තයා ...."
"හ්ම්ම්ම්...රාහුල් මහත්තයා තමයි  රාහුල් මහත්තයා ට ආදරෙයි කිව්වා ට පස්සේ ආයේ පැනලා යනවා බොරු ....හරිද මැඩම්
වෙඩින් එකට හැමදේම ලැහැස්තියි .නංගි එයි එයත් එක්ක ගිහින් සාරිය සිලෙක්ට් කරගන්න හිරූ"
රාහුල් කිව්වේ එච්චරයි .ඒත් එක්කම ගෙට ගොඩඋනේ සෙහාසා .
"ෂාෂා ......"
හිරුකි සෙහාසා ව බදාගෙන ඇඩුවා .
"සමාවෙන්න.....මට ...අනේ මං රාහුල් මහත්තයා ව උදුරගත්තා නෙවෙයි ෂාෂා අනේ එයාට තේරුම් කරන්න කෝ මං එයාට විතරක් නෙවෙයි ඔයාලට වත් ගැලපෙන කෙනෙක් නෙවෙයි ෂාෂා "
"අනේ පිස්සි....එයා ගත්ත තීරණයක් කාටවත් වෙනස් කරන්න බෑ  .....හ්ම්ම් අපි යං පරක්කු වෙනවා “
සෙහාසා හිරුකි ව ඇදගෙන වගේ එක්ක ගිහින් වාහනේට නැග්ගා .සාරිය සිලෙක්ට් කලේ සෙහාසා යි කාරෙකේ ඩ්‍රයිවයි හිරුකි රූකඩයක් වගේ බලන් හිටියා විතරයි .සතියක් ගෙවිලා ගියේ විහග වේගෙන් .වෙඩින් එක දවස උදාඋනා .හිරුකි ව එක්ක යන්න එදා වාගෙම ආවේ ඩ්‍රයිවර් විතරයි .හිරුකි කවදාවත් දැකලා නැති තරම් ලස්සන හෝටලයක් .ඇන්දට පස්සේ හිරුකි පුංචි සුරංගනාවියක් වගේ .සෙහාසා ඇවිත් හිරුකිව වැලදගත්තා.රාහුල් ගේ අම්මා ආවේ ඊට පස්සේ .
"අම්මේ....."
හිරුකි අම්මා ගේ දෙපාමුල වැද වැටුනා .
"අඩන්නේ...නෑ ....ලස්සනට හිනාවෙන්න....රාහුල් වගේම සෙහාසා වගේම මේ අම්මා ත් ඔයාට ගොඩක් ආදරෙයි....තේරුනා ද”
හිරුකි හීනි කදුලක් පිහදගත්තා .රාහුල් ලස්සනයි ගොඩක්ම ගොඩක් ලස්සනයි .වීල්චෙයා එක නොතියෙන්න රාහුල් රාජ කුමාරයෙක් වගේ හැඩයි.විවාහය රෙජිස්ටර් කරත්දි මේඛලා ත් එක්ක මේඛලා ගේ ගෙදර හැමෝමත් ඇවිත් හිටියා .ඒ මූනේ කිසිම දුකක් තිබුනේ නෑ .
"දැන් තියෙන්නේ පෝරු චාරිත්‍ර කරන්න තමයි “
හිරුකි ට රාහුල් ගේ මූන බැලුනා .
"ඇයි....හිරූ....ඔයාට දුකයිද ...පෝරු චාරිත්‍ර කරන්න බැරි වෙන හින්දා ....නෑ හිරූ හැමදේම ඔයාට ඕනේ විදිහට වෙයි.."
.රාහුල් ගොඩක් තදින් හිරුකි ගේ අත අල්ලගත්තා .කිසිකෙනෙකුට අදහගන්න බැරිව යද්දී රාහුල් වීල්චෙයා එකෙන් බැහැලා හිරුකි ලගින්ම හිට ගත්තා .
"පුතා..,.අය්යා ...,.රාහුල් ..,..ඔයා ..."
ඇහුනේ එකම විදිහේ වචන ටිකක් විතරයි .හිරුකි සතුටු කදුලින් රාහුල් දිහා බලන් හිටියා .මේඛලා ගේ මූන මැලවිලා ගියා .
"කන්ගැජුලේෂන්....මිස්ටර් සදගල ...."
"සදග....ල"
මේඛලා ඇහුවේ පුදුම වෙලා .
"ඔව්...මේඛලා ...මමයි සදගල ..,.හොටෙල් සදගල ...මගේ එතකොට සදගල ඇඩ්වටයිසින් ,සදගල කා සේල් එක ඒකත් මගේ ....ඇක්සිඩන්ට් එකෙන් මං වැටුනට මගේ බිස්නස් වැටුනේ නෑ මේඛලා ....තිබුනාටත් වඩා වැඩි දියුණු උනා ....එක යහපතයි මට සිද්ද උනේ ...ඔයා වගේ සල්ලි මත්තෙම නැහෙන චපල ගෑනියෙක් අදුරගත්තා.අබ්බගාතයෙකුට උනත් ආදරේ කරන්න පුලුවන් ලස්සන ගෑනියෙක් මට හම්බඋනා ...මගේ හිරූ...මට කියලා දුන්නා ....ආදරේ කියන්නේ සල්ලිවත් මනුෂ්‍යයෙක්ගේ බාහිර පෙනුම වත් නෙවෙයි කියලා ...."
මේඛලා ට ඇඩුනා .ගොඩක් ඇඩුනා.අහිමි කර ගත්තේ කොච්චර වටින ආදරයක්ද කියලා දැනෙන කොට රාහුල් ගොඩක් දුර ගිහින් ....ගොඩක් දුර හිරුකි ත් එක්ක .
"හිරූ...ලස්සන ද මං සිලෙක්ට් කරපු වෙඩින් සාරිය ...."
"සුදු මහත්තයා ....ඔයා ...බොරු කියන්න එපා ෂාෂා යි ඩ්‍රයිවයි  ..."
"හ්ම්ම්....ඒ ඩ්‍රයිව තමයි රාහුල් .....අදුරගත්තේ නෑ  නේද මෝඩි “
"අනේ....ඔයා නම් ...."
"මේ...මේ...දැන් ඕවා කියන්න වෙලාවක් නෑ ....දැන් මගේ වෙලාව....මෙහේ එනවා ...."
රාහුල් හිරුකි ව සවිමත් දෑත් වලින් ඔසව ගත්තා ....හිරුකි රාහුල් ගේ බෙල්ල බදාගෙනම කම්මුලක් ඉම්බා ....රාහුල් ගොඩක් ආදරෙන් ගොඩක් පරිස්සමින් රෝසමල් යහනාවේ හිරුකි ව සැතපුවේ හාදු වැස්සකුත් එක්කමයි .........❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤........
                                        නිමි.         
                         කතෲ අයිතිය - රුක්ෂි පෙරේරා
                                                   

Comments

Popular posts from this blog